එක් අයකුගෙන් සමූහයට One to many
එක් පුද්ගලයෙකු විසින් සමූහයකට ආමන්ත්‍රණය කිරීමේ හැකියාව මෙලෙස හඳුන්වනු ලබයි.
උදාහරණ:ගුරුවරයා පන්ති කාමරය තුළදී සිසුන් ඇමතීම.
සමූහයකගෙන් සමූහයකට Many to many
නවීන සන්නිවේදන තාක්ෂණය දියුණුවත් සමඟ නව මාධ්‍ය ක්‍රමවේදය ඔස්සේ පුද්ගල සමූහයක් තවත් පුද්ගල සමූහයකට ඇමතීම සිදු වේ.මෙය Many to many සංකල්පය ලෙස හඳුන්වනු ලබයි.මෙහිදී විවිධ සමූහයන්ට විවිධ ස්ථානයන්හි සිට ඇමතීමට හැකියාව ඇත.
උදාහරණ:Web group,Group messeges,Comferance call
සමූහ සන්නිවේදනය සංවිධානාත්මක ලෙස සිදුකිරීමෙන් එය සාර්ථක කර ගත හැක.එහිදී සන්නිවේදකයාට ඉවහල් කර ගත හැකි විධික්‍රම කිහිපයකි.
පෙර සූදානම
අරමුණු සහගත බව
අවාචික සන්නිවේදන විධික්‍රම භාවිතය
විවිධ තාක්ෂණික මෙවලම් භාවිතය
ප්‍රදීපාගාර උපක්‍රමය
ආකර්ෂණීය කථන විලාසය
ග්‍රාහක කේන්ද්‍රීය සන්නිවේදනය
ග්‍රාහක ප්‍රතිචාර පිළිබඳ සැලකිලිමත් වීම
කාල කළමනාකරණය
ආචාරශීලීත්වය
මනා සංවිධානය
වග වීම හා වගකීම
සමූහ සන්නිවේදනයේ ලක්ෂණ
පුද්ගලයින් පිරිසක් හෝ කණ්ඩායමත් සම්බන්ධ වීම.
කණ්ඩායම් නායකත්වය ඉස්මතුවීම.
නිශ්චිත අරමුණුකට අනුව සිදුවීම.
සහභාගී වන පිරිසගෙන් අදහස් යෝජනා ලබා ගැනීමට හැකිවීම.
දුරස්ථ සන්නිවේදනය සිදුකිරීමේදී විවිධ තාක්ෂණික උපකරණ හා මෙවලම් භාවිතා කිරීමට හැකිවීම.
නියමිත කාල රාමුවන් න්‍යාය පත්‍රයක් අනුව කිරීමට හැකි වීම.
කඩිනම්ම සන්නිවේදනයේ යෙදීමේ හැකියාව.
ඒක මාර්ගිකව බොහෝ ද්වී මාර්ගිකව සන්නිවේදනයේ යෙදීමට හැකිවීම.
සජීවීව සන්නිවේදනයේ යෙදීමේ හැකියාව.
සටහන:හිමාෂා නෙත්මිණි

No comments:
Post a Comment