සන්නිවේදනය අරමුණු සහගතය
මානවයා සන්නිවේදනය නියැලෙන්නේ මොනයම් හෝ ආකාරයේ අරමුණක් සපුරා ගැනීම උදෙසාය.ප්‍රාථමික මානවයා තමා තමා සමඟින් සන්නිවේදනය කිරීම ආරම්භ කරන ලද්දේ මානවයාගේ මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමේ අරමුණු සහිතවය.
මිනිසා කුතුහලය සමනය කර ගැනීම,තොරතුරු ලබාගැනීම,ලබාදීම,අධ්‍යාපනය ලැබීම,විනෝදාස්වාදය ලබා ගැනීම ආදී වූ නන් විධාකාරයේ අරමුණු සන්නිවේදනය තුළින් ඉටු කර ගනීයි.තොරතුරු ලබාදෙන පාර්ශවය හා ලබා ගන්නා පාර්ශ්වය අතර මෙම අරමුණු පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇත්නම් සන්නිවේදනයේ සාර්ථක වීමට ඉඩ තිබේ.
සෑම පුද්ගල භූමිකාවකට මෙන් සුවිශේෂී වූ අර්මුණු ඇත.එකී සෑම පුද්ගල භූමිකාවක්ම සිය අරමුණු සපයා ගන්නේ සන්නිවේදනය තුළිනි.
උදාහරණ:ගුරුවරයා හොඳ අධ්‍යාපනයක් ලබාදීමට සන්නිවේදනය කරයි,නීතිඥවරයා සිය පාර්ශ්වයට ජයග්‍රහණය අත්පත් කරදීම උදෙසා සන්නිවේදනය කරයි.
සාර්ථක සන්නිවේදන ක්‍රියාවලියත් සඳහා සන්නිවේදකයාගේ අරමුණු ග්‍රාහකයා විසින් නිවැරදි කොට අවබෝධ කරගත යුතු වේ.
සන්නිවේදනය සංකේතාත්මකය
සන්නිවේදනය යනු සංඥාමය ක්‍රියාකාරිත්වයකි.සංකේත ගොඩනැගෙන්නේ සංඥාව ඇසුරිනි.සන්නිවේදනය සඳහා සංඥා සංකේත පද්ධතියක් පැවතීම අනිවාර්ය වෙයි.සන්නිවේදනය කිරීම යනුවෙන් සිදු කරන්නේ මානවයා සංඥා සංකේත හුවමාරු කර ගැනීමයි.
වචන,රූප,ශබ්ද,ලකුණු, සංඥා, මුද්‍රා, ඉඟි සිතියම්, සිතුවම්, අකුරු ,වස්තූන් පුද්ගලයන්, ස්ථාන මෙන්ම අතිශය සංකීර්ණ හැඟීම්, අදහස්, සංකල්ප ආදිය පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ සංකේත පදනම් කරගෙනය.
සන්නිවේදන ක්‍රියාවලියේදී සංඥා සංකේත නිවැරදිව නිර්මාණය කිරීමත් ඒවා නිවැරදිව තේරුම් ගැනීමත් අත්‍යවශ්‍ය වේ.එසේ නොමැති වුවහොත් සන්නිවේදනය ව්‍යාකූලතා ඇති වෙයි.ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නඩු විභාගයක් වූ "ගොයම් කොළේට මුවා වී වෙඩි තැබීම"යන නඩු විභාගයේදී නඩු තීන්දුව සාධාරණ නොවූයේ සංඥා සංකේත නිවැරදි ලෙස විනිශ්චයකට තෝරා බේරා ගැනීමට අපහසුවීම මත වෙයි.
සන්නිවේදනය සන්දර්භානුගතය
කවර හෝ සන්නිවේදනයක් සිදුවන්නේ කිසියම් සන්දර්භයක් තුළයි.මෙමගින් අදහස් වන්නේ අදාළ සන්නිවේදන වටපිටාව නැතහොත් පරිසරයයි.සන්නිවේදන කාර්ය හා සන්දර්භය අතර සෘජු වූ සම්බන්ධතාවයක් පවතී. සන්දර්භයට ගැලපෙන ලෙස සන්නිවේදන කාර්යය සකස් විය යුතුය.
උදාහරණ:විවාහ මංගල්‍යය උත්සවයක,අවමංගල්‍යය උත්සව අවස්ථාවකදී කන බොන,අඳින පළඳින,හැසිරෙන,කතාබහ කරන ආකාරයේ එකී අවස්ථාවට යෝග්‍ය විය යුතුය.
සන්දර්භානුගත නොවන සන්නිවේදනයේ ගැටලු හා බාධා සහිත වෙයි.එබැවින් සන්නිවේදනය හා ඊට අදාළ සන්දර්භය අතර සබඳතාව පවත්වා ගැනීමට සන්නිවේදකයා උත්සුක විය යුතුය.සන්දර්භය යන්නට හුදෙක් සන්නිවේදනය සිදුකරන වටපිටාවම පමණක් සීමා නොවේ.ඊට රැකියාව,අධ්‍යාපනය,සාක්ෂරතාව,වයස් මට්ටම,ස්ත්‍රී පුරුෂ භාවය හා සංස්කෘතිය ආදිය ද අන්තර්ගත වේ.
සන්නිවේදනය ක්‍රියාපටිපාටියකි
සන්නිවේදනය කිසිවිටකත් හුදෙකලාව පවතින වෙනස් නොවන දෙයක් නොවේ.එය නිරන්තරයෙන් කාලයත් සමඟ වෙනස් වේ.සන්නිවේදනය යනු එක් ස්ථානයකින් ආරම්භ වී තවත් ස්ථානයකින් අවසන් වන ක්‍රියාවලියක් නොව එය අඛණ්ඩව ක්‍රියාත්මක වන ක්‍රියාවලියක් යනුවෙන් මහාචාර්ය විල්බර් ශ්‍රාම්, චාල්ස් ඕස්ගුඩ් දෙපළ පෙන්වාදී ඇත
සන්නිවේදනය යනු කුමක්ද නිවැරදිව අවබෝධ කර ගැනීමට නම් ඒ හුදෙකලාව අධ්‍යයනය කිරීමට වඩා ඊට අදාළ අංගයන් සියල්ල කෙරෙහි අවධානය යොමු කර ගනිමින් අධ්‍යයනය කළ යුතු වේ.
මිනිසාගේ ශ්‍රවණය යනු හුදෙකලා ක්‍රියාවලියක් ලෙස පෙනුණද එය පියවර හතරකින් යුතු ක්‍රියාවලියකි.
ඇසීම-තේරුම් ගැනීම-ඇගයීම-ප්‍රතික්‍රියා දැක්වීම
සන්නිවේදනය නිසි නිසි පරිදි අවබෝධ කර ගත හැක්කේ ඊට සම්බන්ධ සාධක බොහෝමයක අධ්‍යනයකින් යුක්තවය.සන්නිවේදනය වනාහි ක්‍රියාවකට වඩා ක්‍රියාවලියක් වන බව අවබෝධ කරගත හැකිය.
සන්නිවේදනය විවිධාකාරය
සන්නිවේදනය වනාහි විවිධත්වයෙන් යුතු මෙවලමකි.සන්නිවේදන වර්ග වල ඇත්තේ එකිනෙකට අනන්‍ය ලක්ෂණ වේ.එබැවින් සන්නිවේදන එකිනෙකට වර්ග හා ස්වරූපවලට අනුව විශාකාරර වේ.
උදාහරණ:අන්තර්වර්ති සන්නිවේදනය පුද්ගලාන්තර සන්නිවේදනයෙන් වෙනස්වේ.
ලිඛිත සන්නිවේදනයද වාචික සන්නිවේදනයෙන් වෙනස් වෙයි.
කථන සන්නිවේදනයද සන්දර්භානුකූලව විවිධාකාර වේ.
උදාහරණ:විවාහ මංගල්‍යය,අවමංගල්‍යය,දේශපාලන සන්දර්භයන්හි හදන සන්නිවේදනය සන්දර්භානුකූලව විවිධාකාර වේ.
තාක්ෂණය දියුණුව මත ද සන්නිවේදනය තුළ විවිධාකාර ලක්ෂණ ඉස්මතු වී ඇත.
උදාහරණ:පරිගණකයෙන් ලිපියක් අතින් ටයිප් කළ ක්‍රමවේදයට නූතන තාක්ෂණය දියුණුව මුසු වීමම්ම google speech යෙදවුම හරහා එහි ලක්ෂණ වෙනස් වී ඇත.
සන්නිවේදනය ඒක මාර්ගික හෝ ද්වී මාර්ගිකය.
ඒක මාර්ගික සන්නිවේදනය යනු, සන්නිවේදකයා සංදේශය ග්‍රාහකයාට ලබාදීමෙන් අවසන් වන සන්නිවේදනය ගලා යාමයි.
ද්වී මාර්ගික සන්නිවේදනය යනු සන්නිවේදකයා සංදේශය ග්‍රාහකයාට ලබාදීමෙන් අනතුරුව ග්‍රාහකයා නැවත සන්නිවේදකයාට ප්‍රති පෝෂණය දැක්වීමයි.
ඒකමාර්ගික සන්නිවේදනය
ද්වීමාර්ගික සන්නිවේදනය
සන්නිවේදනය බලය වේ
සන්නිවේදනය පුද්ගලයාට බලයක් හිමිකර දේ.දැනුම බලය වේ යන්න ප්‍රසිද්ධ කියමනක් ද ඇත.දැනුම යනු තොරතුරු වෙයි.තොරතුරු වලින් සන්නද්ධ පුද්ගලයාට සමාජය කිසියම් බලයක් අත්පත්වන බව මෙයින් ප්‍රකටට වේ.
බලය හා නායකත්වය අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධතාවයකි.නායකයා බලය නොමැති දාට නායකත්වයද නායකයාට අහිමි වෙයි.නායකයාට කණ්ඩායමක් හැසිරවීමට,කණ්ඩායමේ නායකත්වය රැක ගැනීමටද සන්නිවේදනය බලයක් වෙයි.
ප්‍රසිද්ධියට,ජනප්‍රියත්වයට,පෞරුෂ මට්ටම් ගොඩනැංවීමට සෘජුවම හෝ වක්‍රව දායක වීමට සන්නිවේදනයට හැකි වේ.අන්තර් වර්ගයේ පුද්ගල සන්නිවේදනය පුද්ගලයාගේ තර්කානුකූල චින්තනය වර්ධනය බලය වේ.පුද්ගල අන්තර සන්නිවේදනය හා කණ්ඩායම් සන්නිවේදනයේ සාමාජයක සම්බන්ධතා ගොඩනැංවීම බලය වේ.මේ ආදී වශයෙන් සලකා බලන කල්හි සියලු සන්නිවේදන වර්ග බලයක් උත්පාදනය කරයි.
සටහන:හිමාෂා නෙත්මිණි



1 comment:
❤️
Post a Comment