"තොරතුරු ගැබ් වූ සංඥාවක් කරණ කොට දෙපාර්ශවයක් අතර එක හා සමාන මානසිකත්වයක් ඇතිවීම සන්නිවේදනයයි"(මහාචාර්ය විල්බ ශ්‍රාම්)
සන්නිවේදනය ක්‍රියාවලියක් තුළ එය ක්‍රියාත්මක වීම උදෙසා සම්බන්ධ වන ප්‍රධාන මූලික අංග ත්‍රිත්වයකි.එනම්
- සන්නිවේදකයා
- පණිවිඩය
- ග්‍රාහකයා
මෙකී මූලිකාංග ත්‍රිත්වයේ ක්‍රියාකාරීත්වය හමුවේ සන්නිවේදනය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වේ.සෑම සන්නිවේදන අවස්ථාවක් තුළම මනසට දැනෙන දෙයක් ඇත.මහාචාර්ය විමල් දිසානායක "විඥාපනය"නමින් සන්නිවේදන විද්‍යාව තුළ අර්ථ දක්වා ඇත.සංජනනය නමින්ද හඳුන්වන්නේ සන්නිවේදනය තුළ දැකගත හැකි මෙකී ලක්ෂණයමය වේ.
සන්නිවේදනයේ කවදා කෙසේ ආරම්භ වී ඇත්ද එහි විකාශනය කෙසේ සිදුවී ඇත්ද යන්න පිළිබඳව සන්නිවේදන විද්වතුන් විවිධ පරීක්‍ෂණ සිදුකරමින් අනාවරණය කර ගැනීමට උත්සුක වී ඇත.සන්නිවේදනය කවදා කෙසේ ආරම්භ වී ඇත්ද යන්න පිළිබඳව නිශ්චිතව සාක්ෂි සොයාගැනීමට නොහැකිවූ සමාජ පරීක්ෂකයින් සන්නිවේදනයේ ආරම්භය පිළිබඳව විවිධ අර්ථකථන ඉදිරිපත් කොට ඇත.ඒ අතර මහාචාර්ය විල්බර් ශ්‍රාම් මෙවැනි අර්ථකථනයක් ඒ පිළිබඳව සිදුකර ඇත.
"පොළොව මත ගෙවුණු ඉතා දිගු අතීතය අප එක් දිනක් ලෙස කල්පනා කළහොත් සන්නිවේදනය ආරම්භය සිදු වූයේ ඊයේ මැදියම් රෑ කිසියම් නිමේෂයකට පෙරදීය"
සන්නිවේදනය ආරම්භයේ සම්බන්ධයෙන් නිශ්චිත සාක්ෂි නොමැත.නමුත් මානවයා තමා ජීවත් වූ භෞතික පරිසරය යම් යම් සංසිද්ධීන් හේතුඵලවාදීව අවබෝධ කර ගැනීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් මත පළ කර ඇත.මේ අනුව මූලික සන්නිවේදනයේ ස්වභාවය ලෙස ප්‍රකට වන්නේ තමා තමා සමඟ සිදු කරන සන්නිවේදනය හෙවත් අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනයයි.මානවයා තම මූලික අවශ්‍යතාවයන් හමුවේ තමා තමා සමඟ සන්නිවේදනයේ යෙදුණි.ආහාරපාන,වාසස්ථාන,ඇඳුම් පැළඳුම්,නින්ද,විවේකය හා ලිංගිකත්වය යනාදී වූ මානව ලෝකයේ මූලික අවශ්‍යතා අන්තර්වාදය පුද්ගල සන්නිවේදනය තුළින් පූර්ණ කර ගැනීමට මානවයා සමත් විය.ලිංගිකත්වය නම් මානව අවශ්‍යතාවය හමුවේ තවත් පාර්ශවයක් හා සමග අන්‍යෝන්‍ය සබඳතා ගොඩනඟා ගැනීමට මානවයාට සිදුවිය එබැවින් ඒ සඳහා යෝග්‍ය කක්‍රමවේදයක් සෙවීමට මානවයාට සිදුවිය.ඉගි, සංඥා සංකේත භාවිතා කරමින් තවත් පාර්ශවයක් හා සබඳතා ගොඩනංවා ගැනීමෙන් අනතුරුව දරුවන් බිහි කිරීමට මානවයා සමත් විය.ඒ අනුව සමාජයේ මූලික තැනුම් මේකකය වූ පවුල නම් සංකල්පය සමාජයට ප්‍රභවය විය.මීට පුපුද්ගලාන්තර සන්නිවේදනය හේතු විය
පවුලේ සාමාජිකයන් ක්‍රමයෙන් වැඩි විය.ඒ අනුව මානවයා සමූහයකට ආමන්ත්‍රණය කිරීමේ ක්‍රමවේදය සොයන්නට විය.මානවයා සිය දරුවන්ට දඩයම් ශිල්පය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීම උදෙසා තමා ජීවත් වූ ගල් ගුහා හා ගස්වල වෙනවල චිත්‍රාක්ෂර හා සංඥාක්ෂර භාවිතා කරමි සමූහයට තොරතුරු ඉදිරිපත් කරනරන ලදි.ප්‍රංශයේ ලැස්කෝ,ස්පාඤ්ඤයේ අල්ටමීරා ගල්ගුහාවල මානවයා සාමූහික වශයෙන් අදහස්,තොරතුරු හුවමාරු කර ගැනීම උදෙසා භාවිතා කරන ලද සන්නිවේදන ක්‍රමෝපායන් පිළිබඳව තවදුරටත් සාක්ෂි ශේෂව ඇත.ඒ අනුව මේ තුළ පුද්ගලයන් දෙදෙනෙකුට වඩා වැඩි පිරිසක් අතර සිදු කරන සන්නිවේදනය හඳුන්වනු ලබන්නේ සමූහ සන්නිවේදනය ලෙස නම්විය.
මේ ආකාරයෙන් මානවයා තමන් අභිමුඛයේ සිට කිසියම් පාර්ශවයකට අදහස් තොරතුරු රැගෙන යාමේ ක්‍රමෝපායන් වෙනුවට තමාගෙන් දුරස්ව සිටි කිසියම් පාර්ශවයකට අදහස් තොරතුරු රැගෙන යාමේ ක්‍රමෝපායන් පසුපස හඹා ගියහ.ඒ අනුව දුරස්ථ සන්නිවේදන විධික්‍රම වූ පූර්ව ගින්දර, දුම කොඩි, බෙර, සතුන් මාර්ගික භාවිතා කරමින් දුරස්ථව සන්නිවේදනය කිරීමට සමත් විය.සන්නිවේදන තාක්ෂණයන් නොතිබූ මෙම යුගයේ මානවයා සියමානවධාරිතාවක් උපයෝගී කරගනිමින් දුරස්ථව සන්නිවේදනය කිරීමට සමත් විය.මෙකී සන්නිවේදන ක්‍රම උපායන් සාම්ප්‍රදායික සන්නිවේදනය ක්‍රම ලෙස ප්‍රභවය විය.
මානව ඉතිහාසයේ සන්නිවේදන ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස ලෝක ජනමාධ්‍ය සම්භවය විය.සීමිත දුරකට පමණක් සංදේශ රැගෙන යාමට තිබූ සීමාමායෙන් බිඳ දමමින් අති විශාල ජනස්කන්ධයකට සංදේශ රැගෙන යාමේ තාක්ෂණය ලොවට බිහිවිය.ක්‍රිස්තු වර්ෂ 105 චීන ජාතික සායිලුන් කඩදාසිය නිර්මාණය කිරීමත් ක්‍රි.ව 1440 ජොහැන්නස් ගුටේන්බර්ග් විසින් මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීම තුළ ලෝක ජනමාධ්‍ය ආරම්භ විය.ගුටේන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීම තුළ ලෝක ජනමාධ්‍ය ආරම්භ විය.මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීම ලෝක ජනමාධ්‍ය ඉතිහාසය ප්‍රාරම්භය සිදුවූ අවස්ථාව ලෙස සන්නිවේදන විද්වතුන් මත පළ පළ කරයි. මෙම මුද්‍රණයන්ත්‍රය මගින් මුල් වරට ධර්ම ප්‍රචාරය උදෙසා බයිබලයේ මුද්‍රණය කර බෙදාහරින ලදී.
පුවත්පත් මාධ්‍ය තුළින් ආරම්භ වූ ජනමාධිය ඉතිහාසයේ තවත් එක් සන්ධිස්ථානයක් ලෙස ගුවන් විදුලි මාධ්‍ය බිහිවීම පෙන්වාදිය හැක.දෙවන ලෝක යුද්ධ සමයේ කඳවුරු අතර පණිවිඩ හුවමාරුව සඳහා සැමුවෙල් මෝස් විසින් සොයාගන්නා ලද මෝස් සංඥා ක්‍රමවේදය භාවිතා කරන ලදී.මිනිස් කටහඬ තරංගයක් බවට පරිවර්තනය කර දුරකට සම්ප්‍රේෂණය කර එය නැවත ශබ්දයක් බවට පරිවර්තනය කිරීම මෝස් සංඥා තාක්ෂණයට හැකි විය.මෙම තාක්ෂණය පදනම් කරගෙන ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් දුරකථනයේ සොයා ගන්නාලදී.අනතුරුව ශබ්ද තරංගයක් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට සම්ප්‍රේෂණය කරවීම හැකි බව දැනුවත් වෙමින් ගොග්ලි එල්මෝ මාකෝනි විසින් ලොව මුල් වරට ගුවන් විදුලියන්ත්‍රය ජනමාධ්‍ය තුළට දායාද කරන ලදී.අතීතය තුළ හුදෙක් මෙය තොරතුරු සම්ප්‍රේෂණ මාධ්‍යයක් නොව ඒ වනාහි කදවුරු වල සොල්දාදුවන්ගේ රැය පහන් කරවීම සඳහා ලබා දෙන උත්තේජන උපකරණයක් ලෙසට සීමා විය.
ගුවන් විදුලි සම්භවය වීමෙන් අනතුරුව මිනිසාට ශ්‍රව්‍ය රසය අතික්‍රමණය කරමින් ශ්‍රව්‍ය දෘශ්‍ය රසය අත්විඳීමේ රුචිකත්වය ඇති විය.ගුවන් විදුලිය බිහිවී කෙටි කාලය තුළ සමාජයේ තැනින් තැන සෙවනැලි ඡායාරූප කලාව තුළින් කතන්දර කීමේ කලාවක් නිර්මාණය විය.මෙම කලාව කාලීනව සංවර්ධනය විය.මැජික් ලන්තෑරුම නිර්මාණය වීම රූපවාහිනිය නිර්වාණය වීමට ආසන්නතම හේතුව විය.මේ සාධක මට අරඹයා මෙකී තාක්ෂණය මත රූපයත්,ශබ්දයත් තාක්ෂණික වශයෙන් සම්මිශ්‍රණය කර රූපවාහිනියේ බිහි කිරීම ජෝන් ලොකී බේයාඩ් සමත්විය.රූපවාහිනිය බිහිවීම ලෝක ජන සන්නිවේදනීය සුවිශේෂී ජයග්‍රහණයක් විය.
ලෝක ජනමාධ්‍ය ඉතිහාසයට පුවත්පත ගුවන්විදුලිය,රූපවාහිනිය සම්භවය විය.නමුත් මෙම මාධ්‍ය ක්‍රියාත්මක වූයේ දේශීය සීමා මායිම් තුළය.මානවයාට මෙකී දේශීය සීමා මායිම් අතික්‍රමණය කරමින් තොරතුරු හුවමාරු කිරීමේ තාක්ෂණයක් අවශ්‍ය විය.ඊට පිළියමක් ලෙස අභ්‍යාවකාශයේ කක්ෂ කරන ලද එක් චන්ද්‍රිකාවක් මගින් මුළු ලෝකයේ පුරා තොරතුරු එහා මෙහා රැගෙන යාම මිනිසා සොයා ගන්නා ලදී.ඒ අනුව විසිවන සියවසේ දී මිනිසා ඒකීය සීමා මායිම් පුළුල් කරමින් විශ්වය පුරා සන්නිවේදනය කළ හැකි අන්තර්ජාල මාධ්‍ය සොයා ගැනීමට සමත් විය.
මෙලෙස විකාශනය වන සන්නිවේදන ගමන් මාර්ගය අනාගතය තුළ කෙසේ තවදුරටත් සංකීර්ණ වන්නේ ද යන්න නිගමනය කළ නොහැකිය.මන්දයත් සන්නිවේදනය වනාහි හෙට දවසේ ලෝකයයි.තාක්ෂණය මත සන්නිවේදනය නිම් වළලු තවදුරටත් පුළුල් වෙයි.එබැවින් හෙට දවසේ සන්නිවේදනය ගෝලීය මිනිසා තවදුරටත් සසංවර්ධනය කිරීමට හේතුවේ.
සටහන:හිමාෂා නෙත්මිණි

No comments:
Post a Comment