~2.jpg)
අවිධිමත් සන්නිවේදනය යනු සන්නිවේදකයා නොහොත් මූලාශ්‍රය පැහැදිලි ලෙස හඳුනාගත නොහැකි සන්නිවේදන ස්වරූපයයි.
උදාහරණ:කටකතා, කේලම්, ඕපාදුප, කෑළෑ පත්තර
අවිධිමත් සන්නිවේදනය තුළ ඉදිරිපත් වන තොරතුරු විශ්වාසනීයත්වයෙන් අවම වේ.ඊට හේතුව වන්නේ නිශ්චිත නිල අධිකාරියගෙන් තොරතුරු ඉදිරිපත් නොවීමයි.නමුත් කිසියම් සමාජයක අවිධිමත් සන්නිවේදනය ඉතා ප්‍රයෝජනවත් වී ඇත.මන්දයාත් විධිමත් සන්නිවේදනය තුළින් සමාජගත නොවන සන්දේශ සමාජගත වන්නේ අවිධිමත් සන්නිවේදනය තුළින් වීම හේතුවේ.
අවිධිමත් සන්නිවේදනය ගලා යනු ලබන්න අවිධිමත් ධාරාවක් ඔස්සේය.එය එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට එම පුද්ගලයාගෙන් තවත් අයකුට ආදී වශයෙන් ගලායාම තනි දාමය ලෙසත්,එක් පුද්ගලයෙකු නිශ්චිත සබඳතාවයක් ඇති තවත් කිහිප දෙනකුට පණිවිඩය ලබාදීම ඕපාදූප දාමය ලෙසත්,පුද්ගලයෙකු කිසියම් පිරිසකට එකවර තොරතුරු ලබාදීම පර්ශද දාමය ලෙසත්,නිශ්චිත සබඳතාවයන් නොමැති හමුවන ඕනෑම අයෙකුට තොරතුරු ලබාදීම සම්භාවිතා දාමය ලෙස පෙන්වාදිය හැකිය.
නූතනය වන විට නව මාධ්‍ය බිහිවීම හේතු කොටගෙන අවිධිමත් සන්නිවේදනය සමාජගත වීම සක්‍රීයව සිදුවේ. සමාජ ජාල වෙබ් අඩවි තුලින් මෙම සක්‍රියතාව සිදුවී ඇත.
අවිධිමත් සන්නිවේදනයේ ලක්ෂණ,
- සන්නිවේදකයන් නිශ්චිත නොවේ.
- අවිධිමත් ධාරාවක් ඔස්සේ ගලායයි.
- මතවාද,අදහස්,තර්ජන,යෝජනා තුළින් සමාජගත වේ.
- විධිමත් සන්නිවේදනය හිඩැස පුරවයි.
- විධිමත් සන්නිවේදනයට වඩා සක්‍රීය වේ.
- මිනිසාගේ සැකය,කුතුහලය ප්‍රයෝජනයට ගනිමින් ක්‍රියාත්මක වේ.
- මූලාශ්‍රය පැහැදිලිව හඳුනාගත නොහැකිය.
- රේඛීය දාමය අනුගමනය නොකිරීම නිසා තොරතුරු සම්ප්‍රේෂණය වේගවත්ව සිදුවේ.
- කිසිදු වූ නිල ස්වභාවයක් නොමැත.
1 comment:
Super
Post a Comment