Nonverbal Communication
ලිඛිත හා කතන වචන භාවිතයෙන් තොරව පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙක් වෙත තොරතුරු ඉදිරිපත් කිරීම නිර්වාචික සන්නිවේදනයයි.
මිනිසාගේ මූලික සන්නිවේදන ස්වරූපය වූයේ ද නිර්වාචික සන්නිවේදනයයි.වාචික භාෂාවන් නොතිබූ මුල් කාල වකවානුව තුළ මිනිසා අන්‍යෝන්‍යව අදහස්,තොරතුරු හුවමාරු කර ගත්තේ නිර්වාචික භාෂාව උපයෝගී කරගනිමිනි.එහිදී ඉගි,සංඥා, සංකේත මිනිසා විසින් ප්‍රායෝගිකව යොදාගෙන ඇත.නිර්වාචික සන්නිවේදනය ලක්ෂණ ඇත. පුද්ගලානුබද්ධය,සන්දර්භානුගතය,,ස්වභාවිකය,කාර්‍යක්ෂමය.
නිර්වාචික සන්නිවේදනයේ ප්‍රධාන කොටස් දෙකක් යටතේ වර්ග කල හැකිය.
01.සංඥා භාෂාව(ශ්‍රව්‍ය භාෂා, දෘෂ්‍ය භාෂා)
02.දේහ භාෂාව(අභිනයන්,ඉඟි,ඉරියව්,මුද්‍රා,නර්තන විලාසය)
සංඥා භාෂාව යන්නට සියලුම ආකාරයේ සංකේත, සංඥා, පින්තූර, රූප සටහන් පෝස්ටර්, ඡායාරූප, ශබ්ද, චිත්‍ර, කාටූන් සිතියම් ඇතුළත් වේ.මෙකී සංඥා කොටස් දෙක යටතේ නැවත වර්ගීකරණය කළ හැක.ශ්‍රව්‍ය සංඥා සහ දෘෂ්‍ය සංඥා ලෙසය.ඇසට පෙනෙන දෑ දෘෂ්‍ය සංඥා ලෙස ද මට ඇසෙන දෑ ශ්‍රාව්‍ය සංඥා ලෙසද පෙන්වා දිය හැකිය.
උදාහරණ ශ්‍රව්‍ය සංඥා:සීනු හඬ, සයිරන් නලා හඬ, සතුන්ගේ හඬ, ගන්ඨාර හඩ
දෘෂ්‍ය සංඥා: ඡායාරූප, කැටයම්, මූර්ති, සිතුවම්, සිතියම්
ජාතික මට්ටමේ හා ජාත්‍යන්තර මහත්තය මේ ශ්‍රව්‍ය හා දෘශ්‍ය සංඥා ඇත.
උදාහරණ:දුම්බීම තහනම්,ගැහැණු පිරිමි රූප,මාර්ග සංඥා,සිතියම් ආලෝක සංඥා, සයිරන් නලා හඬ ඇතුළත් වේ.
දේහ භාෂාව යනු ශරීරය එක් එක් අංග භාවිතා කරමින් සන්නිවේදනය කිරීමයි. අභිනයන්, ඉඟි ,ඉරියව්, මුද්‍රා ,නර්තන විලාස මෙයට අයත් වෙයි. ශරීර භාෂාව විවිධ ජන කණ්ඩායම්වලට අනුව දේහයෙන් දේහයට වෙනස් වෙයි.
උදාහරණ:ලෝකයේ එක් එක් ජාතීන් දෙදෙනකු හමු වූ විට සුභ ප්‍රාර්ථනා කරන ආකාරය එකිනෙකින් වෙනස් වේ.
සාර්ථක සන්නිවේදනය නියැළීමට නම් නිර්වාචික සන්නිවේදනය තුළ ශරීර භාෂාව සහ සංඥා භාෂාව ඵලදායි ලෙසයි යොදාගත යුතුවේ.
සටහන:හිමාෂා නෙත්මිණි

No comments:
Post a Comment