සන්නිවේදනය පිළිබඳ නිර්වචන
01. සන්නිවේදනය පිළිබඳ හැරල්ඩ් ඩී. ලැස්වෙල්ගේ නිර්වචනය
1948 “යම් කිසිවෙකු, යම් කිසිවක්, කිසියම් නාලිකාවකින් යම් කිසිවෙකුට කිසියම් බලපෑමක් කිරීම සඳහා ප්‍රකාශ කරනු ලබන දෙය සන්නිවේදනය යි.”
"Who says what in which channel to whom with what effect"
02.සන්නිවේදනය පිළිබඳ ශැනොන් සහ වීවර්ගේ නිර්වචනය
1949 “සන්නිවේදනය යනු යම් තැනක දී නිර්මාණය කර ගත් හෝ තෝරාගත් පණිවිඩයක් ඒ ආකාරයෙන් ම හෝ ඊට සමාන ලෙස වෙනත් තැනක දී ප්‍රතිනිර්මාණය කිරීමයයි"
03.සන්නිවේදනය පිළිබඳ විල්බර් ශ්‍රාම්ගේ නිර්වචනය
1954 “තොරතුරු ගැබ් වූ සංඥාවක් කරණ කොට ගෙන දෙපාර්ශ්වයක් අතර එක හා සමාන චිත්ත ස්වභාවයක් ඇති වීම සන්නිවේදනය යි”
04.සන්නිවේදනය පිළිබඳ චාල්ස් එච්. කූලිගෙ නිර්වචනය
“මානව සම්බන්ධතා රඳවා සිටින්නා වූත්, වර්ධනය කරන්නා වූත්, සියලු සංකේත මෙන් ම, ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහනය කිරීමටත්, කාලයේ බැඳුම්වලින් ඔබ්බට ගොස් සුරක්ෂිත කර ගැනීමටත් උපකාරී වන උපක්‍රම සන්නිවේදනය යි.”
05.ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ නිර්වචනය
“අදහස, දැනුම යනාදිය භාෂණය හෝ ලේඛනය හෝ සංඥා මඟින් ප්‍රදානය කිරීම, ප්‍රකාශ කිරීම හෝ හුවමාරු කර ගැනීම සන්නිවේදනය යි.
06.සන්නිවේදනය පිළිබඳව එඩ්වඩ් සැෆීයර් ඉදිරිපත් කරන ලද නිර්වචනය
"සමාජය යනු අනෙකක් නොව සන්නිවේදනය හේතු කොටගෙන සන්නිවේදනය තුළින් පවත්වාගෙන යනු ලබන සබඳතා ජාලයයි.චර්යාවට අදාළ සෑම ක්‍රියාවක්ම සමාජ චර්යාවට අදාළ සෑම සංස්කෘතියන්ට සෘජුව හෝ වක්‍රව සන්නිවේදනයට සම්බන්ධතාවක් ඇත."
සටහන:හිමාෂා නෙත්මිණි

No comments:
Post a Comment