මුල්ම විද්‍යුත් ජනමාධ්‍ය වේ. හඬ තරංගයක් බවට පරිවර්තනය කොට දුරට රැගෙන ගොස් එහිදී නැවත එම තරංගය හඩ බවට පරිවර්තනය කරන තාක්ෂණය මුල්වරට සැමුවෙල් මෝස් විසින් සොයා ගන්නා ලදී.ඒ ඔස්සේ ඇලෙක්සෙන්ඩර් ග්‍රැහැම් බෙල් දුරකථනය සොයා ගන්නා ලදී. දුරකථන තාක්ෂණය හා ටෙලිග්‍රාෆ් තාක්ෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් ගුග්ලි එල්මෝ මාර්කෝනි විසින් ගුවන් විදුලිය නිර්මාණය කොට ඇත. සංඛ්‍යාත ප්‍රත්‍යා වර්ථ ධාරා අනුසාරෙන් ජනිත කරවන විද්‍යුත් චුම්භක තරංග තුළින් රැහැන් රහිතව හඬ රැගෙන යන මාධ්‍යයක් වන බැවින් මෙය මුල් කාලයේදී වයලර්ස නමින් හැදින්විය.
පළමු ලෝක යුද සමයේ දී යුද තොරතුරු හුවමාරු කර ගැනීම උදෙසා ගුවන් විදුලිය යොදා ගැනිණි. මෙය ශ්‍රව්‍ය මාධ්‍යයකි. හඬ හඬා ආත්මය කොටගත් මාධ්‍යයකි. මිනිස් කටහඬ ,සංගීතය හා ශබ්දය යන කොටස් ත්‍රිත්වයේම ඒකාබද්ධතාවයකි.
හෙන්රි හර්ඩ්ස් විසින් රේඩියෝ තරංග වල පැවැත්ම විස්තර කරන ලදී. එහි දිගුවක් වශයෙන් හැරල්ඩ් පවර් හා ඇමරිකානු රේඩියෝ පරීක්ෂණ සමාගම එකට ඒකාබද්ධව ලොව ප්‍රථම අඛණ්ඩ ගුවන් විදුලි විකාශනය සිදුකොට ඇත.එඩ්වින් ආම්ස්ටෝන් විසින් FM රේඩියෝව වැඩි දියුණු කරන ලදී.
ගුවන් විදුලි මාධ්‍යයේ ලක්ෂණ
ශ්‍රව්‍ය මාධ්‍යයකි.
ක්ෂණික ගෘහස්ථ මාධ්‍යයකි.
පුළුල් කලාපයක් ආවරණය කරයි.
එක් දිශාවට පමණක් සංදේශ ගමන් කරයි.
සරල ජංගමශීලී මාධ්‍යයකි.
පරිකල්පනශීලී මාධ්‍යයකි.
එක් වරකදී තේරුම් ගත හැකි පරිදි සංදේශ ඉදිරිපත් කරයි.
විවිධාකාරයේ ග්‍රාහක ක්ෂේත්‍රයන් ඉලක්කගත කරමින් සංදේශ ඉදිරිපත් කරයි.
ප්‍රජා, ප්‍රාදේශීය, දේශීය, අන්තර්ජාතික වශයෙන් ගුවන් විදුලි ජාලා බිහි වී ඇත.
රූපවාහිනියට සාපේක්ෂව අඩු වියදම් සහිත මාධ්‍යයකි.
රූපවාහිනීය
රූපවාහිනිය ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයකි. ජනමාධ්‍ය අතරින් ග්‍රාහකයාට ප්‍රබල බලපෑමක් සිදුකළ හැකි මාධ්‍යයක් ලෙස රූපවාහිනි මාධ්‍ය පෙන්වාදිය හැකිය. ඊට හේතුව වන්නේ මෙහි ඇති ශ්‍රව්‍ය දෘශ්‍ය ප්‍රභවයයි. රූපවාහිනියේ ලෝකයේ ප්‍රබලතම ජනමාධ්‍ය වේ. ජාතික හා අන්තර්ජාතික මට්ටමේ රූපවාහිනී මාධ්‍ය බිහි වී ඇත.
රූපවාහිනිය බිහිවන්නේ අධ්‍යාපනික මාධ්‍යයක් වශයෙනි. රූපවාහිනිය තුළින් ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ බිහි කළ හැකි වේ. පුද්ගලයාගේ දැනුම, ආකල්ප, හැසිරීම හැඩගැසීමට රූපවාහිනිය සමත් වේ. වත්මන් රූපවාහිනිය ක්‍රියාත්මක වන්නේ දේශපාලනික හා වාණිජමය මුහුණුවරකි.ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනී නාලිකාව වන්නේ (1979-ITN) රූපවාහිනිය ඒකකයයි. 1982 දී ජපන් රජය ආධාර ඇතිව ජාතික රූපවාහිනියේ නිර්මාණය කර ඇත.
රූපවාහිනී මාධ්‍යයේ ලක්ෂණ
ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයකි.
පෞද්ගලික ගෘහස්ථ සමීප මාධ්‍යයකි.
ජාතික හා ජාත්‍යන්තර ලක්ෂණවලින් යුක්තය.
ආකර්ෂණීය මාධ්‍යයකි.
සංකීර්ණ තාක්ෂණයකින් යුක්ත වේ.
විවිධාකාර අන්තර්ගතයන්ගෙන් හා විචිත්‍රවත් ආකෘති වලින් සමන්විත වේ.
පුද්ගලයාගේ පූර්ණ අවධානය ග්‍රහණය කර ගන්නා මාධ්‍යයකි.
විධිමත් ආයතන ගත සංවිධාන ව්‍යුහයකින් සමන්විත වේ.
සිනමාව
සිනමාව යනු, සෙවනැලි ඡායාරූප කලාව තවදුරටත් සංවර්ධනය වීමේ තවත් එක්තරා දියුණු මාධ්‍ය ස්වරූපයකි. රසායනික මාධ්‍යයක් වන සිනමාව අඳුර සමග මිශ්‍ර වූ මාධ්‍යයකි.
ප්‍රංශ ජාතික ජෝසප් නිප්සේ ප්‍රථම වරට රූපයක් රඳවා ගත හැකි කැමරා ක්‍රමයක් සොයා ගන්නා ලදී. එහි තවත් සංවර්ධන අවස්ථාවක් ලෙස ජුලිස්මරේ තත්පරයකට අඛණ්ඩව ඡායාරූප දොළහක් ගත හැකි කැමරා තුවක්කුව සොයා ගන්නා ලදී.ෆෙඩි ඔඩ්ස් විසින් යමෙකු කිවිසුම් අරින දර්ශනයක් ප්‍රථම වරට කැමරාවක් ඉදිරියේ රූගත කර ඇත.මුල් කාලීනව සිනමා පට නිහඬ සිනමාවට අයත් විය හුදෙකේ එබැවින් දෘශ්‍යමාධ්‍යයක් පමණක් විය.
නමුත් Voner සහෝදරයන් විසින් The Jass Singer සිනමා පටය තුළට හඩ එක්කොට නිර්මාණය කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල චිත්‍රපටයේ කඩවුණ පොරොන්දුව විය. අනතුරුව බිහිවූ රේඛාව සිනමා පටය එළිමහන් පරිසරය තුළ රූගත කර ඇති බැවින් එය ගෘහස්ථ සීමා අතික්‍රමණය කොට ග්‍රාමීය පරිසරය ප්‍රදර්ශනය කිරීමට හැකි විය.සිනමාව ආරම්භ වූ මුල් යුගයේදී එනම් පළමු ලෝක යුධ සමයේදී සිනමාව භාවිතා කෙරුණු ප්‍රචාරණ මාධ්‍යයක් ලෙසිනි.අද වන විට සිනමා මාධ්‍ය ලෝකයේ ජනප්‍රියතම මෙන්ම කලාත්මක මාධ්‍යයක් බවට පත්වී ඇත.විවිධ වූ ශානරයන් මගින් ප්‍රේක්ෂකයන් ඇද බැද ගැනීමට අද වන විට සිනමා පටයන් නිර්මාණය වන ආකාරයේ දක්නට ලැබේ.
✍️සටහන:හිමාෂා නෙත්මිණි

No comments:
Post a Comment