විසිවන සියවස අගභාගයේ දී සන්නිවේදන තාක්ෂණයේ දියුණුවන් සමඟ නව මාධ්‍ය සම්භවය විය.දුරකථනය අන්තර්ජාලය හා පරිගණකය නව මාධ්‍යයට අයත් වේ. නව මාධ්‍යයේදී සිදුවන්නේ ශබ්දයක් වචනයක්, රූපයක්, චිත්‍රයක්, වීඩියෝවක් හෝ දත්තයක් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට රැගෙන යාමේදී 1,0 යන අංකිත තාක්ෂණයට හකුළුවා ඉදිරිපත් කිරීමයි.මේ තුළින් තොරතුරු වේගවත්ව හුවමාරු කර ගැනීමට හැකි වූ අතර තොරතුරු ගබඩා කිරීම හා ලබා ගැනීමට ද කාර්යක්ෂම විය.
1960 දශකයේ පරිගණකයේ ආශ්‍රයෙන් එකිනෙකා අතර පරීක්ෂණ පදනම් කරගෙන විද්‍යාව සම්බන්ධ තොරතුරු සංසරණේ හා යුද හමුදා ක්ෂේත්‍රවලට අදාළ තොරතුරු හුවමාරු කර ගැනීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන් නව මාධ්‍ය බිහි විය.
ටිම් බර්නස් ලී විසින් ලෝක ව්‍යාප්ත ජාලය වූ www සංකල්පය සොයා ගැනීමේ ප්‍රතිඵලයක් මත නව මාධ්‍ය වර්ධනය වේගවත් විය.නව මාධ්‍ය දියුණුවේ තවත් එක්තරා ප්‍රතිඵලයක් වශයෙන් මාධ්‍ය අභිසාරිතාවයද බිහි විය.
නව මාධ්‍යයේ ලක්ෂණ
1.අංකිතකරණය
2.ජාලගතකරණය
3.අන්තර් ක්‍රියාකාරිත්වය
4.අධිපාඨනීයත්වය
5.සංදේශකරණය
6.දත්ත සංචිතකරණය
7.වේගවත් සංදේශකරණය
අංකිතකරණය:
රූපයක් ශබ්දයක් වචනයක් චිත්‍රයක් හෝ දත්තයක් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට රැගෙන යාමේදී හෝ ගබඩා කිරීමේදී 1 සහ 0 යන සංඛ්‍යා දෙකට අනුව හකුළුවාලීම අංකිතකරණයයි.
ජාලගතකරණය:
නවමාධ්‍යයේ එක් ලක්ෂණයකි.විවිධ තොරතුරු මූලාශ එකිනෙක සම්බන්ධ කිරීම තොරතුරු ජාලගතකරණය නමින් හඳුන්වයි.නූතනය වන විට ජාත්‍යන්තර මට්ටමින් තොරතුරු ජාලයන් බිහි වීඇත.
අන්තර්ක්‍රියාකාරීත්වය:
දත්තලබාගැනීම,උපදෙස්ලබාදීම ක්ෂණිකව තොරතුරු යාවත්කාලීන කිරීම ප්‍රතිචාර දැක්වීම ආදී වූ මානව සංවාදශීලීත්වය අන්තර් ක්‍රියාකාරිත්වය ලෙස හඳුන්වයි.
අධිපාඨනීයත්වය:
විද්‍යුත් සබඳතා භාවිතා කරමින් එක් පඨිතයක් වෙතින් වෙනත් පඨිතයක් වෙත ළඟා වීමට ඇති හැකියාවයි.
ස්වයංකරණය:
සක්‍රීය වන සෘජු මානව සහභාගිත්වයකින් තොරව ග්‍රාහකයා වෙත පණිවිඩ ලබාදීම ස්වාමිකරණය නමින් හඳුන්වයි.නව මාධ්‍ය උපයෝගී කරගනිමින් තොරතුරු හුවමාරු කර ගැනීමට ඊට අදාළ සාක්ෂරතාවය හා හසුරු කුසලතාවයේ අත්‍යවශ්‍ය වේ.
දත්ත සංචිතකරණය:
විවිධ ස්වරූපයන්ගේ දත්ත එක් තැනකට ඒකරාශී කිරීමයි.විවිධාකාරයේ දත්ත පරිගණක විධි ක්‍රමවලට අනුව පහසුවෙන් ලබා ගත හැකිය ආකාරයට දත්ත ගබඩා කිරීම දත්ත සංචිතකරණය තුළ සිදු වේ.මෙය සංකීර්ණ ක්‍රියාවලියකි.
වේගවත් සංදේශකරණය:
පුළුල් ග්‍රාහකයන් පිරිසක් අතර ඉතා වේගයෙන් තොරතුරු පණිවිඩ හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාවය මිනිසා සපුරා ගන්න ලද්දේ නව මාධ්‍ය බිහි කිරීමෙන්න අනතුරුවයි.
චන්ද්‍රිකා තාක්ෂණය උපයෝගී කර ගනිමින් තොරතුරු අංකිතතාක්ෂණය ඔස්සේ හුවමාරු කර ගැනීමට මෙහිදී හැකි විය. එසේම දත්ත සංචිතකරණය තුළ නව මාධ්‍ය පරිශීලකයන්ට ඉතා වේගවත් පණිවිඩ හුවමාරු කර ගැනීමේ හැකියාව ලැබිණි.වත්මන් මිනිසා කාලය හා දුර මෙන්ම අවකාශය ජයගන්නා ලද්දේ නව මාධ්‍යයේ වේගවත් සංදේශකරණය මත වේ.
✍️සටහන:හිමාෂා නෙත්මිණි

No comments:
Post a Comment