මේවා සාම්ප්‍රදායික සමාජ ක්‍රම තුළම සම්භවය වී සාම්ප්‍රදායික සමාජ ක්‍රම තුළම වැඩී පැවත එයි.සාම්ප්‍රදායික සන්නිවේදන මාධ්‍යයන් නිර්මාණය කරන්නේ කවුරුන් දැයි නිශ්චිතව හඳුනාගත නොහැක.එබැවින් සාම්ප්‍රදායික සන්නිවේදනයේ කර්තෘ අවිනිශ්චිතවේ.
සාම්ප්‍රදායික සන්නිවේදන මාධ්‍යයන් සඳහා තාක්ෂණික මෙවලම් භාවිතා නොකෙරේ.එසේම සංවිධානාත්මක බවකින්ද යුක්තත නොවේ.සාම්ප්‍රදායික මාධ්‍ය තුළ ඒකීය රටාවන් දැක ගත නොහැකිය.දේශයෙන් දේශයට, සංස්කෘතියෙන් සංස්කෘතියට, ජන කණ්ඩායමෙන් ජන කණ්ඩායමට, සාම්ප්‍රදායික මාධ්‍යයන් භාවිතය වෙනස්වේ.
මානවයාගේ ප්‍රාථමික සාම්ප්‍රදායික මාධ්‍ය ලෙස හඳුන්වන්නේ පුද්ගල පංචේන්ද්‍රයයි.මානව සම්භවයේ සිට 18 වන සියවස දක්වා අතර කාලය තුළ නිර්මාණය වී ඇති සියලුම සන්නිවේදන මාධ්‍යයන් මිනිසාගේ කාය ශක්තිය මත නිර්මාණය කර ඇත.මේවා ප්‍රාථමික සන්නිවේදන විධික්‍රම ලෙසත් ප්‍රාග් ඓතිහාසික ජනමාධ්‍යවේදී ප්‍රපංච ලෙසත් හඳුන්වයි.
උදාහරණ නම්,හූව, ගින්දර ,දුම ,කොඩි, බෙර භාවිතයේ සතුන් මාර්ගිකව, දූතයන් මාර්ගිකව පණිවිඩ ක්‍රම, ශාන්ති කර්ම,ජනශ්‍රැති ආදිය දැක්විය හැකිය.
සාම්ප්‍රදායික සන්නිවේදන මාධ්‍ය සතු ලක්ෂණ නම්
සරල ආකෘතිය:
නූතන මාධ්‍ය හා නව මාධ්‍ය සමඟ සංසන්දනය කිරීමේදී සාම්ප්‍රදායික මාධ්‍ය නිර්මාණය වී ඇත්තේ ඉතාමත් සරල ආකෘතියකට අනුව ජන විඥානයට සමීප පොදු ජන සමූහයකට පහසුවෙන් තේරුම් ගත හැකි සංඥා සංකේත පද්ධතිය තුළ නිර්මාණය වී ඇති සාම්ප්‍රදායික මාධ්‍ය ගැමි ජන සමාජය හා සංස්කෘතිය කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වී ඇත.ස්වභාවික පරිසරය සොයා සපයා ගන්නා අමුද්‍රව්‍ය යොදා ගනිමින් මෙකී මාධ්‍ය නිර්මාණය වී තිබීම එහි ඇති සරල බව තවත් එක් හේතුවකි.
උදාහරණ, ඉපැරණි නිවසක් ඉදිරිපිට කොහොඹ අතු එල්ලා තිබීම එම නිවසේ වැළදෙන රෝගියෙකින් පෙළෙන රෝගියෙකු ඇති බව සරල ආකෘතිය මගින් ඉදිරිපත් කර ඇත.
තේමාත්මක අන්තර්ගතය:
සම්ප්‍රදායික මාධ්‍ය තුළ සංවිධානාත්මක බවත් දැක ගත නොහැකි වුවද සාම්ප්‍රදායික මාධ්‍ය භාවිත කිරීමේදී විවිධ තේමාවන්ට අනුකූලව සාම්ප්‍රදායික මාධ්‍ය යොදාගන්නා ලදී.
රෝග පීඩා පිළිබඳ දැනුවත් කිරීම, රෝගවලින් ආරක්‍ෂාවීම, භව භෝග සම්පත් ආරක්‍ෂා කිරීම, විනෝදය, විශ්වාසය ලබාදීමට හා පණිවිඩ ගෙන යාමට මෙන්ම භාවාත්මක ප්‍රකාශයන් ඉදිරිපත් කිරීමට ද සාම්ප්‍රදායික මාධ්‍ය ඊට ගැලපෙන අයුරින් යොදා ගෙන ඇත.මෙහිදී යොදා ගන්නා ලද ස්වභාවික පරිසරයේ අමුද්‍රව්‍ය ද එහි තේමාවන්ට අනුකූලවන සේ යොදාගෙන තිබීම සුවිශේෂිත්වයකි.
උදාහරණ, ගොක්කොල සැරසිලි සාම්ප්‍රදායික කලා නිර්මාණයකි. විවාහ මංගල්‍යය උත්සව, අවමංගල්‍යය උත්සව, යාතු කර්ම ආදී තේමාවන්ට අනුකූලව එහි සැරසිලි ඊට අනුකූල වන සේ භාවිතා කොටඇත.
නම්‍යශීලීත්වය:
සාම්ප්‍රදායික මාධ්‍ය භාවිතා කිරීම ඉතාමත් සරලය,පහසුය. පොදු ජන සමූහයට පණිවිඩ යැවීමට අවශ්‍ය ඕනෑම මොහොතකදී ඉතා පහසුවෙන් අවස්ථාවට, අවශ්‍යතාවයට ගැලපෙන අයුරින් භාවිතා කිරීමට හැකි වීම නිසා මෙය නම්‍යශීලී මාධ්‍යයකි.
පොදු ජන සමූහයට බෙහෙවින් සමීප ඔවුන් දන්නා හඳුනන සංඥා සංකේත හෝ පාරිසරික මෙවලම් සාම්ප්‍රදායික මාධ්‍ය භාවිතයේදී පහසුවෙන් භාවිතා කිරීමට හැකි වීම නිසා සාම්ප්‍රදායික මාධ්‍ය තවදුරටත් පොදු ජන සමාජයේ පොදු මාධ්‍ය බවට පත් වී ඇත.
පිරිවැය අවම වීම:
සාම්ප්‍රදායික මාධ්‍ය සමාජය තුළ ගැමියාට හුරු පුරුදු හා පොදු මාධ්‍යයක් බවට පත්වී ඇත්තේ සාම්ප්‍රදායික මාධ්‍ය භාවිතයේ ඇති සරල බව හා ඒ සඳහා පිරිවැයක් වැය නොවීම හේතු කොට ගෙනය.
සාම්ප්‍රදායික මාධ්‍ය සඳහා බහුල වශයෙන් යොදා ගනු ලබන්නේ ස්වභාවික පරිසරයෙන් සොයා සපයා ගත හැකි සරල සම්පත්ය.තාක්ෂණික මෙවලම් කිසිවිටකත් මෙහිදී භාවිතා නොකරන අතර මේ සඳහා වැය වන පිරිවැය අවම වීම එයට හේතුවකි. ප්‍රාදේශීය මට්ටමෙන් භාවිතා කරන සාම්ප්‍රදායික සන්නිවේදන විධික්‍රම තුළදී එකී සාම්ප්‍රදායික සමාජ ක්‍රමයට ගැලපෙන පහසුවෙන් සොයා සපයා ගත හැකි මෙවලම් මෙහිදී භාවිතා කිරීම සුවිශේෂීතාවයකි.
සටහන: හිමාෂා නෙත්මිණි

3 comments:
❤️
❤️
❤️❤️
Post a Comment