Communication for Development
"සංවර්ධනය සඳහා සන්නිවේදනය" යනු රටක හෝ ප්‍රජාවක පුළුල් හා තිරසාර සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා සන්නිවේදන ක්‍රියාවලි සහ මෙවලම් උපායශීලීව යොදා ගැනීමයි.මෙය ප්‍රධාන වශයෙන් තොරතුරු හුවමාරුවට වඩා, සංවාදය සහ සහභාගීත්වය මූලික කරගත් සමාජ ක්‍රියාවලියකි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය-
"සංවර්ධනය සඳහා සන්නිවේදනය යනු, සංවාදය සක්‍රීය කරවන ද්වීමාර්ග සන්නිවේදන පද්ධති මඟින් ප්‍රජාවන්ට ඔවුන්ගේ අභිලාෂ සහ උත්සුක ප්‍රකාශ කිරීමට හැකි හා ඔවුන්ගේම සංවර්ධන ක්‍රියාවලියට අදාළ තීරණ වලට සහභාගීව මැදිහත් වීමයි."
රෝම සම්මුතිය-
"සංවර්ධනය සඳහා සන්නිවේදනය යනු, පුළුල් පරාසයක මෙවලම් හා ක්‍රම භාවිතා කරමින් සංවාදය මත පදනම් වූ ක්‍රියාවලියකි. එසේම දැනුම නිපුණතා බෙදා හදා ගැනීම ගොඩනැගීම මෙන්ම ප්‍රතිපත්ති ,විවාද සහ ස්ථීරසාර වූ සංවර්ධනයක් සඳහා සවන් දීම, විශ්වාසය ගොඩනැගීම සහ විවිධ මට්ටම්වල වෙනස්කම් හඳුනා ගැනීමයි. එය මහජන සම්බන්ධතාවය හෝ ආයතනික සන්නිවේදනය නොවේ."
ස්වීඩනයේ මැල්මෝ විශ්ව විද්‍යාලය-
"ගෝලීයකරණ සන්දර්භයෙ හි සංවර්ධනය සඳහා සන්නිවේදනයේ භාවිතය යනු සමාජ වෙනස්කම් සඳහා ක්‍රියාවලි ප්‍රකාශයට පත්කිරීමේ ක්‍රමයකි."
සිල්වියෝ වයිස් බෝට් විසින් සංවර්ධනය සඳහා සන්නිවේදනය ප්‍රායෝගිකභාවය සම්බන්ධයෙන් ප්‍රධාන අදහස් පහක් හඳුනාගෙන තිබේ.
-කේන්ද්‍රගත බලය ශක්තිමත් කිරීම.(පුද්ගලයන් හා ප්‍රජාවන් දැනුම අත්පත් කර ගැනීම හා ගැටුම් සම්පාදනය කිරීම)
-ඉහළ පහළ හා පහළ ප්‍රවේශ ඒකාබද්ධ කිරීම.
-සන්නිවේදන මෙවලම් භාවිතා කිරීම.
-පුද්ගලාන්තර හා ජන සන්නිවේදනය අතර සමබරතාව නිර්මාණය කිරීම.
-පුද්ගල හා සමාජ හැසිරීම් වෙනස් කිරීමේ වැඩසටහන්වලට ප්‍රමුඛතාවය දීම.
ශ්‍රීනීවාස් මෙල්කෝට් සංවර්ධනය සඳහා සන්නිවේදනය යනුවෙන් දක්වා ඇත්තේ,
-විචාරාත්මක සිද්ධාන්ත මගින් මානව සමාජ ගැටලුවලට විසඳුම් සොයා ගැනීම.
-මිනිසාගේ ඉතිහාසය ක්‍රියාවලියක් බව වටහා ගැනීම.
-ආගමික බැඳීම් වලින් තුන්වැනි ලෝකයේ විමුක්තිය ලබා ගැනීම.
-සන්නිවේදනය සහ සමාජ ව්‍යුහය පිළිබඳ සම්බන්ධතා වැඩි දියුණු කිරීම.
-තුන්වෙනි ලෝකයේ සංවර්ධනය සඳහා සන්නිවේදනය වැඩිදියුණු කර ගැනීම පිණිස යෝජනා හා ඒවා සිදුකළ හැක්කේ කෙසේද යන යාන්ත්‍රික ප්‍රශ්න ඇසුරෙන් පමණක් අවශ්‍යතා තහවුරු කර ගැනීමට නොහැකි බව වටහා ගැනීමයි.
✍️ හිමාෂා නෙත්මිණි

No comments:
Post a Comment