- තොරතුරු සම්පාදනය
- අධ්‍යාපනය
- විනෝදාස්වාද සම්පාදනය
- පෙළඹවීම
01.තොරතුරු සම්පාදනය
සන්නිවේදනය මූලික අරමුණ වන්නේ තොරතුරු සම්පාදනයයි. මිහිවිට උපත ලැබූ සෑම සත්ත්වයකම තොරතුරු වලින් වියුක්තව ජීවත් විය නොහැකි මිනිසාගේ දියුණු බුද්ධිය හේතුව ඔහු සමාජය තුළ ජීවත්වීම සඳහා අනේක විධ තොරතුරු පසුපස හඹා යන්නේය.ප්‍රසිද්ධ දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල් සඳහන් කරන ලද්දේ "මිනිසා වනහි තොරතුරු පිපාසයෙන් පෙළෙන සත්වයකු බවයි" මිනිසාගේ කුතුහලය සංසිඳුවාලීම සඳහා විවිධ මූලාශ්‍ර උපයෝගී කරගනිමින් ඔහු සිය තොරතුරු අවශ්‍යතාවය සපුරා ගනී. සමාජයත් තුළ මිනිසා ජීවත් වීමේදී අනේක විධ තොරතුරු මිනිසාට අවශ්‍ය වේ.ආර්ථිකයා සමාජයීය දේශපාලනික ආගමික යනාදි වශයෙන් වර්ගීකරණයන්ට ලක් වූ තොරතුරු මිනිසා විසින් ලබා ගනී.මිනිසාගේ සැකය කුතුහලය සංසිඳුවීම පිණිස ඔහු විසින් ලබනා තොරතුරු ඉතා වැදගත් වන බව පැහැදිලි වේ.
නූතන ජනසන්නිවේදන මාධ්‍යයන්ගේ මූලික අරමුණු හා වගකීම වන්නේද එනම් තොරතුරු සම්පාදනයයි.තොරතුරු සම්පාදනයේ වගකීම් සහගත බව වරක් ඇමරිකානු ජනමාධ්‍යවේදියෙකු වූ බර්මන් ලයිලි මෙසේ විග්‍රහකොට ඇත. "ජනමාධ්‍යවේදීයාගේ ද ජනමාධ්‍ය ආයතනයේද මූලික වගකීම් අතරට නිවැරදි තොරතුරු සම්පාදනයේ තරම් වටිනා වෙනත් වගකීමක් නොමැති තරම්"මෙම කියමන තුළින් පැහැදිලි වන්නේ ජනමාධ්‍ය සිදු කරන තොරතුරු සම්පාදනය වගකීම් සහගත අයුරින් සිදු කළ යුතු බවයි.
නූතන ජන සන්නිවේදන මාධ්‍යය මිනිසාගේ තොරතුරු අවශ්‍යතාවය සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති වැඩසටහන් වන්නේ ප්‍රවෘත්ති විශේෂාංගයයි.ඉංග්‍රීසි භාෂාවෙන් NEWS යන පදයෙන් අර්ථ ගන්වනු ලබන මෙය නිර්මාණය වන්නේ North,South,West,East යන පදයන්ගේ මුල අකුරු එක්කෙනෙමිනි. සතර දිශා යා කරමින් තොරතුරු ආවරණය කොට මිනිසාගේ තොරතුරු හිරිස පිරවීම මේ තුළින් සිදුකෙරේ.Live @ 8,Live @55,Breaking News,අද දෙරණ යනාදියේ නාමයන්ගෙන් ප්‍රවෘත්ති විශේෂ අංගයන් රූපවාහිනී මාධ්‍ය විසින් ඉදිරිපත් කරයි.සත්‍ය ප්‍රථමයෙන් සත්‍යයේ සටහන බුද්ධිය විමසුමට පැත්ත ගියත් ඇත්ත්ත කියන යනාදී තත්ත්ව සහතිකයන් පවා නිර්මාණය කොට මිනිසාට තොරතුරු ලබා දීමට ජනමාධ්‍ය කටයුතු කරයි.එපමණක් නොව අනාවරණය කර ගැනීමට නොහැකි අභිරහස් තොරතුරු පවා නිර්භයව අපක්ෂපාතීව ඉදිරිපත් කිරීමට මාධ්‍ය ආයතන සැදී පැහැදී ඇති බව නොදැන ජනමාධ්‍ය තොරතුරු සම්පාදනය මගින් අනාවරණය වේ.උදාහරණ: හිරු CIA,දෙරණ උගුස්සා මෙම සෑම වැඩසටහනක්ම ඔස්සේ මාධ්‍ය සිදු කරන්නේ මිනිසා අද තොරතුරු සම්පාදනයයි.තොරතුරු වනාහී සන්නිවේදනයේ පදනමයි අනේක විධ තොරතුරු මිනිසාට අන්න ඕන වශයෙන් හුවමාරු කර ගන්නේ ද ගන්නේ ද ප්‍රායෝගිකව භාවිතයටද ගන්නේ සන්නිවේදනය නම් විශ්විත මෙවලම මගින් බව පැහැදිලිවේ.
02.අධ්‍යාපනය ලබාදීම
මිනිසාගේ බුද්ධිමය ශක්‍යතාව කාලීනව සංවර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස යම් යම් දෑ අත්හදා බලමින් එකී දෑ හේතුඵලවාදීව අනාවරණය කර ගැනීම පිණිස දැනුම හා බුද්ධිය අවශ්‍ය වී ඒ ප්‍රතිඵලයක් වශයෙන් මානවයා දැනුම බුද්ධිය හුවමාරු කර ගැනීම සඳහා සන්නිවේදනය භාවිතා කරන ලදී. ඒ අනුව සන්නිවේදනයේ ඉගෙනුම් මෙවලමක් ලෙස යොදාගෙන ඇත.
ප්‍රාග් ඓතිහාසික යුගය තුළ මානවයා ඉපැරණි දඩයම් ශිල්පය පාරම්පරිකව දායාද කිරීම උදෙසා සන්නිවේදනය භාවිතා කළහ. තමා ජීවත් වූ ගල් ගුහා තුළ ලිඛිත සන්නිවේදන ක්‍රම උපායන් භාවිතා කරමින් සිදු කරන අයුරු සිදු කරන අයුරු සටහන් කිරීම හා රූපණය භාවිතා කරමින් දඩයම සිදුකරන ආකාරය පිළිබඳව දැනුම තවත් පාර්ශවයක් වෙත දායාද කළහ.ඒ අනුව සන්නිවේදනය යනු මිනිසා මිනිසා හා සමග දැනුම හුවමාරු කරගන්නා ලද මෙවලමක් බව මනාව පැහැදිලිවේ.
සන්නිවේදනය භාවිතා කරමින් මිනිසා විවිධ ක්‍රමවේදයන්ට අනුව අධ්‍යාපනය ලබයි විධිමත්, අවිධිමත්, නොවිධිමත් ක්‍රමවේද ඔස්සේ මිනිසා සිය සමාජයේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා දැනුම ලබා ගන්නා ලදී.පාසල විශ්ව විද්‍යාලය පිරිවෙන, මිතුරු කණ්ඩායම්, දේශපාලන පක්‍ෂ පවුල හා විශේෂයෙන් ජනමාධ්‍ය වැනි මූලාශ්‍ර ඔස්සේ මිනිසා අධ්‍යාපනය ලබාගනී.
03.පෙළඹවීම
සන්නිවේදනය මූලික අරමුණු අතරට පෙළඹවීම එක්වන්නේ තව සුවිශේෂි එක් අරමුණක් වශයෙන් ප්‍රාග් ඓතිහාසික මානව යුගයේ පටන් මානවයා යටිය මරණින් හේතු කොට ගනිමින් පුද්ගලයා යම් යම් දේ වෙත් පෙළඹවීම ආරම්භ කෙරේ.එහි මූලික අවස්ථාවල ලෙස පෙන්වා දිය හැක්කේ මානවයා සමාජයක් ලෙස ජීවත්වීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් මතයි.තම කුලයට ගෝත්‍රයට අවැසි පරිදි සාමාජිකයන් හුරුකර ගැනීම උදෙසා යම් යම් දෙය වෙත කණ්ඩායමේ නායකයා විසින් පෙළඹවීම සිදු කරන ලදී."තහංචි යනු සාම්ප්‍රදායික සමාජයේ මිනිසා ස්වකීය ගෝත්‍රයට අනුව හැඩ ගැසීම උදෙසා සිදුකළ පෙළඹවීමකි"විවිධාකාරයේ සමාජයීය කෘතියන් සඳහා සිදුකළ පෙළඹවීමේ ඒ සඳහා වූ සුවිශේෂී උපකරණය වූයේ සන්නිවේදනයයි.ඒ අනුව සමස්ත මානව සමාජය තුළ ජීවත් වන සෑම පුද්ගලයෙකු පුද්ගලයකු ඔවුන්ගේ එම භූමිකාවන් ගැලපෙන අයුරින් පෙළඹවීම සිදුකරයි.
නීතිඥයා, රක්ෂණකරුවා, ආගමික යතිවරයා ,දේශපාලකයා වැනි පුද්ගල භූමිකාවන් සෑම විටම පෙළඹවීම සිදු සිදු කරමින් සිය අවශ්‍යතා හා අරමුණු සපුරාගනී.සන්නිවේදනය තුළින් පුද්ගලයකුගේ යහපත මෙන්ම අයහපත සඳහා ඔවුන්ව පෙළඹවීමට හැකිය.ශ්‍රී ලංකාවේ යුධ කාල වකවානුව තුළ LTTE සාමාජිකයන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් බිහිකරන ලද්දේ සන්නිවේදනය ඇති පෙළඹවීමේ හැකියාව තුළිනි.යමෙකුගේ කෝපය, ඊර්ෂ්‍යාව, රාගය ආශාව වැනි භාවයන් බුද්ධීපනය කිරීමට මෙම කාලවකවානුව තුළ සන්නිවේදනය ප්‍රමුඛ මෙවලම ලෙස යොදා ගන්නා ලදී.එය නූතන සමාජයට ද පොදුවේ ක්‍රියාත්මක වෙමින් පවතී.
සන්නිවේදනය පෙළඹවීමේ වැදගත්කම අවබෝධ කර ගනිමින් නූතන ජනමාධ්‍ය ආයතන සිය ක්‍රියාකාරිත්වය හසුරුවයි.වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක්, වැඩිම ශ්‍රාවක සංඛ්‍යාවක්, වැඩිම පාඨක සංඛ්‍යාවක් තම මාධ්‍ය ආයතනය වටා ඒකරාශී කර ගැනීම උදෙසා විවිධාකාරයේ පෙළඹුම් උපාය මාර්ග එම මාධ්‍ය ආයතන භාවිතා කරයි.ජනප්‍රිය වැඩසටහන් ආකෘති යොදා ගැනීම ,දිනුම් අවස්ථා ලබාදීම, සුභසාධන සේවා පවත්වාගෙන යාම වැනි සන්නිවේදන ක්‍රම උපායන් යොදාගෙන ඇත.සන්නිවේදනයට මානවයාගේ සියලු දෑ නියාමනය කළ හැකිය මධ්‍යයත් මිනිසා මෙහෙයවන ප්‍රමුඛ සාධකය වන්නේ සන්නිවේදනය වන බැවිනි.ඔවුන්ව යහපතට හෝ අයහපතට යොමු කරවීමට ශක්‍යතාවන් ඇත්තේ ද සන්නිවේදනයටයි.එබැවින් මානවයා පෙළඹවීමටද ශක්‍යතාව ඇත්තේ සන්නිවේදනයටයි.
04.විනෝදාස්වාදය සම්පාදනය
සන්නිවේදනය ප්‍රමුඛ අරමුණු අතර විනෝදය සැපයීමට ලබා දී ඇති සුවිශේෂී ස්ථානයකි. ප්‍රාග් ඓතිහාසික මානව යුගයේදී මානවයා උනුන් හා අතර විවේකය ඵලදාය ලෙසින් ගත කිරීම උදෙසා විනෝදාත්මක ක්‍රියාකාරකම් අනුගමනය කළහ.දඩයම් සිදුකොට එයින් ප්‍රීතිමත් වූ මානවයා එහි සතුට භුක්ති විඳීම පිණිස ගිනි මැල දල්වමිය සිය පරිපාර පිරිස ඒ වටා හිඳුවමින් හෙතෙම දඩයමෙන් ලද ප්‍රීතිය සිය පරිවාර පිරිසට විනෝදාත්මක ලෙසින් කියාපෑමට වීමත් සමගම විනෝදාත්මක කතන්දර කලාව හා ඒ ඔස්සේ තාල වාද්‍ය භාණ්ඩ ඔවුන් නිර්මාණය කළේය.ඉන් ආරම්භ වූ සන්නිවේදනය විනෝදාස්වාද සම්පාදන කාර්යය නූතන සමාජයේ සෑම අයෙකුම අඩු වැඩි වශයෙන් භාවිතා කරයි.
සාම්ප්‍රදායික ජන ජීවිතය තුළ ජනයාගේ විවිධ සමාජ කාර්යයන් ඵලදායී අයුරින් සිදුකිරීමටත් ඒ ඔස්සේ ඔවුන් ලද විඩාව කාන්සිය තනිකම නැති කර ගැනීමටත් ජනශ්‍රැති යොදා ගත්හ පැල් කවි පාරු කවි පතල් කවි හා තේරවිලි නිර්මාණය කරමින් හා රිද්මයානුකූලව ඒවා ගායනා කරමින් ඔවුන් සිය සමාජ කාර්යයන් විනෝදයෙන් යුතුව සිදු කළහ.එපමණක් නොව ජනකතා කලාවද මිනිසාගේ විනෝදාස්වාද සම්පාදනය සඳහා භාවිතා කළ එක්තරා සන්නිවේදන ක්‍රමයක් විය.
නූතන ජනමාධ්‍ය ආයතන සිය වගකීම ඉටුකරනු ලබන්නේ තොරතුරු සම්පාදනය පමණක් කේන්ද්‍ර කර නොගනෙමින් ග්‍රාහක මනස නිරෝගිමත් හා සැහැල්ලු බවකින් යුක්තව පවත්වාගෙන යාම සඳහා ඒ සඳහා වූ සුවිශේෂී වැඩසටහන් ආකෘති යොදා ගනී.විශේෂයෙන් ගෘහස්ථ මාධ්‍යයක් වන ගුවන් විදුලිය වර්තමානය වන විට හුදෙක් විනෝදාස්වාද සම්පාදනයේ උදෙසාම ක්‍රියාත්මක වන මාධ්‍යයක් බවට පත්වී ඇත ඒ අනුව සන්නිවේදනය විනෝදාස්වාද සම්පාදන කාර්යය සඳහා සුවිශේෂී කාලයක් පිරිවැයක් යෙද වීමට වත්මන් ජනමාධ්‍ය ආයතන කටයුතු කරන බව දැකගත හැක.සතුට යනු මිනිසාගේ වටිනාම ධනයයි. එසේ ධනය ඒකරාශී කළ හැක්කේ අන්කවරකටවත් නොව සන්නිවේදනය විනෝදාස්වාද සම්පාදන කාර්යටයි.
සටහන:හිමාෂා නෙත්මිණි

1 comment:
❤️
Post a Comment