සන්නිවේදන ආකෘතියක් යනු, සන්නිවේදනය ක්‍රියාවලිය සරල ලෙස විග්‍රහ කරන රූප සටහනකි. සන්නිවේදනය බැලූ බැල්මට හඳුනාගත නොහැකි තරම් සංකීර්ණය.එහි ඇති සංකීර්ණත්වය සරල කොට සන්නිවේදනය ක්‍රියාකාරීත්වය පැහැදිලි කිරීමට විවිධ සන්නිවේදන විද්වතුන් විවිධාකාරයේ දෘෂ්ටිකෝණයන්ට අනුව සන්නිවේදන අකෘති ඉදිරිපත් කොට ඇත.
සන්නිවේදන ආකෘති ප්‍රධාන කොටස් දෙකක් යටතේ හඳුනා ගැනේ. ඒකමාර්ගික සන්නිවේදනය
ද්වීමාර්ගික සන්නිවේදනය
සන්නිවේදනය ගලායනු ලබන ආකාරය පිළිබඳව සැලකිලිමත් වෙමින් සන්නිවේදන විද්වතුන් සන්නිවේදන ආකෘති ගණනාවක් ඉදිරිපත් කොට ඇත. එම ආකෘතින් එකිනෙකින් එකිනෙකට වෙනස් වේ. ඊට හේතුව ලෙස පෙන්වා දිය හැක්කේ ඔවුන් සන්නිවේදන ක්‍රියාවලිය විග්‍රහ කරගෙන ඇත්තේ විවිධ දෘෂ්ටිකෝණයන්ට අනුව වීමයි. සමාජ විද්‍යා දෘෂ්ටිකෝණය, දේශපාලන විද්‍යා දෘෂ්ටිකෝණය, තාක්ෂණික දෘෂ්ටිකෝණය, ඓතිහාසික දෘෂ්ටිකෝණය ඔස්සේ විද්වතුන් විග්‍රහකොට ඇත.
සන්නිවේදන අකෘති පිළිබඳව මහාචාර්ය විමල් දිසානායක පැහැදිලි කර ඇත්තේ මෙලෙසිනි.
"සන්නිවේදනය හා සම්බන්ධ මූලික අංග ලක්ෂණ කිහිපයක් සන්නිවේදන ආකෘතියක් මඟින් ඉදිරිපත් කරයි.සන්නිවේදනයේ සැබෑ ස්වරූපය වටහා ගැනීමට උපකාරී වන මුක්ඛ කිහිපයක් තෝරා ඒවා අතර පවත්නා අන්‍යෝන්‍ය සම්බන්ධය මතුකොට දැක්වීම සන්නිවේදන ආකෘතියකින් ඉටුවන ප්‍රධාන කර්තව්‍යයකි."
01.ඇරිස්ටෝටල් ආකෘතිය
ග්‍රීක දාර්ශනිකයකු වූ ඇරිස්ටෝටල් පඬිවරයා ක්‍රි.පු 384-322 අතර කාල පරාසය තුළ මොහු විසින් කතන සන්නිවේදන අවස්ථාවක් අධ්‍යයනය කරමින් සන්නිවේදනය පිළිබඳව වූ මූලික සන්නිවේදන ආකෘතිය ඉදිරිපත් කොට ඇත.වාග් අලංකරණ ශාස්ත්‍රයට අයත් රිටෝරික් නම් ග්‍රන්ථය තුළ මොහු මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කොට ඇත.
ඇරිස්ටෝටල් සන්නිවේදනයට සම්බන්ධ මූලිකාංග 05 හඳුනාගත හැකිය.කථිකයා, කතාව ශ්‍රාවකයා, බලපෑම, අවස්ථාව
කථිකයා යනුවෙන් හඳුන්වන්නේ සන්නිවේදකයාය.පණිවිඩ ඉදිරිපත් කරනු ලබන්නමොහුය.ඉලක්කගත කණ්ඩායමට හා අවස්ථාවට ගැලපෙන ලෙස සිය කතාව සැලසුම් කරගත යුතුය.එමගින් ශ්‍රාවක පිරිස තුළ යම් බලපෑමක් හෝ පෙළඹවීමක් ඇති කිරීමට හැකිවේ.
කතාව යනු සංදේශයයි.කතාව ශ්‍රාවකයා පොළඹවන සුළු ආකාරයේ කතාවක් විය යුතුය.දියුණු තාක්ෂණික මෙවලම නොතිබූ මෙම යුගයේ ඇරිස්ටෝටල් කතාව ලෙසින් පෙන්වා දෙන්නේ සමකාලීන දේශනයයි.
ශ්‍රාවකයෝ යනු ග්‍රාහකයෝය.කතාවට සවන් දෙන පාර්ශවය වේ.ඇරිස්ටෝටල්ට අනුව මෙහිදී ග්‍රාහකයා අක්‍රියග්‍රාහකයෙකු වේ.
අවස්ථාව යනු සන්දර්භයයි.සන්නිවේදකයා සන්නිවේදනය කරනු ලබන පාරිසරික තත්ත්වයේ මෙයින් අර්ථවත් වෙයි.
ඇරිස්ටෝටල් ආකෘතියේ ලක්ෂණ/විශේෂතා
- රේඛීය ආකෘතියක් වේ.
- ප්‍රතිචාර ප්‍රතිපෝෂණය ගැන අවධානයක් යොමුකොට නැත.
- අවධානය යොමු කර ඇත්තේ මූලිකාංග පහක් පිළිබඳ පමණි.
- නූතන සංකීර්ණ සන්නිවේදනය ක්‍රියාවලිය විග්‍රහ කිරීමට ප්‍රමාණවත් නොමැත.
- සමකාලීන සන්නිවේදන ගලායාම පිළිබඳ පමණක් අවධානය යොමු කොට ඇත.
- සමාජ විද්‍යා දෘෂ්ටිකෝණයෙන් ඉදිරිපත් කර ඇත.
02.හැරල් ඩී ලැස්වෙල් ආකෘතිය.jpg)
ඇමෙරිකානු ජාතික දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වූ හැරල් ඩී ලැස්වෙල් 1948 දී සිය සන්නිවේදනය පිළිබඳ ආකෘතිය ඉදිරිපත් කර ඇත.පළමු ලෝක යුධ කාලවකවානුව තුළ භාවිතා කළ ප්‍රචාරණ විධික්‍රම පිළිබඳ අවබෝධයෙන් ඔහු සිය ආකෘතිය ඉදිරිපත් කොට ඇත.බලපෑම කෙරෙහි දැඩි අවධානයකින් යුක්තව ඔහු සිය ආකෘතිය ඉදිරිපත් කර ඇති අතරේ ඒ සඳහා ඔහුගේ සන්නිවේදනය පිළිබඳ නිර්වචනයද උපයෝග කොට ඇත.
මෙම සන්නිවේදන ආකෘතියේ විශේෂතා.
රේඛීය ආකෘතියකි.
- බලපෑම කෙරෙහි වැඩි අවධානයකින් ඉදිරිපත් කර ඇති ආකෘතියකි.
- ප්‍රතිචාර/ප්‍රතිප්‍රති පෝෂණය කෙරෙහි අවධානය යොමු කොට නැත.
- දේශපාලන විද්‍යා දෘෂ්ටිකෝණයකින් යුතුව ඉදිරිපත් කර ඇත.
- බාධා කෙරෙහි අවධානය යොමු කොට නැත.
03.ශ්‍රාම් ඔස්ගුඩ් ආකෘතිය
විල්බර් ශ්‍රාම් සහ චාල්ස් ඔස්ගුඩ් විසින් 1954 දී සමාජ විද්‍යා දෘෂ්ටිකෝණයෙන් මෙම ආකෘතිය ඉදිරිපත් කොට ඇත.සන්නිවේදනය එක් ස්ථානයකින් ආරම්භ වී තවත් ස්ථානයකින් අවසන් විය යන කියමන සාවද්‍ය කරමින් මෙම ආකෘතිය ඉදිරිපත් කොට ඇත.මෙම ආකෘතිය ඔස්සේ පෙන්වා දෙන ලද සන්නිවේදනයේ සුවිශේෂී ලක්ෂණය වූයේ සන්නිවේදනය ඇති අඛණ්ඩ බවයි.
ශ්‍රාම් ඔස්ගුඩ් අකෘතියේ විශේෂතා
- රේඛීය නොවන ආකෘතියකි.
- ප්‍රතිපෝෂණය පිළිබඳව සඳහන් කිරීමක් කර ඇත.
- සන්නිවේදනය අඛණ්ඩ ක්‍රියාවලියක් බව පෙන්වා දී ඇත.
- සන්නිවේදකයා මෙන්ම ග්‍රාහකයාදය සන්නිවේදන ක්‍රියාවලියේදී වැදගත් බව පෙන්වා දී ඇත.
- ආකේතකරණය,විකේතකරණය,අර්ථකථනය පෙන්වා දීඇත.
04.ෂැනොන් වීවර් ආකෘතිය

ක්ලෝඩ් ඊ ෂැනොන් සහ වෝරන් වීවර් විසින් 1949 දී සන්නිවේදනය පිළිබඳ ආකෘතියක් ඉදිරිපත් කරයි.තාක්ෂණික ක්‍රියාවලියක් තුළ සන්නිවේදනය ක්‍රියාත්මක වන ආකාරය කෙරෙහි අවධානයෙන් මෙම ආකෘතිය ඉදිරිපත් කර ඇත.මෙය ගණිතමය ආකෘතියක් ලෙසද හැඳින්වෙයි.සන්නිවේදන ක්‍රියාවලියක් තුළ සිදුවන ඝෝෂා හෙවත් බාධා මුල්වරට පෙන්වා දුන් ආකෘතිය මෙය වේ.
මෙම ආකෘතියේ විශේෂතා
- මුල් වරට සන්නිවේදන ආකෘතිය තුළ බාධා පෙන්වා දුන් ආකෘතිය වේ.
- රේඛීය ආකෘතියකි.
- තාක්ෂණික පදනමකින් ඉදිරිපත් කොට ඇති ආකෘතියකි.
- ප්‍රතිචාර/ ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය ගැන අවධානය යොමු කර නොමැත.
- සම්ප්‍රේෂණය හා ප්‍රතිග්‍රහණය කෙරෙහි අවධානය යොමු කර ඇති ආකෘතියකි.
- සන්නිවේදන ආකෘතිවල ඇතිි වාසි/විශේෂතා
- සන්නිවේදනය ක්‍රියාවලියක් තුළ තොරතුරු ගලායාම පැහැදිලි කිරීම.
- සන්නිවේදන ක්‍රියාවලියේ විද්‍යමාන වන දේ සාරාංශ කොට දැක්වීම.
- සන්නිවේදක හා ග්‍රාහක ස්වරූප,දක්ෂතා,ප්‍රබලත්වය පෙන්වීම.
- මාධ්‍ය ක්‍රියාවලියේ සිදුවන ආකාරය පෙන්වීම.
- සන්නිවේදනයේ ස්වභාවය,අවශ්‍යතාව,අවස්ථාව ආදිය හඳුනාගැනීමට හැකිවීම.
1 comment:
❤️
Post a Comment