Verbal Communication
වාචික සන්නිවේදනය යනු, වචන භාවිතා කරමින් සිදුකරන සන්නිවේදනය යි.මිනිසා වාචික සන්නිවේදනයේ කොටස්කරුවෙකු වීමට පෙර නිර්වාචික සන්නිවේදනය තුළින් අන්‍යෝන්‍ය සන්නිවේදනයේ යෙදී ඇත.නමුත් මානවයාට සිය අදහස් හා හැඟීම් සංකීර්ණ ලෙස හුවමාරු කර ගැනීමට ඒ තුළින් නොහැකි විය.එකී තත්ත්වය මත මිනිසා භාෂාවක කොටස්කරුවකු වෙමින් වාචික සන්නිවේදනයට යොමු විය.
'කිසියම් භාෂාවක් පදනම් කරගනිමින් වචන භාවිතයෙන් සිදුකරන සන්නිවේදනය" වාචික සන්නිවේදනය ලෙස හඳුන්වයි.
වාචික සන්නිවේදනයේ විවිධ කාර්යයන්
පුද්ගලයින් අතර තොරතුරු හුවමාරුව.
ආදරය, කරුණාව ,දයාව පිළිබිඹුව.
ඉගැන්වීම, උපදෙස් දීම, මඟ පෙන්වීම
පෙළඹවීම.
සාමය සමාදානය හා ගැටුම් සමථයකට පත්කිරීම.
සිතෙහි ඇතිවන ආවේග සීමා කිරීම
පුද්ගල පෞරුෂය ගොඩනැංවීම.
මානව සබඳතා පැතිරවීම හා පාලනය
සමාජීයිය යහ පැවැත්ම ඇති කිරීම
වාචික සන්නිවේදනයේ සෑම පුද්ගලයකු තුළම එක හා සමාන තත්ත්වයන් තුළ සිදු නොවේ. එක් එක් පුද්ගලයින්ගේ වාචික සන්නිවේදන හැකියාවන් විවිධාකාර වේ.වාචික සන්නිවේදනයේ යමෙකුට ඔප් කරවා ගත හැක.එබැවින් ඒ සඳහා පුද්ගලයා වාචික සන්නිවේදන නිපුණතා වර්ධනය කරගත යුතු වේ.
වාචික සන්නිවේදන නිපුණතා
වාකෝෂය පුළුල් කර ගැනීම.
තමා සතු අදහස් තොරතුරු හා දැනුම වර්ධනය කර ගැනීම.
පෙර සූදානම.
ඉදිරිපත් කිරීමේ කුසලතාව වැඩි දියුණු කර ගැනීම.
යෝග්‍ය භාෂාවක් භාවිතය.
පෞද්ගලික අනන්‍යතාවන් හා ස්වීයත්වය. වගකීමෙන් යුතුව වචන භාවිතය.
සටහන:හිමාෂා නෙත්මිණි

No comments:
Post a Comment