අප ජීවත් වන්නේ මාධ්‍ය ලෝකයක වේ. දෛනිකව විවිධාකාරයේ මාධ්‍ය සංදේශ පුද්ගලයාට හා සමාජය වෙතට ගලා එයි. එකී මාධ්‍ය සංදේශ හුදෙක් නිර්මාණය වේ. මේවා තුළ සත්‍ය අසත්‍ය අන්තර්ගත වී ඇත. එබැවින් මාධ්‍ය මාධ්‍යයන්ගේ ආකූල වු සමාජයක් තුළ ජීවත් වන ග්‍රාහකයා එකී මාධ්‍ය සංදේශයන් හි සත්‍ය අසත්‍යතාවය නිවැරදි ලෙස තහවුරු කර ගැනීමට සමත් විය යුතු වේ. එහිදී ග්‍රාහකයා විමර්ශනාත්මකව මාධ්‍ය සංදේශ වටහා ගැනීම සහ මාධ්‍යයේ මායාව සහ යථාර්ථය තේරුම් ගැනීමට අවශ්‍ය මාධ්‍ය සාක්ෂරතා ඥානයෙන් පෝෂණය විය යුතුය.අප වෙත ලැබෙන සෑම මාධ්‍ය සංදේශයක්ම එම අයුරින්ම භාරගෙන ඒවා පිළිබඳ ප්‍රශ්න කිරීමට විචාරශීලී ග්‍රාහකයා සමත් විය යුතු වේ. මෙහිදී ජනමාධ්‍ය තේරුම් ගැනීමටත් විමර්ශනාත්මකව මාධ්‍ය සංදේශ වටහා ගැනීමටත් මාධ්‍ය යථාර්ථය හා මායාව තේරුම් ගැනීමටත් සමත් විය යුතු වේ.
විචාරශීලී ග්‍රාහකයා මාධ්‍ය සංදේශ වලින් ප්‍රශ්න කරයි. තොරතුරු ලැබෙන්නේ කෙසේද? කාගෙන්ද? කිනම් මූලාශ්‍රයකින්ද? කවුරුන් උදෙසාද යන්න පිළිබඳව සෑම විටම විමසා බලයි. එබැවින් විචාරශීලී ග්‍රාහකයා වනාහී සාමාන්‍ය ග්‍රාහකයා අතරින් සුවිශේෂී සක්‍රීය ග්‍රාහකයෙකු වේ.
විචාරශීලී ග්‍රාහකයා සතු විය යුතු කුසලතා
විශ්ලේෂණය
සංදේශයක් තේරුම් ගත හැකි ආකාරයට එය කොටස් වලට කඩා වෙන්කර හඳුනා ගැනීමයි.
තක්සේරුකරණය
මාධ්‍ය සංදේශයක ගුණාගුණ සොයාබලෙමින් තක්සේරු කිරීමයි. නැත්නම් ප්‍රවෘත්තියක සංදේශයක යෝග්‍ය අයෝග්‍යතාවය තහවුරු කිරීමයි.
කාණ්ඩකරණය
තොරතුරක් නැතහොත් ප්‍රවෘත්තියක කරුණුවල සමාන අසමාන කොටස් සංසන්දනය කිරීම වේ.
අනුමානය
කුඩා කරුණු ප්‍රමාණයකය විද්‍යාමාන වන රටාව හඳුනාගෙන ඊට වඩා විශාල කරුණු ප්‍රමාණයක පොදු රටාව හඳුනා ගැනීමයි.
නිගමනය
පොදු කරුණු උපයෝගී කරගෙන විශේෂ දෙයක් පැහැදිලි කිරීමට උත්සාහ කිරීමයි.
සංස්ලේෂණය
තිබෙන කොටස් එකට එකතු කොට නව ව්‍යූහයක් සකසා ගැනීමයි.
වියුක්තිකරණය
කිසියම් ප්‍රවෘත්තියක තොරතුරක අඩංගු හරය නිරවුල්ව පැහැදිලිව කෙටියෙන් සම්පින්ඩනය කර ගැනීමේ හැකියාවයි.
විචාරශීලී ග්‍රාහකයෙකු සතු විය යුතු කුසලතා මේ පරිදි පෙන්වා දිය හැක. මෙකී කුසලතා වලින් ග්‍රාහකයා විචාරශීලී ග්‍රාහකයෙකු සතු බලගන්වයි.
✍️හිමාෂා නෙත්මිණි

No comments:
Post a Comment