ක්‍රි.ව 1445-1450 අතර කාලය තුළ ගුටෙන් බර්ග් විසින් එකවර විශාල ග්‍රාහක සංඛ්‍යාවකට තොරතුරු, පණිවිඩ රැගෙන යාම උදෙසා සොයා ගන්නා ලද මුද්‍රණ යන්ත්‍රය තුළින් ජන සන්නිවේදන මාධ්‍යයන් හි සම්භවය සිදුවිය.ඒ අනුව මූලික වශයෙන් මුද්‍රිත මාධ්‍යත් අනතුරුව විද්‍යුත් මාධ්‍යත් සම්භවය විය.
මුද්‍රිත මාධ්‍ය ලෙස: පුවත්පත, සඟරා
විද්‍යුත් මාධ්‍ය ලෙස:ගුවන් විදුලිය, රූපවාහිනිය
ජන සන්නිවේදනය පැහැදිලි කිරීම සඳහා විවිධාකාරයේ අර්ථකථන ඉදිරිපත් වී ඇත. ඒ අතරින් පිළිගත් අර්ථකථනයක් ජන සන්නිවේදන අවබෝධය (Understanding mass communication) යන ග්‍රන්ථයේ මෙසේ අර්ථකථනය කර ඇත.
"වෘත්තීය සන්නිවේදකයින් යාන්ත්‍රික මාධ්‍ය වහල් කොටගෙන පුළුල් ලෙසත්,ක්ෂණිකවත්,අඛණ්ඩවත් සංදේශ විශාල වූත්,විවිධ වූත් ග්‍රාහක ක්ෂේත්‍රයක් වෙත පතුරවමින් යම් බලපෑමක් ඇති කිරීමේ ක්‍රියාවලිය ජන සන්නිවේදනය යි" ඩිෆ්ලුවර් සහ ඩෙනිස්
ජන සන්නිවේදනයේ ලක්ෂණ
- විධිමත් සංවිධානගත ආයතනික ව්‍යුහය.
- පොදු පණිවිඩ විසරණය අසීමාන්තික ග්‍රාහක සංඛ්‍යාවක් විසිරී පැතිරී සිටීම.
- ප්‍රතිපෝෂණය නොලැබීම හෝ ප්‍රමාද වීම.
- බහුවිධ දොරටුපාලකයින් දක්නට ලැබීම.
- ක්ෂණික හා අඛණ්ඩ බව.
- සන්නිවේදකය හා ග්‍රාහකයා අසම්මුඛ වීම.
- බොහෝවිට ලාභ ඉපයීම ප්‍රධාන අරමුණ වීම ද පොදු සේවා අරමුණුවලින් සමන්විත වන අතර බොහෝ විට ලාභ ලැබීමේ අරමුණු ක්‍රියාත්මක වේ.
- දියුණු තාක්ෂණික මෙවලම් භාවිතය.
- නිරන්තර තරඟකාරීත්වය.
සටහන:හිමාෂා නෙත්මිණි

No comments:
Post a Comment