Friday, October 3, 2025

ශ්‍රව්‍ය සන්නිවේදනය

 Audio Communication 

ශ්‍රව්‍ය සන්නිවේදනය යනු,යමක් ඇසීම මගින් කිසියම් තොරතුරක් ලැබීමයි.සවන් දීම පදනම් කරගත් ශබ්ද මාධ්‍යය ඕනෑම වර්ගයක සම්ප්‍රේෂණ ස්වරූපයක් ශ්‍රව්‍ය සන්නිවේදනය ලෙස හැඳින්වේ. ශබ්දය හෙවත් හඬ ජීවී හෝ අජීවී වස්තූන්ගෙන් ඉදිරිපත් විය හැකිය. අජීවී වස්තූන්ගෙන් ඉදිරිපත් වන ශබ්ද ස්වභාවික ශ්‍රව්‍ය සන්නිවේදනය ලෙසත්, කිසියම් ජීව බලපෑමක් මත ඉදිරිපත් වන ශබ්ද ස්වභාවික නොවන ශ්‍රව්‍ය සන්නිවේදනය ලෙසත් හදුන්වයි.

වත්මන් සන්නිවේදන තාක්ෂණය දියුණුව හේතු කොටගෙන ශ්‍රව්‍ය සන්නිවේදනය තාක්ෂණික පදනමකින් යුක්තව නිර්මාණය කරයි.ඒ සඳහා විවිධ සන්නිවේදන මෙවලම් නිර්මාණය වී ඇති අතර හඬ සංරක්ෂණය කර ගැනීමට ද දියුණු ක්‍රම නිර්මාණය වී ඇත.
උදාහරණ: සංයුක්ත තැටි, ශ්‍රවණය කළ හැකි පොත්, සංගීත තැටි

සවන් දීම යනු හුදෙකලා ක්‍රියාවක් නොව ඒ අවස්ථා හතරක ඒකාබද්ධතාවය මත ගොඩනැගේ.
ඇසීම- තේරුම් ගැනීම- ඇගයීම- ප්‍රතික්‍රියා දැක්වීම

තමන්ට ඇසෙන ශබ්දය මෙම පියවරක් හතරට යටත් කොට අවබෝධයෙන් යුතුව ශබ්දය ග්‍රහණය කර ගැනීම සවන් දීම යන්නට අදාළ වේ.

ශ්‍රව්‍ය සන්නිවේදනය තුළ නිපුණතා වර්ධනය කර ගැනීමේ දී මූලික වශයෙන්ම සවන් දිය යුතු වේ. උපතේ සිට මිය යන තෙක්ම මිනිසා අනේක විධ ශබ්දයන්ට සවන් දේ.

යමෙකුට හඩ මගින් ඔහුගේ හැකියාවන් පෞරුෂවය, දැක්ම ,චින්තනය, ස්වර විශේෂතා ආදිය පමණක් නොව අධ්‍යාත්මික ගති ලක්ෂණ ද ප්‍රකට වෙයි.ශ්‍රව්‍ය සන්නිවේදන කුසලතා වැඩිදියුණු කර ගත යුතුය. ඒ සඳහා යමෙකුට උසස් තනිවේදන හැකියාවක්ක් ඇති විය යුතුය.ඒ අනුව ශ්‍රව්‍ය සන්නිවේදන නිපුණතා ලෙස,
  • මැනවින් සවන් දීම.
  • විවිධ හඬවල් වෙන්කර හඳුනා ගැනීම. ශ්‍රව්‍ය සන්නිවේදන අවස්ථා අධ්‍යයනය කිරීම.
  • විවිධ ශබ්ද භාවිතා කරමින් නිර්මාණ කිරීම.
කනට ඇසෙන අනේකවිද ශබ්ද පැහැදිලිව වෙන්කර හඳුනා ගැනීම ශ්‍රව්‍ය සන්නිවේදනය නිපුණතාවයයි. එබැවින් දෛනික ජීවිතය අපට ඇසෙන අනේක විධ ශබ්ද මනා ලෙස අවබෝධ කර ගනිමින් මතක ගබඩාවේ තැන්පත් කර ගැනීම අප විසින් සිදු කළ  යුතුවේ. නැවත යම් මොහොතකදී ඇසෙන ශබ්ද  කුමක්ද යන්න පැහැදිලි ලෙසම වෙන් කර හඳුනාගත හැක්කේ ඇසුණු ශබ්දය මතකයේ රැඳී පවතිනම් පමණි.

කනට ඇසෙන විවිධ ශබ්ද නැවත නැවත අධ්‍යයනය කරමින් එකී ශබ්ද කනට හුරු කර ගැනීම හා නැවත ඇසුණු පමණින් එම ශබ්ද පැහැදිලිව හඳුනා ගැනීමට අවකාශ සැලසෙයි. ස්වභාවික පරිසරය විවිධාකාර සතුන් ජීවත් වෙයි. ඔවුන්ගේ ශබ්ද රටා එකිනෙකින් වෙනස් වේ. ඇතැම් විට ඒවා ඇතැම් ශබ්ද අලංකාරය ඇතැම් ශබ්ද සෞන්දර්යාත්මකය ඒවායේ ඇති එකී ගුණ නිවැරදි ලෙස අවබෝධ කරගතත හැක්කේ එකී ශබ්ද අවස්ථාවන් නිසි ලෙස අධ්‍යයනය කිරීමෙනි.

නිර්මාණය යනු අපූර්ව ක්‍රියාකාරකමකි ශබ්ද උපයෝගී කරගනිමින් නිර්මාණකරණය තව තවත් අලංකාරනය කරගත හැක විවිධ ශබ්දයන් තුළ විවිධ ගුණ ඇත. ත්‍රාසය, භීතිය, ප්‍රේමය, කුතුහලය උද්දීපනය කිරීම උදෙසා ශබ්ද හඬ භාවිතා කළ හැක. ගුවන් විදුලි මාධ්‍ය සඳහා කාලය අවකාශය පිළිබඳ දැනවීමට ද ශබ්ද හඬ නිර්මාණාත්මක ලෙස යොදා ගැනේ.

සටහන:හිමාෂා නෙත්මිණි 




ග්‍රාහකයා-Receiver

  ග්‍රාහකයා යනු, සංදේශයක් ලබන පුද්ගලයාය. සන්නිවේදන ක්‍රියාවලියේදී ග්‍රාහකයාට විශේෂ ස්ථානයක් හිමිවෙයි. ‍ග්‍රාහකයෙකු හුදෙක් ග්‍රාහක තත්ත්වයෙන්...