උදාහරණ: සංඥා ,මුද්‍රණාක්ෂර, ග්‍රැෆික් නිර්මාණ ,චිත්‍ර, වර්ණ ,ආලෝකය සජීවීකරණය චිත්‍රපට
ඉපැරණි සමාජය තුළ මරණයත් සිදුවූ විට ඒ බව තවත් පාර්ශකයට දැනගැනීමේ සඳහා ඔවුන් ජීවත් වූ ගල් ගුහා අවට කුඩා ගල් ගොඩවල් ගසා ඇති බව ඉතිහාසයේ සාක්ෂි දරයි. එපමණක් නොම යමෙකු වනයේ ඇවිදින විට නැවත වනය තුළ අතරමං නොවී එළියට ඒම සඳහා තමන් ගමන්කර මාර්ගය තුළ කොළ අතු කඩා එල්ලා ගිය බව ඉතිහාසයේ සඳහන්ය.එපමණක් නොව නිවස තුළ බෝවන රෝගයකින් පීඩා විඳින රෝගියෙකු සිටී නම් ඒ පිළිබඳ සමාජය දැනුවත් කර ඇත්තේ නිවස ඉදිරිපිට කොහොම අතු එල්ලීම තුළිනි. මේ අධ්‍යයනය කළ යුතු විෂයකි. දෘෂ්‍ය සන්නිවේදනය පිළිබඳ සිදු කරන්නා වූ අධ්‍යයනය සංඥාර්ථවේදය නමින් හඳුන්වයි.
සන්නිවේදන තාක්ෂණය බිහිවීමත් සමඟය දෘශ්‍ය සන්නිවේදනයද ප්‍රබල විය. විද්‍යුත් මාධ්‍ය තාක්ෂණය හා සමග බද්ධව නූතනය වන විට රූපවාහිනිය, පරිගණක අන්තර්ජාල සමාජ මාධ්‍ය ජාල තාක්ෂණයත් බිහිවී ඇත.නීරෝගී ඇසක් සහ නිරෝගී මනසත් තිබීම තුළම ඔහු දෘෂ්‍ය සන්නිවේදනය කොටස්කරුවෙකු වුවත් සාර්ථක හා ඵලදායි ලෙස දෘශ්‍ය සන්නිවේදනය නියැළීමට ඔහු විසින් නිපුණතා පෝෂණය කරගත යුතුය.
දෘශ්‍ය සන්නිවේදන නිපුණතා
- රූප මැනවින් දැකීම.
- රූප මැනවින් හඳුනා ගැනීම.
- අධ්‍යාපනික කාර්යය සඳහා රූප යොදා ගැනීම.
- දෘෂ්‍ය සන්නිවේදන අංග යොදා ගනිමින් නිර්මාණය කිරීම.

2 comments:
❤️
❤️❤️
Post a Comment