සමාජ මාධ්‍ය යනු එක හා සමාන පෞද්ගලික හෝ වෘත්තීය අවශ්‍යතා, ක‍්‍රියාකාරකම් ජීවිත සම්බන්ධතා වැනි දෑ අනෙකුත් ජනතාව සමඟ හුවමාරු කිරීමට භාවිතා කරනු ලබන අන්තර්ජාල වේදිකාව "සමාජ මාධ්‍ය” නමින් හදුන්වනු ලැබේ. එහිදී සමාජ මාධ්‍ය යන්න විවිධාකාරයෙන් අර්ථ දක්වා තිබේ.
ගල් යුගයේ පටන් මිනිසාගේ සන්නිවේදනය ගින්දර , ශබ්ද ,ගල්ගුහා ආශ්‍රිත චිත්‍ර ආදියෙන් ආරම්භ විය.පසුව මානව වර්ගයාගේ ශාරීරික හා තාක්ශනික දියුණුවත් සමග කඩදාසි බිහි වීමත් ඒ ආශ්‍රිතව මුද්‍රණ ශිල්පය ආරම්භ වීමත් දක්නට ලැබුණි.
ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් ලෙස ජන මාධ්‍යයන්ගේ , නව මාධ්‍යයන්ගේ වර්ධනයක් දක්නට ලැබුණි. මෙම වර්ධනයත් සමග සාමජ මාධ්‍යන් මිනිස් ලොව පුරා ව්‍යාප්ත වන්නට පටන් ගැනුණි.සමාජ මාධ්‍ය,ලොව පුරා සංවර්ධනය වූ රටවල් පමණක් නොව සංවර්ධනය වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි රටවල්ද අරක් ගෙන ඇති බව නො රහසකි.භූගෝලීය සීමා අතික්‍රමණයට හා කාලය හා අවකාශය අතර දුර සංකෝචනය සමාජ මාධ්‍ය සතු ශක්‍යතාව සමාජ මාධ්‍ය වේගයෙන් ලෝකය වෙලා ගෙනීමට හේතු විය.සමාජ මාධ්‍ය නිර්වචන ආශ්‍රයෙන් ඉදිරිපත් කිරීමේදී මේ නිර්වචනය වැදගත් වේ.
"සමාජ මාධ්‍ය යනු අන්තර්ජාලය භාවිතා කරමින් මිනිසුන් එකිනෙකා සමග අන්තර් සබදතා පවත්වාගෙන යන වචන,ඡායාරූප,ශ්‍රවය, යන දේ අන්තර්ගත බහු මාධ්‍ය දෙයකි."
මෙහිදී අවධාරනය වන්නෙ සමාජ මාධ්‍ය තුල නිර්වාචික සන්නිවේදනය සිදු වන බවයි.
සමාජ මාධ්‍යන් ගේ විකාශනය දෙස බැලීමේදී එහි විවිධත්වයක් දැකිය හැකිය.ලොව පළමු සමාජ මාධ්‍ය සිට එහි විකාශනය පහත පරිදි වේ.
Six Degrees 1997-2001 (First social Media)
Hot or Not 2000
Friendster 2002
Linkedin 2002
My space 2003
Face book 2004
You Yube 2005
Twitter 2006
The hashtag arrives 2007
Weibo 2009
Instagram 2010
Year of the Selfie 2014
Face book LIVE 2016
Instagram launches stories 2016
Instagaram launches IGTU app 2018
සමාජ මාධ්‍ය ලොව පුරා බිලියන සංඛ්‍යාත මිනිසුන්ගේ දෛනික ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. පුද්ගලයන්ට මිතුරන් සහ පවුලේ අය සමඟ සම්බන්ධව සිටීමට මාර්ගයක් ලෙස මුලින් නිර්මාණය කරන ලද සමාජ මාධ්‍ය සන්නිවේදනය, දේශපාලනය, ව්‍යාපාර සහ විනෝදාස්වාදය ඇතුළු සමාජයේ විවිධ අංශවලට බලපෑම් කරන බහුවිධ වේදිකාවක් බවට පරිණාමය වී ඇත. අද අප සන්නිවේදනය කරන ආකාරය සමාජ මාධ්‍ය වේදිකා සංවර්ධනය මගින් දැඩි ලෙස හැඩගස්වා ඇති අතර, මෙම පරිණාමය අප අන් අය සමඟ අන්තර් ක්‍රියා කරන ආකාරය, තොරතුරු වෙත ප්‍රවේශ වීම සහ ප්‍රකාශ කරන ආකාරය කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කර ඇත
වර්තමානයේ දි මෙම සේවය භාවිතා කරමින් සිටී. සියලුම වෙබ් අඩවි වලට අනුව Facebook වෙබ් අඩවිය ප්‍රමුඛස්ථානයේ. මේ වෙබ් අඩවිය ආරම්භ කළ මුල් පැය 4 ඇතුලත පුද්ගලයන් 450 ක් පමණ එයට සම්බන්ධ වූ බව වාර්ථා වේ.මෙම වෙබ් අඩවිය ආරම්භ කරන ලද්දේ මාක් සකර්බර්ග් ය.මේ මගින් වාචික සන්වාද,වීඩියෝ සන්වාද ආදී පහසුකම් රාශියක් සපයා දී ඇත.එක් රටක් තුළ පමණක් නොව රට රටවල් අතර පවා සම්බන්දතා පවත්වා ගැනීමට වෙබ් අඩවිය ඉවහල් වී තිබේ.
Youtube
Youtube වීඩියෝ හුවමාරුව සදහා නිර්මාණය කර ඇති වෙබ් අඩවියකි.ලොව ඔනෑම ස්ථානයක සිට මෙම වෙබ් අඩවිය මගින් තමන්ට අවශය වීඩියො දර්ශනයක් බැලිය හැකිය.මෙමගින් ඉතා පහසුවෙන් වීඩියො උඩුගත කිරීම හා ඒවා මාර්ගගත ව හුවමාරු කර ගැනීමට පහසුකම් සලසා දෙයි.වර්ථමානයේදී Youtube channel පවා පවත්වගෙන යන බව අප කවුරුත් දන්නා දෙයකි.එය තනිව හෝ කණ්ඩායම් වශයෙන් සිදු කරනු ලබයි.එමෙන්ම සෑම රූපවහිනී නාලිකාවක්ම පාහේ සිය විකාශනය Youtube තුළ පවත්වාගෙන යෑම සිදු කරයි.ගීත,චිත්‍රපට,විනෝදාත්මක වැඩසටහන් ආදී ඕනෑම වීඩියොවක් බැලීමට යොදා ගත හැකිය.
2006 වර්ෂයේ දී ආරම්භ වන මෙම සේවාව අන්තර්ජාල කෙටි පණිවිඩ සේවය ලෙස හදුන්වනු ලබයි.එමෙන්ම සේවයක් ලෙසද මෙම සේවාව හදුනාගැනේ.රට රටවල්වලවලට පවා යම් පණිවිඩයක් ඉතා පහසුවෙන් යොමු කිරීමට මෙය මහත් රුකුලක් වී ඇත.
මෙය වෙබ් අඩවියට සමාන දෙයකි.වීඩියො හුවමාරු කර ගැනීමට මිතුරන් සමග සම්ධන්දතා පවත්වා ගැනීමට භාවිත කරයි.
ව්‍යාපාරික ප්‍රජාව හා වෘත්තීය ප්‍රජාව සඳහා නිර්මාණය කර ඇති වෙබ් අඩවියකි. මෙම සමාජ ජාල වෙබ් අඩවිය පරිහරණය කළ හැක්කේ එහි ලියාපදිංචි වූ සාමාජිකයන්ට පමණි.මෙය වෘත්තික ජාලකරණයක් උදෙසා නිර්මාණය කර ඇත. වෘත්තීය දැනුමෙන් විශ්වාස කරන පුද්ගලයින් අතර ජාල ගොඩනගා ගැනීමට මෙන්ම තොරතුරු බෙදා හදා ගැනීම සඳහා යොදා ගනියි.
Whtasapp,Telegram,Tiktok යනාදී සමාජ මාධ්‍ය ජාලාද වර්තමානයේ බහුලව භාවිතා කරනු ලබයි.
සටහන:හිමාෂා නෙත්මිණි

1 comment:
❤️❤️
Post a Comment