සන්නිවේදනය පුද්ගලයා සංවිධාන හා කෙරෙන සන්නිවේදනය වඩාත් සමීප හා අභිවෘද්ධිදායක කරනුයේ මහජන සම්බන්ධතා මඟිනි. සමාජ ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් වර්ධනය වීමේදී ඊට අනුකූල වන ලෙස ඒ සමාජ සංස්ථාවල තොරතුරු සම්පාදනය ද පුද්ගලය හා ජන කණ්ඩායම් අතර වඩාත් විධිමත් ලෙස ව්‍යාප්ත විය යුතුය. ඒ අනුව මහජන සම්බන්ධතා යනු, හුදෙකලාව පවතින තත්ත්වයක් වෙනුවට උපක්‍රමශීලී ලෙස සකසන සන්නිවේදනාත්මක සංදේශයකට හසුවීමක් ලෙස සැලකිය හැකිය.
මහජන සම්බන්ධතා සංකල්පය කෙමෙන් වර්ධනය වී සමාජයේ පවත්නා විවිධ ශාඛාවලට පැතිර තිබේ. වෙළඳාම්, ව්‍යාපාරික කටයුතු, රෝහල්, සමිති සමාගම් රජය පරිපාලන කටයුතු රාජය නොවන සංවිධාන ආදිය පවත්වාගෙන යාම සහ රැකියා කේන්ද්‍රගතව ක්‍රියාත්මක වීම දක්වා විවිධ ක්ෂේත්‍ර වලට ඒ ව්‍යාප්ත වී ඇත.
මහජන සම්බන්ධතාවය යනු,
කළමනාකාරණ කාර්‍යකි.
මහජන සම්බන්ධතාවයට යන්ත්‍ර, සන්නිවේදනය හා ජනමාධ්‍ය භාවිතා කරයි.
මුදල් වැය නොවේ.
සෑම සංවිධානයකටම අවශ්‍ය වේ.
දීපාර්ශ්වික හෝ අන්තර් ක්‍රියාකාරී ක්‍රියාවක් ලෙස සලකනු ලැබේ.
සැලසුම් සහගත සංවිධානාත්මක දෙයකි.
මහජන සම්බන්ධතා මගින් ඇති කරනු ලබන සබඳතාව කෙටිකාලීන වූවක් නොව දිගු කාලීන වූවක් බව පැහැදිලි කරයි.
අරමුණු සහ ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් පුළුල් ආකාරයෙන් ප්‍රායෝගිකව ආවරණය කරනු ලබන්නකි.
ආයතනයක් හා සම්බන්ධතා පවතින්නේ තනි පුද්ගලයෙකු නොව පාරිභෝගිකයා නැතහොත් ජනතාව වන බව මහජන සම්බන්ධතා පෙන්වා දෙයි.
✍හිමාෂා නෙත්මිණි

No comments:
Post a Comment