හෝඩියක් නිර්මාණය කරගත් මිනිසා ලිඛිත සන්නිවේදනයට යොමු විය. නූතනයේ දී විවිධාකාරයේ අරමුණු අපේක්ෂාවෙන් ඊට සුවිශේෂ වූ ලේඛන ආකෘති මිනිසා යොදා ගනී.
උදාහරණය: නිසදැස්,ජීවදත්ත පත්‍රිකා, නවකතා, කෙටිකතා දැන්වීම්, රාජකාරි ලිපි, පෞද්ගලික ලිපි
ලිඛිත සන්නිවේදනය සඳහා සාක්ෂරතාව අත්‍යවශ්‍ය වේ. ලේඛනයේ යෙදීමටත්, ලේඛනය කියවීමටත් සාක්ෂරතාව අවශ්‍ය වේ.මිනිසා ලිඛිත සන්නිවේදනයට හුරු වීමෙන් ප්‍රතිඵලයක් වශයෙන් අදහස් හා තොරතුරු සංරක්ෂණය කරගැනීමට හැකියාව ලැබිණි. නූතනයේ අධ්‍යාපනික පරිපාලනමය නිර්මාණාත්මක නෛතිකමේ සියලු කාරයන් සඳහා බහුලව භාවිතා කරන්නේ ලිඛිත සන්නිවේදනයයි.
ලිඛිත සන්නිවේදනය නිවැරදිව සිදුකළ යුතු අතර එය දෝෂ සහිත වුවහොත් සන්නිවේදනයට බාධා ගොඩනැගේ.එබැවින් ලිඛිත සන්නිවේදනය ව්‍යාකාරානුකූලව සිදු කළ යුතු වේ. ඵලදායි හා සාර්ථක ලිඛිත සන්නිවේදනයක් උදෙසා පුද්ගලයා විසින් වර්ධනය කර ගත යුතු නිපුණතාවන් ඇත.
- ලිවීමේ කුසලතා හඳුනා ගැනීම.
- සාක්ෂරතා නිපුණතාවය.
- පොත පත කියවීම.
- නිරවුල් පැහැදිලි සංවිධානාත්මක ලිවීම.
- නිර්මාණශීලී භාවය වර්ධනය කරගැනීම.

No comments:
Post a Comment