
වෙබ්ස්ටර් නව කොලීජීයෙට් ශබ්ද කෝෂය(Webster New Collegiate Dictionary)
"මහජන සම්බන්ධතා යනු, පුද්ගලයකු සමාගමක් හෝ ආයතනයක් පිළිබඳ දැනුවත් කිරීම හා හොඳ හිත වර්ධනය සඳහා ජනතාව පොළඹවනු ලබන්නා වූ ක්‍රියාදාමයකි."
එඩ්වට් එල්.බර්නීස් (Edward L.Bernays)
"මහජන සම්බන්ධතාවය යනු යම් ආයතනයක් සම්බන්ධයෙන් සංදේශ විකාශනය කිරීමට හා ඒවා මගින් මිනිසා පෙළඹවීමට යම් මතයක් කරුණක් ,සිද්ධියක්, ව්‍යාපෘතියක් ඇති කිරීමට හා හැඩ ගැසීමට උපකාරී වන විෂයකි."
චාල්ස් ප්ලැකාඩ් (Charles Placard)
"යහපත් සිතින් යුතුව මානව සදාචාර සම්පන්න භාවය ඇති කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග මහජන සම්බන්ධතා ලෙස සරලව හැඳින්විය හැකිය."
සෑම් බ්ලැක් (Sam Black)
"කිසියම් සංවිධානයක් සබඳතා පවත්වන අභ්‍යන්තර හා බාහිර සියලු දෙනා අතර අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම සඳහා කරනු ලබන සෑම දෙයක්ම මහජන සම්බන්ධතා නම් වේ."
බ්‍රිතාන්‍යයේ මහජන සම්බන්ධතා පිළිබඳ වරලත් ආයතනය (British Chartered Institute Of Public Relationship)
"සංවිධානයක් විසින් ඒ හා බැඳී පවතින මහජනතාව අතර හොඳ හිත හා අවබෝධ ඇති කිරීම හා එය පවත්වාගෙන යාම සඳහා ගනු ලබන සැලසුම් සහගත මෙන්ම ස්ථීරසාර උත්සාහ මහජන සම්බන්ධතා වේ."
✍️හිමාෂා නෙත්මිණි
No comments:
Post a Comment