පුවත්පත මුල්ම සංවිධිත ජනමාධ්‍යයි.මුල් කාලීනව හඳුන්වන ලද්දේ ප්‍රවෘත්ති ප්‍රසිද්ධියට පත් කරන පත්‍රය යන්නයි. යුනිස්කෝ සංවිධානය මෙලෙසින් නිර්වචනය කර ඇත.
"එදිනෙදා ජීවිතයට අවශ්‍ය තොරතුරු සහිත යම් නිශ්චිත කාලවකවානුවක අඛණ්ඩව ප්‍රකාශයට පත් කරන එකට නොබදින ලද ප්‍රකාශනයකි"
සුවිශේෂී භූගෝලීය කලාපයක වෙසෙන බහුතර ජනතාවට අයත් පොදු රුචිකත්වයට අඩංගු ප්‍රවෘත්ති පුවත්පතෙහි අන්තර්ගතය.දිනපතා හෝ සතිපතා නිකුත්වන ප්‍රකාශනයකි.ක්‍රි.ව 105 දී චීන ජාතික සායිලුන් කඩදාසිය සොයා ගැනුන අතර එසේම චීන ජාතිකයකු වූ වොංචි කඩදාසිය උපයෝගී කර ගනිමින් මුල්ම මුද්‍රණය සිද කොට ඇත. සිය මිය ගිය දෙමාපියන් සිහිපත් කිරීමට වජ්ජ සූත්‍රය මුද්‍රණය කිරීම තුළ ඉපැරණි මුද්‍රණ ශිල්පය චීනයෙන් බිහිවිය. ක්‍රි. ව 1445-1455 අතර කාලයේදී ජර්මන් ජාතිකයෙකු වූ ජොහැන්ස් ගුටෙන්බර්ග් සිය මුද්‍රණ යන්ත්‍රය උපයෝගී කර ගනිමින් බයිබලය මුද්‍රණය කරන ලදී. එය නූතන මුද්‍රණ ශිල්පීය ප්‍රථම අවස්ථාව මෙන්ම ජනමාධ්‍ය ආරම්භයේ මූලික වූ අදියරය වේ.
ලංකාවේ මුල්ම පුවත්පත වූයේ "Colombo Jurnel" වේ. ලංකාවේ මුල්ම සිංහල පුවත්පත වූයේ ලංකාලෝකය යි. නමුත් ලංකාවේ සිංහල ලියාපදිංචි මුල්ම පුවත්පත වන්නේ ලක්මිණි පහනයි.
පොත්
නුතන ජනමාධ්‍ය ඉතිහාසය ආරම්භ වූවා යැයි සලකනු ලබන්නේ පොත මගිනි. නීති පොත් ,අණ පණත්, රාජ්‍ය ආඥා රජයට අයත් ලිපි ලේඛන ඇතුළත් පොත් මෙහිදී බිහි විය.
හරිස්චන්ද්‍ර විජයතුංග මහතා පෙන්වා දෙන ආකාරයට පොත යනු,
"ලියූ හෝ මුද්‍රිත හෝ අමුද්‍රිත කොළ එකට එක්කොට තනාගත් ලේඛන මිටිය පොත වේ"
මධ්‍යතන යුගයේ චින්තනය වෙනස් වීමට හේතු වූ ආගමික පත්‍රිකා විශේෂය පොත් බවට පත්විය. පොත් සමාජයේ නව පිබිදීමකට හේතු විය. තාක්ෂණික දියුණුව ප්‍රතිඵලයක් වශයෙන් සාම්ප්‍රදායික පොතෙහි ලක්ෂණ වෙනස් වී ඇත. E News Paper සහ E News කලාව ඊට නිදසුන් වෙයි.
සඟරා:
ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයේ සගරාවක් යනු කුමක් ද යන වග මෙලෙස අර්ථකථනය කර ඇත.
"සතිපතා හෝ මාසිකව ලිපි ලේඛන හෝ ඡායාරූප ඇතුළත් තනි ලේඛනයකි"
"එදිනෙදා ජීවිතයට අවශ්‍ය තොරතුරු යම් නිශ්චිත කාල වකවානුවක අඛණ්ඩව ප්‍රකාශයට පත් කරන එකට බඳින ලද ප්‍රකාශනයකි"
පුවත්පත හා සඟරාව අතර ඇත්තේ පැහැදිලි වෙනසකි. පුවත්පතක නැවුම් තොරතුරු අන්තර්ගත වන අතර සඟරාවක ඇත්තේ තරමක් පිළුණු වූ තොරතුරුය. සඟරාවක නිමයුම උසස්ය. එහි අන්තර්ගත භාෂා භාවිතය ද වෙනස්ව වෙනස් වේ. මේවා වාර ප්‍රකාශන නමින් ද හඳුන්වයි. මාසිකව, ද්වීමාසිකව, අර්ධ වාර්ෂිකව හා වාර්ෂිකව ප්‍රකාශයට පත් කරයි. ක්‍රීඩා, සිනමා, විද්‍යා ,කාන්තා අධ්‍යාපනික දේශපාලන ආදී ක්ෂේත්‍රයන්ට අනුව සඟරා බිහි වී ඇත.
සටහන:හිමාෂා නෙත්මිණි

1 comment:
❤️❤️
Post a Comment