Tuesday, September 30, 2025

අවාචික සන්නිවේදනය

 Nonverbal Communication 

ලිඛිත හා කතන වචන භාවිතයෙන් තොරව පුද්ගලයෙක් විසින් තවත් පුද්ගලයෙක් වෙත තොරතුරු ඉදිරිපත් කිරීම නිර්වාචික සන්නිවේදනයයි.

මිනිසාගේ මූලික සන්නිවේදන ස්වරූපය වූයේ ද නිර්වාචික සන්නිවේදනයයි.වාචික භාෂාවන් නොතිබූ මුල් කාල වකවානුව තුළ මිනිසා අන්‍යෝන්‍යව අදහස්,තොරතුරු හුවමාරු කර ගත්තේ නිර්වාචික භාෂාව උපයෝගී කරගනිමිනි.එහිදී ඉගි,සංඥා, සංකේත මිනිසා විසින් ප්‍රායෝගිකව යොදාගෙන ඇත.නිර්වාචික සන්නිවේදනය ලක්ෂණ ඇත. පුද්ගලානුබද්ධය,සන්දර්භානුගතය,,ස්වභාවිකය,කාර්‍යක්ෂමය.

නිර්වාචික සන්නිවේදනයේ ප්‍රධාන කොටස් දෙකක් යටතේ වර්ග කල හැකිය.

01.සංඥා භාෂාව(ශ්‍රව්‍ය භාෂා, දෘෂ්‍ය භාෂා)

02.දේහ භාෂාව(අභිනයන්,ඉඟි,ඉරියව්,මුද්‍රා,නර්තන විලාසය)

සංඥා භාෂාව යන්නට සියලුම ආකාරයේ සංකේත, සංඥා, පින්තූර, රූප සටහන් පෝස්ටර්, ඡායාරූප, ශබ්ද, චිත්‍ර, කාටූන් සිතියම් ඇතුළත් වේ.මෙකී සංඥා කොටස් දෙක යටතේ නැවත වර්ගීකරණය කළ හැක.ශ්‍රව්‍ය සංඥා සහ දෘෂ්‍ය සංඥා ලෙසය.ඇසට පෙනෙන දෑ දෘෂ්‍ය සංඥා ලෙස ද මට ඇසෙන දෑ ශ්‍රාව්‍ය සංඥා ලෙසද පෙන්වා දිය හැකිය.

උදාහරණ ශ්‍රව්‍ය සංඥා:සීනු හඬ, සයිරන් නලා හඬ, සතුන්ගේ හඬ, ගන්ඨාර හඩ

දෘෂ්‍ය සංඥා: ඡායාරූප, කැටයම්, මූර්ති, සිතුවම්, සිතියම්

ජාතික මට්ටමේ හා ජාත්‍යන්තර මහත්තය මේ ශ්‍රව්‍ය හා දෘශ්‍ය සංඥා ඇත.

උදාහරණ:දුම්බීම තහනම්,ගැහැණු පිරිමි රූප,මාර්ග සංඥා,සිතියම් ආලෝක සංඥා, සයිරන් නලා හඬ ඇතුළත් වේ.

දේහ භාෂාව යනු ශරීරය එක් එක් අංග භාවිතා කරමින් සන්නිවේදනය කිරීමයි. අභිනයන්, ඉඟි ,ඉරියව්, මුද්‍රා ,නර්තන විලාස මෙයට අයත් වෙයි. ශරීර භාෂාව විවිධ ජන කණ්ඩායම්වලට අනුව දේහයෙන් දේහයට වෙනස් වෙයි.

උදාහරණ:ලෝකයේ එක් එක් ජාතීන් දෙදෙනකු හමු වූ විට සුභ ප්‍රාර්ථනා කරන ආකාරය එකිනෙකින් වෙනස් වේ.

සාර්ථක සන්නිවේදනය නියැළීමට නම් නිර්වාචික සන්නිවේදනය තුළ ශරීර භාෂාව සහ සංඥා භාෂාව ඵලදායි ලෙසයි යොදාගත යුතුවේ.

සටහන:හිමාෂා නෙත්මිණි 


Friday, September 26, 2025

අතත්‍ය සන්නිවේදනය

Virtul Communication :

සන්නිවේදන වර්ගීකරණය තුළ එය ක්‍රියාත්මක වන ස්වභාවය මත පදනම්ව සිදුකරන ලද සන්නිවේදන වර්ගීකරණයක් ලෙස අතත්‍ය සන්නිවේදනය පෙන්වා දිය හැක. විසි වන සියවසේන් පසු තාක්ෂණික දියුණුව හේතුකොටගෙන මානව සන්නිවේදනය විවිධාකාරය වෙනස්කම් වලට භාජනය විය.සංකීර්ණ වන මානව අවශ්‍යතාවයන්ට අනුරූපව සන්නිවේදනය හැඩය ස්වරූපය වෙනස්වීම ස්වභාවිකය.එහිදී සන්නිවේදනයේ අන්තර්ගතයන් හා ආකෘති විවිධාකාර වෙනස්කම් වලට භාජනය විය.වර්තමාන ගෝලීය ප්‍රවණතා හා තාක්ෂණික වර්ධනයේ ප්‍රතිඵලයක් මත අතත්‍ය සන්නිවේදනය නිර්මාණය විය.

අතත්‍ය  සන්නිවේදනයේ ප්‍රධාන සංරචකය වන්නේ අන්තර්ජාල මාධ්‍යයි.විද්‍යුත් තැපෑල, වීඩියෝ සම්මන්ත්‍රණ, සමාජ ජාල වෙබ් අඩවි, මාර්ගත කතාබහ සඳහා මාධ්‍ය කොට ගන්නේ අන්තර්ජාලය යි.ජංගම දුරකථනය ඔස්සේ ලබාදෙන පණිවිඩ ද මුහුණු පොත පරිශීලනය කරන පරිශීලකයන්ට සිය උපන්දිනය නිමිතිකොට ගෙන හා තම මිතුරු සම්බන්ධතාවට වර්ෂ පූර්ණත්වය සිහිකිරීම පිණිස ලැබෙන්නා වූ කෙටි වීඩියෝ අතත්‍ය සන්නිවේදනයට අයත්ය. 

අතත්‍ය  සන්නිවේදනය නිර්මාණය වීමෙන් පසු අධ්‍යාපනික කාර්යයන් ව්‍යාපාරික කාර්යයන් ඉතා සාර්ථකව සිදුකිරීමට හැකියාව වැඩිදියුණු විය. ජාත්‍යන්තර මට්ටමෙන් විසිරී පැතිරී ඇති විවිධ පුද්ගල කණ්ඩායම් හා සංවිධාන සමඟ කාර්යක්ෂමව සන්නිවේදනය යෙදීමට හැකියාව මේ තුළින් උදා විය.

අතත්‍ය සන්නිවේදනයේ ලක්ෂණ

කාර්යක්ෂමව සන්නිවේදනයේ යෙදීමේ හැකියාව.
ආරක්ෂිත බව.
අඩු පිරිවැය.
ශ්‍රව්‍ය දෘශ්‍ය  දර්ශන සහිතව සන්නිවේදනයේ යෙදීමේ හැකියාව.
එකවර පුද්ගලයින් රැසක් සමග සන්නිවේදනයේ යෙදීමේ හැකියාව.
භෞතික වශයෙන් ඉඩකඩ අවම වීම.

සටහන:හිමාෂා නෙත්මිණි 


Tuesday, September 23, 2025

ජන සන්නිවේදනය Mass Communication


ජන ස්කන්ධයකට විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය භාවිතා කරමින් සිදුකරන සන්නිවේදනය ජන සන්නිවේදනය නම් වේ.

ක්‍රි.ව 1445-1450 අතර කාලය තුළ ගුටෙන් බර්ග් විසින් එකවර විශාල ග්‍රාහක සංඛ්‍යාවකට තොරතුරු, පණිවිඩ රැගෙන යාම උදෙසා සොයා ගන්නා ලද මුද්‍රණ යන්ත්‍රය තුළින් ජන සන්නිවේදන මාධ්‍යයන් හි සම්භවය සිදුවිය.ඒ අනුව මූලික වශයෙන් මුද්‍රිත මාධ්‍යත් අනතුරුව විද්‍යුත්  මාධ්‍යත් සම්භවය විය.

මුද්‍රිත මාධ්‍ය ලෙස: පුවත්පත, සඟරා

විද්‍යුත් මාධ්‍ය ලෙස:ගුවන් විදුලිය, රූපවාහිනිය

ජන සන්නිවේදනය පැහැදිලි කිරීම සඳහා විවිධාකාරයේ අර්ථකථන ඉදිරිපත් වී ඇත. ඒ අතරින් පිළිගත් අර්ථකථනයක් ජන සන්නිවේදන අවබෝධය (Understanding mass communication) යන ග්‍රන්ථයේ මෙසේ අර්ථකථනය කර ඇත.

"වෘත්තීය සන්නිවේදකයින් යාන්ත්‍රික මාධ්‍ය වහල් කොටගෙන පුළුල් ලෙසත්,ක්ෂණිකවත්,අඛණ්ඩවත් සංදේශ විශාල වූත්,විවිධ වූත් ග්‍රාහක ක්ෂේත්‍රයක් වෙත පතුරවමින් යම් බලපෑමක් ඇති කිරීමේ ක්‍රියාවලිය ජන සන්නිවේදනය යි" ඩිෆ්ලුවර් සහ ඩෙනිස්

ජන සන්නිවේදනයේ ලක්ෂණ

  • විධිමත් සංවිධානගත ආයතනික ව්‍යුහය.
  • පොදු පණිවිඩ විසරණය අසීමාන්තික ග්‍රාහක සංඛ්‍යාවක් විසිරී පැතිරී සිටීම.
  • ප්‍රතිපෝෂණය නොලැබීම හෝ ප්‍රමාද වීම.
  • බහුවිධ දොරටුපාලකයින් දක්නට ලැබීම.
  • ක්ෂණික හා අඛණ්ඩ බව.
  • සන්නිවේදකය හා ග්‍රාහකයා අසම්මුඛ වීම.
  • බොහෝවිට ලාභ ඉපයීම ප්‍රධාන අරමුණ වීම ද පොදු සේවා අරමුණුවලින් සමන්විත වන අතර බොහෝ විට ලාභ ලැබීමේ අරමුණු ක්‍රියාත්මක වේ.
  • දියුණු තාක්ෂණික මෙවලම් භාවිතය.
  • නිරන්තර තරඟකාරීත්වය.

සටහන:හිමාෂා නෙත්මිණි 




Saturday, September 20, 2025

මහජන සන්නිවේදනයය Public Communication

ජන සමූහයක් වෙත සිදු කරන සන්නිවේදනය මහජන සන්නිවේදනය නම් වේ. ප්‍රසිද්ධ රැස්වීම්, දේශන, විවිධ සැමරුම් උත්සව ආදිය මීට අයත් ය. මහජන සන්නිවේදනයේ දී සන්නිවේදකයා සහ ග්‍රාහකයා දෘශ්‍යමාන වුවත් හඬ ශ්‍රවණය කිරීමට හැකි වුවත් සමීප සන්නිවේදන කාර්යයක් සිදු නො වේ.

■ මහජන සන්නිවේදනය සඳහා බොහෝ අවස්ථාවල දී තාක්ෂණික මෙවලම් භාවිත කරනු ලබයි. මහජන සන්නිවේදනය සාර්ථක ව සිදු වීමට නම් සන්නිවේදකයා ඉදිරිපත් කරනු ලබන සන්දේශය ග්‍රහණය කර ගැනීමට හැකි සීමාවක ග්‍රාහකයා රැඳී සිටිය යුතුය. මහජන සන්නිවේදනයේ දී ලැබෙන ප්‍රතිපෝෂණය නිසි ආකාරයෙන් අර්ථ කථනය කර ගැනීම අපහසු විය හැකි අතර ප්‍රතිපෝෂණය ද සීමා සහිත වේ.

■ මහජන සන්නිවේදනය ක්‍රියාත්මක වන්නේ බොහෝ දුරට නිවාස, කාර්යාල වැනි පෞද්ගලික ව කිහිප දෙනෙකු රැස් වන ස්ථානයක නො වේ. ශ්‍රවණාගාර, පොදු ජනතාවට ඒකරාශි විය හැකි පොදු ක්‍රිඩාංගණ සහ සම්මන්ත්‍රණ ශාලා ආදි ස්ථානවල යි.

■ යම් කරුණක් පිරිසකට දැනුම් දීමට හෝ පොළඹවා ගැනීමට හෝ විනෝදාස්වාදය, සතුට, ප්‍රබෝධය ලබා දීම සඳහා මහජන සන්නිවේදනය යොදා ගත හැකි ය. උදා : මැතිවරණ රැලි, සංගීත සංදර්ශන ආදි  රැස්ව සිටින පිරිසට අදාළ වන පරිදි අන්තර්ගතය සකස් කර ගත හැකි නම් වඩාත් යෝග්‍ය වේ. එය සීමා සහිත පිරිසකට පමණක් අදාළ වන විට අන් අයගේ අවධානය ගිලිහේ. ඇතැම් අවස්ථාවල දී විශාල පිරිසක් ඒකරාශී වීම නිසා ඇති වන ව්‍යාකූල භාවය හේතුවෙන් ද අවධානය යොමු කර ගැනීම අපහසු විය හැකි ය. මහජන සන්නිවේදනයේ දී ග්‍රාහක පිරිස විවිධ ජන කොට්ඨාසයන්ගෙන් සමන්විත විය හැකි ය.

මහජන සන්නිවේදනයේ ලක්ෂණ

• අරමුණු සහගතවීම

• හැසිරීම වෙනස්කිරීමට පෙළඹවීම

• විශාල ග්‍රාහක සංඛ්‍යාව

• නිශ්චිත කාලයක් තුළ ක්‍රියාත්මක වීම

මහජන සන්නිවේදනයේ ප්‍රයෝජන කිහිපයක් පහතින් දැක්වේ.

• කිසියම් අරමුණක් සඳහා ජන සමූහයක් පොළඹවා ගැනීමට හැකි වීම

• ප්‍රස්තූත කරුණු පිළිබඳ වැඩිදුර දැනුවත් කිරීමක් සිදු කිරීම සඳහා යොදා ගත හැකි වීම

• ප්‍රතිරූප ගොඩ නංවා ගැනීමට උපකාර වීම

• කිසියම් මතයක් නිර්මාණය කිරීමට හේතු වීම

• විවිධ පාර්ශවවල අවධානය දිනා ගැනීමට හැකි වීම

සටහන:හිමාෂා නෙත්මිණි 

Thursday, September 18, 2025

සමුහ සන්නිවේදනය

 


සමුහ සන්නිවේදනය යනු,කිසියම් පිරිසක් හෙවත් සමූහයක් පොදු අරමුණක් ඇතිව එකට එක් වී කර සන්නිවේදනයයි.පුද්ගලයන් දෙදෙනෙකුට වඩා වැඩි පිරිසක් නිශ්චිත භූමි ප්‍රදේශයක් තුළ සිදු කරන සන්නිවේදනය සමූහ සන්නිවේදනය වේ.පුද්ගල සන්නිවේදනය මෙන් පුද්ගලයන් අතර සමීප බවක්ද,ජන සන්නිවේදනය මෙන්ම පුද්ගලයන්ගේ දුරස්ථ බවක්ද සමූහ සන්නිවේදනය තුළ නොමැත.සමූහය එකිනෙකාට හඳුනන්නේද නොහඳුන්නන්නේ ද විය හැකිය.සමූහ සන්නිවේදනය සිදුවන ආකාරයේ අනුව කොටස් දෙකකට වර්ග කෙරේ.

එක් අයකුගෙන් සමූහයට                          One to many 

එක් පුද්ගලයෙකු විසින් සමූහයකට ආමන්ත්‍රණය කිරීමේ හැකියාව මෙලෙස හඳුන්වනු ලබයි.

උදාහරණ:ගුරුවරයා පන්ති කාමරය තුළදී සිසුන් ඇමතීම.

සමූහයකගෙන් සමූහයකට                Many to many

නවීන සන්නිවේදන තාක්ෂණය දියුණුවත් සමඟ නව මාධ්‍ය ක්‍රමවේදය ඔස්සේ පුද්ගල සමූහයක් තවත් පුද්ගල සමූහයකට ඇමතීම සිදු වේ.මෙය Many to many සංකල්පය ලෙස හඳුන්වනු ලබයි.මෙහිදී විවිධ සමූහයන්ට විවිධ ස්ථානයන්හි සිට ඇමතීමට හැකියාව ඇත.

උදාහරණ:Web group,Group messeges,Comferance call

සමූහ සන්නිවේදනය සංවිධානාත්මක ලෙස සිදුකිරීමෙන් එය සාර්ථක කර ගත හැක.එහිදී සන්නිවේදකයාට ඉවහල් කර ගත හැකි විධික්‍රම කිහිපයකි.

පෙර සූදානම

අරමුණු සහගත බව 

අවාචික සන්නිවේදන විධික්‍රම භාවිතය

විවිධ තාක්ෂණික මෙවලම් භාවිතය

ප්‍රදීපාගාර උපක්‍රමය 

ආකර්ෂණීය කථන විලාසය 

ග්‍රාහක කේන්ද්‍රීය සන්නිවේදනය

ග්‍රාහක ප්‍රතිචාර පිළිබඳ සැලකිලිමත් වීම

කාල කළමනාකරණය

ආචාරශීලීත්වය 

මනා සංවිධානය

වග වීම හා වගකීම

සමූහ සන්නිවේදනයේ ලක්ෂණ

පුද්ගලයින් පිරිසක් හෝ කණ්ඩායමත් සම්බන්ධ වීම.

කණ්ඩායම් නායකත්වය ඉස්මතුවීම.

නිශ්චිත අරමුණුකට අනුව සිදුවීම.

සහභාගී වන පිරිසගෙන් අදහස් යෝජනා ලබා ගැනීමට හැකිවීම. 

දුරස්ථ සන්නිවේදනය සිදුකිරීමේදී විවිධ තාක්ෂණික උපකරණ හා මෙවලම් භාවිතා කිරීමට හැකිවීම. 

නියමිත කාල රාමුවන් න්‍යාය පත්‍රයක් අනුව කිරීමට හැකි වීම.

කඩිනම්ම සන්නිවේදනයේ යෙදීමේ හැකියාව. 

ඒක මාර්ගිකව බොහෝ ද්වී මාර්ගිකව සන්නිවේදනයේ යෙදීමට හැකිවීම.

සජීවීව සන්නිවේදනයේ යෙදීමේ හැකියාව.

සටහන:හිමාෂා නෙත්මිණි 

Tuesday, September 16, 2025

අන්තර් පුද්ගල සන්නිවේදනය

 

අන්තර් පුද්ගල සන්නිවේදනය පුද්ගලාන්තර සන්නිවේදනය ලෙසද හඳුන්වනු ලබයි.අන්තර් පුද්ගල සන්නිවේදනය යනු, පුද්ගලයින් දෙදෙනකු අතර සිදුවන සන්නිවේදනයයි.පුද්ගල සමාජ ජීවිතය තුළ පුද්ගලයා විවිධ අරමුණු අපේක්‍ෂාව අනුව පුද්ගලාන්තර සන්නිවේදනයේ නියැලෙයි.ඉංග්‍රීසි භාෂාවෙන් මෙය Inter Personal Communication යන යන නමින් හඳුන්වන බැවින් මීට යෝග්‍ය නාමය වන්නේ අන්‍යෝන්‍ය සන්නිවේදනය බවයි.සමූහ සන්නිවේදනය අවස්ථාවකදී වුව ද පුද්ගලාන්තර සන්නිවේදනය සිදුවීමට ඉඩ ඇත.පුද්ගලාන්තර සන්නිවේදනය ක්‍රියාත්මක වන ස්වභාවය අනුව එය ප්‍රධාන කොටස් ද්විත්වයක් ඔස්සේ හඳුනාගත හැකිය.

අභිමුඛ පුද්ගලාන්තර සන්නිවේදනය යනු, පුද්ගලයන් දෙදෙනෙකු මුහුණට මුහුණලා සිදුකරන සන්නිවේදනයයි.

උදාහරණ:වෛද්‍යවරයා රෝගියාගේ රෝගී තත්ත්වය පිළිබඳව ප්‍රශ්න කරමින් ඔහුව පරීක්ෂා කිරීම.

අනභිමුඛ  පුද්ගලාන්තර සන්නිවේදනය යනු,සන්නිවේදන ග්‍රාහක භූමිකා මුහුණට මුහුණලා ක්‍රියාත්මක නොවන සන්නිවේදන තාක්ෂණික උපකරණ භාවිතා කරමින් සිදු කරන සන්නිවේදනයයි.

උදාහරණ:ඊ මේල් ඔස්සේ පුද්ගලයන් දෙදෙනෙකු තොරතුරු හුවමාරු කර ගැනීම.

පුද්ගලාන්තර සන්නිවේදනය තුළ සන්නිවේදකයා සේම ග්‍රාහකයා ද වැදගත් පාර්ශවයකි.සන්නිවේදන ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට පවත්වා ග්‍රාහක ප්‍රතිචාර මත වෙයි.සෙසු සන්නිවේදන ප්‍රභේදයන්ට සාපේක්ෂව පුද්ගලාන්තර සන්නිවේදනය තුළින් පෙළඹවීමේ හැකියාව වැඩි වේ.පුපුද්ගලාන්තර  සන්නිවේදනය තුළින් සිදුකරන පෙළඹවීම යහපත් හෝ අයහපත් භාවය මත සමාජයේ සමාජීය ස්වභාවය වෙනස් කිරීමට හැකි වේ.පුද්ගලාන්තර  සන්නිවේදනය සෑම පුද්ගලයකුටම බොහෝ අවස්ථාවලදී බොහෝ අවශ්‍යතා අරමුණු උදෙසා භාවිතා කරයි.

තොරතුරු හුවමාරුව,දැනුම ලබා ගැනීම හා ලබාදීම,උපදෙස් ලබා ගැනීම හා ලබාදීම,දුක සැප බෙදා ගැනීම,අයදීම,ආයාචනා කිරීම,ප්‍රශ්න විසඳා ගැනීම,අන්‍යෝන්‍ය විශ්වාසය තහවුරු කර ගැනීම,උදව් උපකාර ලබා ගැනීම,විවිධ ක්‍රියාවලි විශ්ලේෂණය කිරීමට යනාදිය යි.

පුද්ගලාන්තර සන්නිවේදනයේ ලක්ෂණ
  • පුද්ගලයන් දෙදෙනෙකු අතරේ සන්නිවේදනය සිදු වේ.
  • සජීවීම සන්නිවේදන කාර්යය සිදුවන බැවින් සන්නිවේදකයාට හා ග්‍රාහකයාට අන්‍යෝන් අවබෝධයෙන් යුතුව සන්නිවේදනය යෙදීමට හැකිවීම.
  • මුහුණට මුහුණලා සන්නිවේදනයේ යෙදීමේ හැකියාව.
  • වාචික මෙන්ම අවාචික ක්‍රමවේද භාවිත කිරීමේ හැකියාව.
  • සම්මුඛව සිදුවන අවස්ථාවලදී තාක්ෂණික මෙවලම් හෝ පිරිවැයක් වැය නොවීම.
  • ප්‍රතිචාර/ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය එම අවස්ථාවේදීම ලබා ගැනීමට හැකිවීම.
  • බාධා අවම කර ගත හැකිවීම.
  • පෙළඹවීමේ හා බලපෑම ප්‍රබලව සිදුකළ හැකිවීම.
  • සන්නිවේදන ග්‍රාහක භූමිකා හුවමාරු වේ.
  • නැවත නැවත යමක් අවධාරණය කිරීමට හැකිවේ.
  • දුරස්ථව සිටින අවස්ථා වලදී වුවද මෙවලම් භාවිතයෙන් සන්නිවේදනය කළ හැකි වීම.
  • භාවාත්මක  චර්යාවන් සෘජුව ප්‍රකාශනය කිරීමට හැකිවීම.
  • රහස්‍යභාවය සුරැකීමේ හැකියාව.
  • සහවේදන හැකියාව වර්ධනය වීම.
  • කාලය අවකාශය යන සීමාවන්ට පැන නොනැගීම.
  • පුද්ගල පෞරුෂයන් හඳුනාගත හැකිවීම.
  • සබඳතා ශක්තිමත් කිරීමට යොදාගත හැකි වීම.
සටහන:හිමාෂා නෙත්මිණි 





Sunday, September 14, 2025

අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනය

 
අන්තර්වර්තී  පුද්ගල සන්නිවේදනය යනු මානවයා තමා තමා සමඟ සිදු කරන්නා වූ සන්නිවේදනයයි .මානවයාගේ සමස්ත සන්නිවේදන ධූරාවලියේ මූලාරම්භය වන්නේ ද අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයයි.

මානවයා සිය පංචේන්ද්‍රයන් වන ඇස කන නාසය දිව සම උපයෝගී කරගෙන රූප ගන්ධ රස ශබ්ද ස්පර්ශ යන ආවේදන පුද්ගල මතකයේ රඳවා තබා ගනිමින් සිය අවශ්‍යතා අරමුණු මෙහෙයවීම මෙහිදී සිදුවෙයි.පුද්ගල මනෝභාවයන් හා පෞද්ගලික අත්දැකීම් පෞද්ගලික අවශ්‍යතා හා සංකල්ප පුද්ගලයා පුද්ගලයා විසින්ම විමර්ශනයට ලක් කිරීමත් මෙහිදී සිදුවේ.තනි පුද්ගලයකු තුළ සිදුවෙන සන්නිවේදනය ස්වයං සන්නිවේදනය නමින් සන්නිවේදන විද්වතුන් මත පළ කරයි.

සමාජ ජීවිතය තුළ විවිධ මූලාශ ඔස්සේ මිනිසා ලබන තොරතුරු තුළින් පුද්ගලයා ස්ව සංකල්පය ගොඩනගා ගනියි.එබැවින් පුද්ගලයෙකුගේ සුව සංකල්පය ගොඩනැගෙන්නේ ද අන්තර් වර්තී පුද්ගල සන්නිවේදනය තුළිනි.

අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ ලක්ෂණ :

1. තම සිත අභ්‍යන්තරයේ සිදු වන සන්නිවේදනයක් බැවින් බහු පුද්ගල සබඳතාවක් දක්නට නොලැබීම. 

2. සිත හෙවත් මනස ප්‍රමුඛ ව සිදු වීම. 

3. පුද්ගල මතකය හා සම්බන්ධ වීම. 

4. සංජානනයන් අර්ථකථනය කර ගැනීමට හැකි වීම.

5. පංච ඉන්ද්‍රියයන්ට දැනෙන උත්තේජන මත ප්‍රතිචාර දැක්වීම. 

6. තීරණ ගැනීමට ඉවහල් වීම.

7. ස්ව සංකල්ප පෝෂණය.

8. ආත්ම භාෂණ ක්‍රියාවලියක් වීම.

9. ප්‍රතිචාර/ප්‍රතිපෝෂණයන් නිරායාසයෙන් සිදු වීම.

10. බාහිර ව නිශ්චිත ව නිරීක්ෂණය කළ නොහැකි වුවත් චර්යා හා ඉරියවු අනුව ඇතැම් අවස්ථාවලදී තීරණ ගත හැකි  වීම.

අන්තර්වර්තී පුද්ගල සන්නිවේදනයේ      ප්‍රයෝජන:

1. පෞරුෂ වර්ධනයට  

2. ස්ව සංකල්ප පෝෂණයට

3. චින්තනය ගොඩ නංවා ගැනීමට 

4. තීරණ ගැනීමට

5. විචාරශිලීත්වය වර්ධනය කර ගැනීමට  

6. නිර්මාණශීලීත්වය ඔප් නංවා ගැනීමට

සටහන:හිමාෂා නෙත්මිණි 

අවිධිමත් සන්නිවේදනය


අවිධිමත් සන්නිවේදනය යනු සන්නිවේදකයා නොහොත් මූලාශ්‍රය පැහැදිලි ලෙස හඳුනාගත නොහැකි සන්නිවේදන ස්වරූපයයි.

උදාහරණ:කටකතා, කේලම්, ඕපාදුප, කෑළෑ පත්තර

අවිධිමත් සන්නිවේදනය තුළ ඉදිරිපත් වන තොරතුරු විශ්වාසනීයත්වයෙන් අවම වේ.ඊට හේතුව වන්නේ නිශ්චිත නිල අධිකාරියගෙන් තොරතුරු ඉදිරිපත් නොවීමයි.නමුත් කිසියම් සමාජයක අවිධිමත් සන්නිවේදනය ඉතා ප්‍රයෝජනවත් වී ඇත.මන්දයාත් විධිමත් සන්නිවේදනය තුළින් සමාජගත නොවන සන්දේශ සමාජගත වන්නේ අවිධිමත් සන්නිවේදනය තුළින් වීම හේතුවේ.

අවිධිමත් සන්නිවේදනය ගලා යනු ලබන්න අවිධිමත් ධාරාවක් ඔස්සේය.එය එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට එම පුද්ගලයාගෙන් තවත් අයකුට ආදී වශයෙන් ගලායාම තනි දාමය ලෙසත්,එක් පුද්ගලයෙකු නිශ්චිත සබඳතාවයක් ඇති තවත් කිහිප දෙනකුට පණිවිඩය ලබාදීම ඕපාදූප දාමය ලෙසත්,පුද්ගලයෙකු කිසියම් පිරිසකට එකවර තොරතුරු ලබාදීම පර්ශද දාමය ලෙසත්,නිශ්චිත සබඳතාවයන් නොමැති හමුවන ඕනෑම අයෙකුට තොරතුරු ලබාදීම සම්භාවිතා දාමය ලෙස පෙන්වාදිය හැකිය.

නූතනය වන විට නව මාධ්‍ය බිහිවීම හේතු කොටගෙන අවිධිමත් සන්නිවේදනය සමාජගත වීම සක්‍රීයව සිදුවේ. සමාජ ජාල වෙබ් අඩවි තුලින් මෙම සක්‍රියතාව සිදුවී ඇත.

අවිධිමත් සන්නිවේදනයේ ලක්ෂණ,

  • සන්නිවේදකයන් නිශ්චිත නොවේ.
  • අවිධිමත් ධාරාවක් ඔස්සේ ගලායයි.
  • මතවාද,අදහස්,තර්ජන,යෝජනා තුළින් සමාජගත වේ.
  • විධිමත් සන්නිවේදනය හිඩැස පුරවයි.
  • විධිමත් සන්නිවේදනයට වඩා සක්‍රීය වේ.
  • මිනිසාගේ සැකය,කුතුහලය ප්‍රයෝජනයට ගනිමින් ක්‍රියාත්මක වේ.
  • මූලාශ්‍රය පැහැදිලිව හඳුනාගත නොහැකිය.
  • රේඛීය දාමය අනුගමනය නොකිරීම නිසා තොරතුරු සම්ප්‍රේෂණය වේගවත්ව සිදුවේ.
  • කිසිදු වූ නිල ස්වභාවයක් නොමැත.
සටහන:හිමාෂා නෙත්මිණි 

Friday, September 12, 2025

විධිමත් සන්නිවේදනය


විධිමත් සන්නිවේදනය යනු, සන්නිවේදකයා නිශ්චිත ලෙස හඳුනාගත හැකි සන්නිවේදන ස්වරූපයයි.විධිමත් සන්නිවේදනය සෑම විටම ගලා යනු ලබන්නේ විධිමත් ධාරාවක් ඔස්සේ ය.ඉහල සිට පහළට,පහළ සිට ඉහලට, හරස් අතට (තිරස් අතට) විධිමත් ලෙස ගමන් කරයි.විධිමත් සන්නිවේදනයේ සෑම විටම වගකීම සහගතය එබැවින් එහි විශ්වාසනීයත්වය ද වැඩි වේ.

උදාහරණ:නිල වාර්තා ලිපි ශීර්ෂය සහ ලිපි ,සිහිකැඳවීම්, ගැසට් නිවේදන,නිල විද්‍යුත් තැපෑල,නිල මාධ්‍ය ප්‍රකාශන,අයවැය ප්‍රකාශන,රාජ්‍ය නායක නිල ප්‍රකාශන,ලිඛිත ප්‍රකාශන ආදිය දැක්විය හැකිය.

විධිමත් වාචික ප්‍රකාශන ලෙස සම්මුඛ  සාකච්ඡා,රැස්වීම් ඉදිරිපත් කිරීම් යනාදිය දැක්විය හැකිය.

01.ඉහළ සිට පහළට සන්නිවේදනය

විධිමත් සන්නිවේදනය සිදුකරන එක් පියවරක් ලෙස මෙය දැක්විය හැකිය.ඉහළ මට්ටමේ සිට පහළ මට්ටමට තොරතුරු ගලා ඒම සිදුවේ.මෙම ක්‍රියාවලිය මඟින් සිදුවන සන්නිවේදනය තුළ නිල තොරතුරු වෙනසකට ලක් නොවේ.පියවරෙන් පියවරට තොරතුරු ගලා යාම සිදුවේ.

උදාහරණ:පාසලක ඉහළ සිට පහළට සන්නිවේදන ධූරාවලිය මෙසේ දැක්විය හැකිය.

02.පහළ සිට ඉහළට සන්නිවේදනය

විධිමත් සන්නිවේදනය සිදු කරනු ලබන තවත් පියවරක් ලෙස මෙය හැකිය.මේ පහළ මට්ටමේ සිට ඉහළ මට්ටමට තොරතුරු ගලායයි.මෙම පියවර මගින් නිල තොරතුරු වෙනසකට ලක් නොවේ.ක්‍රමානුකූලව ගමන් කරයි.

උදාහරණ:ආයතනයක පහළ සිට ඉහළට සන්නිවේදනය සිදුවන ආකාරය මෙසේ දැක්විය හැකිය.

03.හරස් සන්නිවේදනය

සාමාන්‍ය සංවිධානයක් තුළ සිදුවන අතර එය ඉහළ හෝ පහළට නොවේ.එය තිරස් ආකාරයෙන් ඉදිරියට යන අතර සාමාන්‍යයන් අතර සහ සම වයස මට්ටමින් සිදුවේ.

උදාහරණ:whatsapp group,batch meeting

04.අන්තර් ක්‍රියාකාරි සන්නිවේදනය

අන්තර් ක්‍රියාකාරී සන්නිවේදනය අත්‍යවශ්‍යයෙන්ම ද්විමාර්ගික ක්‍රියාවලියකි.රැස්වීම් ,සම්මන්ත්‍රණ, ටෙලි සම්මන්ත්‍රණ, බහු මාධ්‍ය ඉදිරිපත් කිරීම්, කණ්ඩායම් සාකච්ඡා සහ වෙනත් එවැනි ක්‍රියාකාරකම් දී මාර්ගිකව හුවමාරු වෙයි.

උදාහරණ:සම්මුඛ සාකච්ඡා

විධිමත් සන්නිවේදනය ලක්ෂණ

නිලභාවයක් සහිත වීම.

නිශ්චිත තොරතුරු යවන්නෙක් ලබන්නෙක්  සිටියි.

කොපමණ සංඛ්‍යාවකට තොරතුරු ගලා ගියද නිල තොරතුරු වෙනස් නොවේ.

නිශ්චිත ධූරාවලියක් සහිත ක්‍රියාවලියකි.

සන්නිවේදකයා පැහැදිලිව හඳුනාගත හැකියි.

සටහන:හිමාෂා නෙත්මිණි 


Saturday, September 6, 2025

සන්නිවේදනයෙහි ස්වභාවය

සන්නිවේදනය අරමුණු සහගතය
මානවයා සන්නිවේදනය නියැලෙන්නේ මොනයම් හෝ ආකාරයේ අරමුණක් සපුරා ගැනීම උදෙසාය.ප්‍රාථමික මානවයා තමා තමා සමඟින් සන්නිවේදනය කිරීම ආරම්භ කරන ලද්දේ මානවයාගේ මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමේ අරමුණු සහිතවය.

මිනිසා කුතුහලය සමනය කර ගැනීම,තොරතුරු ලබාගැනීම,ලබාදීම,අධ්‍යාපනය ලැබීම,විනෝදාස්වාදය ලබා ගැනීම ආදී වූ නන් විධාකාරයේ අරමුණු සන්නිවේදනය තුළින් ඉටු කර ගනීයි.තොරතුරු ලබාදෙන පාර්ශවය හා ලබා ගන්නා පාර්ශ්වය අතර මෙම අරමුණු පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇත්නම් සන්නිවේදනයේ සාර්ථක වීමට ඉඩ තිබේ.

සෑම පුද්ගල භූමිකාවකට මෙන් සුවිශේෂී වූ අර්මුණු ඇත.එකී සෑම පුද්ගල භූමිකාවක්ම සිය අරමුණු සපයා ගන්නේ සන්නිවේදනය තුළිනි.
උදාහරණ:ගුරුවරයා හොඳ අධ්‍යාපනයක් ලබාදීමට සන්නිවේදනය කරයි,නීතිඥවරයා සිය පාර්ශ්වයට ජයග්‍රහණය අත්පත් කරදීම උදෙසා සන්නිවේදනය කරයි.

සාර්ථක සන්නිවේදන ක්‍රියාවලියත් සඳහා සන්නිවේදකයාගේ අරමුණු ග්‍රාහකයා විසින් නිවැරදි කොට අවබෝධ කරගත යුතු වේ.

සන්නිවේදනය සංකේතාත්මකය
සන්නිවේදනය යනු සංඥාමය ක්‍රියාකාරිත්වයකි.සංකේත ගොඩනැගෙන්නේ සංඥාව ඇසුරිනි.සන්නිවේදනය සඳහා සංඥා සංකේත පද්ධතියක් පැවතීම අනිවාර්ය වෙයි.සන්නිවේදනය කිරීම යනුවෙන් සිදු කරන්නේ මානවයා සංඥා සංකේත හුවමාරු කර ගැනීමයි.

වචන,රූප,ශබ්ද,ලකුණු, සංඥා, මුද්‍රා, ඉඟි සිතියම්, සිතුවම්, අකුරු ,වස්තූන් පුද්ගලයන්, ස්ථාන මෙන්ම අතිශය සංකීර්ණ හැඟීම්, අදහස්, සංකල්ප ආදිය පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ සංකේත පදනම් කරගෙනය.

සන්නිවේදන ක්‍රියාවලියේදී සංඥා සංකේත නිවැරදිව නිර්මාණය කිරීමත් ඒවා නිවැරදිව තේරුම් ගැනීමත් අත්‍යවශ්‍ය වේ.එසේ නොමැති වුවහොත් සන්නිවේදනය ව්‍යාකූලතා ඇති වෙයි.ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ නඩු විභාගයක් වූ "ගොයම් කොළේට මුවා වී වෙඩි තැබීම"යන නඩු විභාගයේදී නඩු තීන්දුව සාධාරණ නොවූයේ සංඥා සංකේත නිවැරදි ලෙස විනිශ්චයකට තෝරා බේරා ගැනීමට අපහසුවීම මත වෙයි.

සන්නිවේදනය සන්දර්භානුගතය
කවර හෝ සන්නිවේදනයක් සිදුවන්නේ කිසියම් සන්දර්භයක් තුළයි.මෙමගින් අදහස් වන්නේ අදාළ සන්නිවේදන වටපිටාව නැතහොත් පරිසරයයි.සන්නිවේදන කාර්ය හා සන්දර්භය අතර සෘජු වූ සම්බන්ධතාවයක් පවතී. සන්දර්භයට ගැලපෙන ලෙස සන්නිවේදන කාර්යය සකස් විය යුතුය.

උදාහරණ:විවාහ මංගල්‍යය උත්සවයක,අවමංගල්‍යය උත්සව අවස්ථාවකදී කන බොන,අඳින පළඳින,හැසිරෙන,කතාබහ කරන ආකාරයේ එකී අවස්ථාවට යෝග්‍ය විය යුතුය.

සන්දර්භානුගත නොවන සන්නිවේදනයේ ගැටලු හා බාධා සහිත වෙයි.එබැවින් සන්නිවේදනය හා ඊට අදාළ සන්දර්භය අතර සබඳතාව පවත්වා ගැනීමට සන්නිවේදකයා උත්සුක විය යුතුය.සන්දර්භය යන්නට හුදෙක් සන්නිවේදනය සිදුකරන වටපිටාවම පමණක් සීමා නොවේ.ඊට රැකියාව,අධ්‍යාපනය,සාක්ෂරතාව,වයස් මට්ටම,ස්ත්‍රී පුරුෂ භාවය හා සංස්කෘතිය ආදිය ද අන්තර්ගත වේ.

සන්නිවේදනය ක්‍රියාපටිපාටියකි
සන්නිවේදනය කිසිවිටකත් හුදෙකලාව පවතින වෙනස් නොවන දෙයක් නොවේ.එය නිරන්තරයෙන් කාලයත් සමඟ වෙනස් වේ.සන්නිවේදනය යනු එක් ස්ථානයකින් ආරම්භ වී තවත් ස්ථානයකින් අවසන් වන ක්‍රියාවලියක් නොව එය අඛණ්ඩව ක්‍රියාත්මක වන ක්‍රියාවලියක් යනුවෙන් මහාචාර්ය විල්බර් ශ්‍රාම්, චාල්ස් ඕස්ගුඩ් දෙපළ පෙන්වාදී ඇත

සන්නිවේදනය යනු කුමක්ද නිවැරදිව අවබෝධ කර ගැනීමට නම් ඒ හුදෙකලාව අධ්‍යයනය කිරීමට වඩා ඊට අදාළ අංගයන් සියල්ල කෙරෙහි අවධානය යොමු කර ගනිමින් අධ්‍යයනය කළ යුතු වේ.

මිනිසාගේ ශ්‍රවණය යනු හුදෙකලා ක්‍රියාවලියක් ලෙස පෙනුණද එය පියවර හතරකින් යුතු ක්‍රියාවලියකි.
ඇසීම-තේරුම් ගැනීම-ඇගයීම-ප්‍රතික්‍රියා දැක්වීම

සන්නිවේදනය නිසි නිසි පරිදි අවබෝධ කර ගත හැක්කේ ඊට සම්බන්ධ සාධක බොහෝමයක අධ්‍යනයකින් යුක්තවය.සන්නිවේදනය වනාහි ක්‍රියාවකට වඩා ක්‍රියාවලියක් වන බව අවබෝධ කරගත හැකිය.

සන්නිවේදනය විවිධාකාරය
සන්නිවේදනය වනාහි විවිධත්වයෙන් යුතු මෙවලමකි.සන්නිවේදන වර්ග වල ඇත්තේ එකිනෙකට අනන්‍ය ලක්ෂණ වේ.එබැවින් සන්නිවේදන එකිනෙකට වර්ග හා ස්වරූපවලට අනුව විශාකාරර වේ.
උදාහරණ:අන්තර්වර්ති සන්නිවේදනය පුද්ගලාන්තර සන්නිවේදනයෙන් වෙනස්වේ.
ලිඛිත සන්නිවේදනයද වාචික සන්නිවේදනයෙන් වෙනස් වෙයි.

කථන සන්නිවේදනයද සන්දර්භානුකූලව විවිධාකාර වේ.
උදාහරණ:විවාහ මංගල්‍යය,අවමංගල්‍යය,දේශපාලන සන්දර්භයන්හි හදන සන්නිවේදනය සන්දර්භානුකූලව විවිධාකාර වේ.

තාක්ෂණය දියුණුව මත ද සන්නිවේදනය තුළ විවිධාකාර ලක්ෂණ ඉස්මතු වී ඇත.
උදාහරණ:පරිගණකයෙන් ලිපියක් අතින් ටයිප් කළ ක්‍රමවේදයට නූතන තාක්ෂණය දියුණුව මුසු වීමම්ම google speech  යෙදවුම හරහා එහි ලක්ෂණ වෙනස් වී ඇත.

සන්නිවේදනය ඒක මාර්ගික හෝ ද්වී මාර්ගිකය.
ඒක මාර්ගික සන්නිවේදනය යනු, සන්නිවේදකයා සංදේශය ග්‍රාහකයාට ලබාදීමෙන් අවසන් වන සන්නිවේදනය ගලා යාමයි.
ද්වී මාර්ගික සන්නිවේදනය යනු සන්නිවේදකයා සංදේශය ග්‍රාහකයාට ලබාදීමෙන් අනතුරුව ග්‍රාහකයා නැවත සන්නිවේදකයාට ප්‍රති පෝෂණය දැක්වීමයි.

ඒකමාර්ගික සන්නිවේදනය

ද්වීමාර්ගික සන්නිවේදනය


සන්නිවේදනය බලය වේ
සන්නිවේදනය පුද්ගලයාට බලයක් හිමිකර දේ.දැනුම බලය වේ යන්න ප්‍රසිද්ධ කියමනක් ද ඇත.දැනුම යනු තොරතුරු වෙයි.තොරතුරු වලින් සන්නද්ධ පුද්ගලයාට සමාජය කිසියම් බලයක් අත්පත්වන බව මෙයින් ප්‍රකටට වේ.

බලය හා නායකත්වය අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධතාවයකි.නායකයා බලය නොමැති දාට නායකත්වයද නායකයාට අහිමි වෙයි.නායකයාට කණ්ඩායමක් හැසිරවීමට,කණ්ඩායමේ නායකත්වය රැක ගැනීමටද සන්නිවේදනය බලයක් වෙයි.

ප්‍රසිද්ධියට,ජනප්‍රියත්වයට,පෞරුෂ මට්ටම් ගොඩනැංවීමට සෘජුවම හෝ වක්‍රව දායක වීමට සන්නිවේදනයට හැකි වේ.අන්තර් වර්ගයේ පුද්ගල සන්නිවේදනය පුද්ගලයාගේ තර්කානුකූල චින්තනය වර්ධනය බලය වේ.පුද්ගල අන්තර සන්නිවේදනය හා කණ්ඩායම් සන්නිවේදනයේ සාමාජයක සම්බන්ධතා ගොඩනැංවීම බලය වේ.මේ ආදී වශයෙන් සලකා බලන කල්හි සියලු සන්නිවේදන වර්ග බලයක් උත්පාදනය කරයි.

සටහන:හිමාෂා නෙත්මිණි 




Friday, September 5, 2025

HUB අකෘතිය

ජන සන්නිවේදනය යනු සංකීර්ණ ක්‍රියාවලියකි.මෙහි ඇති සංකීර්ණත්වය පැහැදිලි කිරීම උදෙසා විවිධ සන්නිවේදන විද්වතුන් විවිධාකාරයේ ආකෘති ඉදිරිපත් කර ඇත.ඒ අතරින් ජන සන්නිවේදන ක්‍රියාවලිය සරල ලෙසින් විග්‍රහ කිරීමට HUB ආකෘතිය උපකාරී වී ඇත. මෙම ආකෘතිය ඉදිරිපත් කර ඇත්තේ සන්නිවේදන විද්වතුන් තුන්දෙනෙකි.

රේ එල්ඩන් හර්බට් Ray Eldon Hiebert

ඩොනල් ආර් අන්ගුරේට් Donal R Ungurait

තෝමස් ඩබ්ලිව් බොන් Thoms W Bohn

HUB ආකෘතිය සදහා මෙම විද්වතුන් තිදෙනා ආදේශ කර ගන්නා ලද්දේ ජල තරංග ක්‍රියාදාමය වේ.ජලය මතුපිටට යමක් විසි කළ විට ඒ තුළින් ජල තරංග නිර්මාණය වී තටාකයේ කෙළවරට ගමන් කළ ආපසු හැරී එන්නාක් මෙන් ජන සන්නිවේදනය තුළ සංදේශ එක් තැනකින් ආරම්භ වී ගමන් කර ප්‍රතිපෝෂණය ලෙස හැරී එනබව HUB ආකෘතිය තුළින් විග්‍රහ කෙරේ.ඒ අනුව ජන සන්නිවේදනය ඒක මාර්ගික පමණක් නොව දීමාර්ගිකව ද සිදුවන බව මින් පැහැදිලි කර ඇත.

HUB අකෘතියට සම්බන්ධ ප්‍රධාන අංග
1.සන්නිවේදකයෝ

2.සංඥා

3.දොරටුපාලකයෝ

4.ජනමාධ්‍ය

5.නියාමකයෝ

6.පෙරහනු

7.ග්‍රාහකයෝ

8.බලපෑම

01.සන්නිවේදකයෝ
ජනමාධ්‍ය ආයතනයක සන්නිවේදන ක්‍රියාවලියේ නිරත වන පුද්ගලයින් සන්නිවේදකයන් ලෙස හඳුන්වයි.ජනමාධ්‍ය ආයතනයක පැවැත්ම තහවුරු වන්නේ එහි සන්නිවේදකයින් මතවෙයි.මොවුන් සාමාන්‍ය සන්නිවේදකයන් නොව වෘත්තීය සන්නිවේදකයන් වෙයි.පුවත්පත්,ගුවන් විදුලිය,රූපවාහිනිය යන සෑම මාධ්‍ය ආයතනයකට විවිධ මට්ටමේ සන්නිවේදකයින් ඇත.එම සන්නිවේදකයින්ගේ මූලික මතය වන්නේ ජනමාධ්‍ය ආයතනය වටා විශාල ග්‍රාහක සංඛ්‍යාවක් ඒකරාශී කර ගැනීමයි.මෙහිදී විවිධ තරාතිරම්වල පුද්ගලයින් සන්නිවේදකයාගේ භූමිකාව ඉටු කරනු දැක ගත හැකිවේ.
පුවත්පත් ලේඛකයා,කාටූන් ශිල්පියා ගුවන් විදුලි නිවේදකයා රූපවාහිනී නිවේදකයා මීට උදාහරණ වේ.

02 සංඥා
සංඥා යනුවෙන් හඳුන්වන්නේ සන්නිවේදකයා විසින් අදහස් ප්‍රකාශ කිරීමට යොදා ගන්නා සංකේත ආදියයි.වචන යනු සංඥා නිර්මාණය කරන ප්‍රධානම ක්‍රමවේදයයි.ගුවන් විදුලි,පුවත්පත්,රූපවාහිනී මාධ්‍යයට අදාලව භාවිතා කරන සංඥා එකිනෙකින් වෙනස් වේ. සංගීතය,විද්‍යාව,භාෂාව,අධ්‍යාපනය,
ලිංගිකත්වය,සෞඛ්‍ය වැනි විවිධ ක්ෂේත්‍රයන්ට අදාළව යොදා ගන්නා සංඥා විවිධ වේ.පුවත්පත් මාධ්‍යයේදී යොදා ගන්නා අකුරු,අකුරුවල ප්‍රමාණය,අකුරුවල වර්ණය,ඡායාරූප හා පුවත්පතක පිටු සකස් කරන ආකාරය,එහි ඇති ඉඩකඩ ප්‍රමාණය සංඥා වේ.රූපවාහිනී මාධ්‍යය දී භාවිතා කරන කැමරාා කෝණ,රූප රාමු,සංස්කරණ උපක්‍රම ආදිය සංඥා ලෙස පෙන්වාදිය හැක.ගුවන් විදුලි මාධ්‍ය තුළ යොදා ගන්නා පසුබිම් සංගීතය,ශබ්ද ප්‍රයෝග ද සංඥා ලෙස ගැනේ.භාෂාව රූප පමණක් නොව ඒවා භාවිතයට ගන්නා ආකාරය ද සංඥා වේ.

03.දොරටුපාලකයෝ
ජනමාධ්‍ය සන්දේශ රැගෙන යනු ලබන්නේ පොදු ග්‍රාහක ක්ෂේත්‍රයකට වේ.එබැවින් එහිදී සංදේශය තුළින් සිදුවිය හැකි බලපෑම අති විශාල වේ.ග්‍රාහකයා වෙත වඩාත් ගුණාත්මක හා ඵලදායි සංදේශ රැගෙන යාම සඳහා සංදේශ දොරටුපාලක ක්‍රියාවලියකට යටත් කරයි.ජනමාධ්‍ය ආයතනයක
දොරටුපාලකයින් ගණනාවකි.සංස්කාරකවරයා,නිෂ්පාදකවරයා,අධ්‍යක්ෂකවරයා,තාක්ෂණික  ශිල්පියා යන පාර්ශ්වයන් දොරටු පාලකයින් යටතට ගැනේ.ඩේවිඩ් මැනිං වයිට් විසින් ජන සන්නිවේදනය තුළ සිදුවන මෙකී ක්‍රියාදාමය ආකෘතියක් මගින් ඉදිරිපත් කොට ඇත.දොරටු පාලකයින් යනු ජනමාධ්‍ය සංදේශ පාලනය කරන පුද්ගලයන්ය.එය ග්‍රහකයහපත මෙන්ම අයහපත පිණිස ද හේතු වෙයි.සංදේශයක ගුණාත්මක බව අඩු කිරීම හෝ වැඩි කිරීම,මාධ්‍ය සංදේශයක් වාරණය කිරීම දොරටුපාලකයාගේ කාර්යයි.

04.ජන මාධ්‍යය
ජනමාධ්‍ය බිහිවීම ඉබේ සිදුවූවක් නොවේ. එය වනාහි මානවයාගේ මානව අවශ්‍යතාවයක් මත නිර්මාණය කරන ලද්දකි.කිසියම් සීමිත දොරකට තොරතුරු පණිවිඩ රැගෙන යන ලද මිනිසා ක්‍රි.ව 1445 දී පමණ මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කර ගැනීමත් සමඟ ජනසන්නිවේදන මාධ්‍යයන්හි සම්භවය සිදුවිය.මූලිකවම පුවත්පත ද අනතුරුව ගුවන්විදුලිය,රූපවාහිනිය,සිනමාව මිනිසා නිර්මාණය කර ගන්නා ලදී.ඒ අනුව නූතනය මිනිසා සිය තොරතුරු ක්‍රියාදාමය ඵලදායි ලෙස හැසිරවීම සිදුකරයි.

05.නියාමකයෝ 
ජන සන්නිවේදනය තුළ සංදේශ ග්‍රාහකයා වෙත රැගෙන යාමේදී නීති හා රෙගුලාසි තුළින් එම සංදේශ කිසියම් පාලනයකට නතු කරන පාර්ශවය නියාමකයෝ ලෙස හඳුන්වයි.මොවුන් ක්‍රියාත්මක වන්නේ මාධ්‍ය ආයතන තුළින් පරිබාහිරව පරිබාහිරව වෙයි. සෘජුවම මාධ්‍ය ආයතනය හා සමග මොවුන් සම්බන්ධ නොවුනද මාධ්‍ය කටයුතු සම්බන්ධයෙන් මොවුන් ක්‍රියාත්මක වෙයි.

උදාහරණ රාජ්‍ය සේවා කොමිෂන් සභා,උසාවිය,විවිධ සංවිධාන,පර්යේෂණ ආයතන,බලපෑම් සහිත කණ්ඩායම්,මාධ්‍ය පරිපාලකයින්

නියාමකයන් විසින් ජනමාධ්‍ය සංදේශ වාරණයට ලක් කරන අවස්ථාවන් ඇත.ලෝකයේ ඇතැම් රටවල දැන්වීම්කරුවන් සහ බහුජාතික සමාගම් ජනමාධ්‍ය සංදේශ නියාමනයට ලක් කරන අවස්ථා සුලභ වේ.

06.පෙරහනු                    
ග්‍රාහක සමාජය තුළ වීධ මට්ටමේ ග්‍රාහකයන් සහ විවිධාකාරය සමාජ ආයතන විවිධාකාරයේ සමාජ සබඳතාා පවතී.ආගම,රැකියාව,සමාජ පන්ති,අත්දැකීම්,පෞද්ගලික අභිමතයන්,ස්ත්‍රී පුරුෂ භාවය වැනි හේතූන් පාදක කොටගෙන යම් සංදේශයක් අර්ථකථනය කර ගනී.යම් සංදේශයක් සකස්වීමේදී ඒවා ජනතාව අතරට පත්වීමේ දී බාධක අතරින් ගමන් කළ යුතු වෙයි.පැරණි සමාජයේ ජනමත නායකයින් නිසා කිසියම් සන්දේශයක් රාහකයා වෙත ගමන් කිරීමේ දී යම් යම් සකස්වීම් වලට භාජනය විය.වත්මා සමාජ ක්‍රමය තුළද කිසියම් සංදේශයක් ජනතාව වෙත පත්වීමේ දී පෙරහුණුවලට හසුවනු ඇත.

හර්බට්,ඩොනල් ආර් අන්ගුරේට්,බොන් යන විද්වතුන් තිදෙනා ඉදිරිපත් කරන ලද HUB ආකෘතියේආකෘතියේ දී පෙරහනු විස්තර කරන ලද්දේ,"භාෂාමේ වශයෙන් හෝ සංඥාමය වශයෙන් හෝ ඇතිවිය හැකි බාධකයන් ද සංදේශයත් තේරුම් ගැනීමේ දී බලපාන බවයි"

එසේම පෙරහන තුළින් සිදුවෙන මෙම කාර්යය මෙම ආකෘතිය තුළ විග්‍රහ කළ ද වෙනස් සන්නිවේදන විද්වතුන් වෙනත් ආකෘති තුළ විස්තර කර නොතිබීම විශේෂත්වයකි.

07.ග්‍රාහකයෝ 
ජන සන්නිවේදනයට හසුවන ග්‍රාහක ක්ෂේත්‍රය ඉතා විශාල වූ විවිධාකාර වූවකි.HUB ආකෘතිය තුළ ජල තටාකයක ඇතිවන මූලික ජල තරංග ඒවා ආරම්භයේදී සුළු ප්‍රමාණයකින් ආරම්භ වුවද අවසානයේදී පුළුල් ක්ෂේත්‍රයක් වෙත විසිර යන්නා සේ ග්‍රාහක ක්ෂේත්‍රයද පුළුල් වේ.නූතන ජාතික සමාජ ක්‍රමයද ජනමාධ්‍ය ග්‍රහණයකට පුළුල් ලෙස හසුු වූවකි.ජනමාධ්‍ය ඔස්සේ ලැබෙන සන්දේශ ද ප්‍රමාණයෙන් අති විශාලය.පුවත්පත් පාඨකයා,ගුවන් විදුලි ශ්‍රාවකයා,රූපවාහිනී ප්‍රේක්ෂකයා යනාදී ආකාරයෙන් ජන සන්නිවේදනය තුළ ග්‍රාහකයා නාමකරණයකට ලක් කර ඇත.

HUB ආකෘතිය තුළ මෙම විද්වතුන් තිදෙනා විසින් ඉදිරිපත් කර ඇති ජනසන්නිවේදනයේ අන්තර්ගතය විමසන කල්හි සන්නිවේදකයාගේ සිට ග්‍රාහකයාට සංදේශයක් ගමන් කිරීමේ දී අවස්ථා ගණනාවකදී විවිධාකාරයේ බලපෑම්වලට හසු වී ඇති බවයි.

08.බලපෑම 
කිසියම් සන්දේශයක් ග්‍රාහකයාට ලබා දුන් පසු ග්‍රාහකයා තුළ ඇතිවන කායික හෝ මානසික ක්‍රියාකාරී වෙනස බලපෑම නමින් හඳුන්වයි.ඕනෑම සංදේශයක් ග්‍රාහක ගත කිරීමේ අපේක්‍ෂාව වන්නේ ග්‍රාහකයා කිසියම් ආකාරයේ බලපෑමක් සිදු කිරීමයි.එය අරමුණු සහිත බව හෝ රහිතව සිදු කරයි.එසේම සංදේශය තුළින් සිදුවන බලපෑම යහපත් හෝ අයහපත් එකක් විය හැක.ඕනෑම සන්නිවේදන ක්‍රියාවලියක අග්‍රස්ථානය වන්නේ බලපෑමයි.විවිධ සන්නිවේදන ආකෘතිවලදී සංදේශය තුළින් සිදුවන බලපෑම විවිධාකාරයෙන් අර්ථකථනය කිරීමට සන්නිවේදන විද්වතුන් සමත් වී ඇත.මහාචාර්ය හැරල්.ඩී ලැස්වෙල්  ප්‍රථම වරට බලපෑම හඳුනාගෙන ඇත.
මෙම ජන සන්නිවේදන ආකෘතිය සීමා පිළිබඳව විමසීමේදී,තොරතුරු ගලායා මේ සීමා,පණිවිඩය අන්තර්ගත වීමේ සීමා,යොදා ගන්නා මාධ්‍ය සීමා යනාදිය යි.

සටහන:හිමාෂා නෙත්මිණි 


Thursday, September 4, 2025

සන්නිවේදන මූලිකාංග


01.සන්නිවේදකයා

02.ආකේතකරණය

03.සංදේශය

04.නාලිකාව

05.ග්‍රාහකයා

06.විකේතකරණය

07.බාධක

08.ප්‍රතිපෝෂණය

09. සන්දර්භය

10.අත්දැකීම් පසුතලය

11.සන්දර්භය

සන්නිවේදකයා:සන්නිවේදන ක්‍රියාවලියක ආරම්භය සනිටුවන් කරන්නේ සන්නිවේදකයාය.එබැවින් සන්නිවේදන ක්‍රියාවලියක මුල් පුරුක වන්නේ ද මහා සාධකය වන්නේ ද සන්නිවේදකයාය.සන්නිවේදකයා විද්‍යාත්මකව Encorder නමින් හඳුන්වයි.ආකේතකරය නමින් හඳුන්වන්නේ ද සන්නිවේදකයාය.ආකේත කරේ යන්නෙහි තේරුම අදහස් සංකේත බවට පත්කරන්නා යන්නයි.සන්නිවේදකයා සෑම විටම පණිවිඩය ගෙනයන්නෙකි.නමුත් මොහු පුද්ගල ප්‍රතිරූපයක්ම විය යුතුු නැත.සන්නිවේදකයා අවස්ථානෝචිතව විවිධ මුහුණුවරයන් ගනිමින් ක්‍රියාත්මක වෙයි.පුද්ගලයෙක් උපකරණයක් හෝ මෙවලමක්,ආයතනයක් හෝ සංවිධානයක් සඳහා සන්නිවේදකයා පෙනී සිටියි.ඒ අනුව සන්නිවේදකයා විවිධ අවස්ථාවලදී ඒ ඒ අවස්ථාවට අනුකූලව විවිධි ස්වරූපයෙන් පෙනී සිටින අවස්ථාවන්ඇත.

උදාහරණ ,පුද්ගල භූමිකාවක්(ගුරුවරයා වෛද්‍යවරයා)                                                  උපකරණයක් හෝ මෙවලම(සුදු කොඩිය සීනුව,ඝන්ටාරය)

ආකේතකරණය :අපගේ සිතේ ඇතිවෙන අදහස් හැඟීම් තව අයෙකු හා සන්නිවේදනය කිරීම සඳහා සංකේත උපයෝගී කරගනිමින් සංදේශ බවට පරිවර්තනය කළ යුතුය මෙම ක්‍රියාවලිය ආකෙතකරණයයි.විද්‍යාත්මකව මෙය Encoding ලෙස හඳුන්වයි.මෙම ක්‍රියාවලිය වාචික ,නිර්වාවාචික,ශ්‍රව්‍ය, දෘශ්‍ය ,ලිඛිත ආකාරයෙන් සිදුකළ හැක.

උදාහරණ ශෝකය දැනුණු යමෙකු තවකෙකු හා සමාග දුක ප්‍රකාශ කිරීම.

ආදරය දැනුණු යමෙක් තව කෙනෙකුට ආදරය ප්‍රකාශ කිරීම.

සංදේශය: ඕනෑම සන්නිවේදන ක්‍රියාවලියක එහි ස්වභාවය තීරණය කරනු ලබන මූලිකාංගය වන්නේ සංදේශයයි.පණිවිඩය හා අන්තර්ගතය යන නම් වලින්ද මෙය හඳුන්වයි.සන්නිවේදකයා සතු අදහස්,තොරතුරු,දැනුම ග්‍රාහකයා වෙත ලබාදීම සඳහා ඒවා පණිවිඩ බවට පත්කළ යුතුවේ.ඒ අනුව සංදේශ,සන්නිවේදකයා හා ග්‍රාකයා අතර හුවමාරු වෙන සංඥා සංකේත පද්ධතිය බව සරලව අර්ථකථනය කළ හැකිය.

උදාහරණ, ගුරුවරයා ශිෂ්‍යයාට ලබා දෙන්නේ අධ්‍යාපනික පණිවිඩයකි.

වෛද්‍යවරයා රෝගියාට ලබා දෙන්නේ සෞඛ්‍ය පණිවිඩයකි.

ආගමික යතිවරයා ග්‍රාහකයාට ලබා දෙන්නේ ආගමික පණිවිඩයකි.

වෙළෙන්දා පාරිභෝගිකයාට ලබා දෙන්නේ ආර්ථිකලාභ අපේක්ෂා කරන වෙළඳ පණිවිඩයකි.

ඒ අනුව මේ තුළින් පැහැදිලි වන්නේ සංදේශය හැඩරුව සන්නිවේදකයාගේ අරමුණු හා අපේක්ෂා මගින් වෙනස් වන බවයි.සංදේශයේ හැඩරුව වෙනස්වීමට බලපානු ලබන තවත් එක් සාධකයක් ලෙස අවස්ථානුකූල භාවය පෙන්වාදියය හැකිය.විවිධ පුද්ගල භූමිකා ඔවුන්ගේ වෘත්තීන්ට අදාළව සන්නිවේදනය සඳහා යොදා ගනු ලබන සංඥා සංකේත පද්ධතින් වෙනස් වෙයි.ඒ අනුව සන්නිවේදකයා වාචික,නිර්වාචික,ශ්‍රව්‍ය,දෘශ්‍ය,ලිඛිත යන ඕනෑම අවස්ථාවකදී සංදේශ ග්‍රාහකයා වෙත රැගෙන යාම සිදුකරයි.

මාධ්‍ය:සන්නිවේදන ක්‍රියාවලිය තුළ මාධ්‍ය යන මූලිකාංග සන්නිවේදන ක්‍රියාවලිය ඉතා සාර්ථකව සිදුකිරීම සඳහා උපකාරී වේ.මාධ්‍ය,නාලිය හා නාලිකාව නමින් හඳුන්වයි.මානව සන්නිවේදනය කාලීනව සංකීර්ණ වීමේ ප්‍රතිඵලයක් ලෙස මිනිසා මාධ්‍ය භාවිතා කරමින් පුළුල් ග්‍රාහකත්වයට සංවිධානාත්මකව හා සාර්ථකව අදහස් තොරතුරු ඉදිරිපත් කිරීමට සමත් විය.මාධ්‍ය යනු,සන්නිවේදකයා හා ග්‍රාහකයා අතර තොරතුරු සබඳතාවය ගොඩනැංවීම උදෙසා භාවිතා කළ හැකි අතරමැදි සාධකයෙකි.හුදෙක් මේ තොරතුරු හුවමාරුව සඳහා යොදාගන්නා වාහකය ලෙසද හඳුන්වා දිය හැක.

මාධ්‍ය ප්‍රධාන කොටස් තුනකට බෙදා දැක්විය හැකිය.සාම්ප්‍රදායික මාධ්‍ය,නූතන මාධ්‍ය,නව මාධ්‍ය 

සාම්ප්‍රදායික මාධ්‍ය භාවිතා කරමින් කාලයට ගැලපෙන අයුරින් අදහස් තොරතුරු හුවමාරු කර ගැනීමට මිනිසා සමත් විය.හූව,ගින්දර,දුම,සතුන්, දූතයන් මෙකල මිනිසා භාවිතා කළ සාම්ප්‍රදායික මාධ්‍යයන් වේ.

දහ අටවන සියවසෙන් පසු කාර්මීකරණයට අනුව සන්නිවේදන තාක්ෂණය තව තවත් පුළුල් විය.ඒ තුළ සන්නිවේදන මාධ්‍යයන්ද සංවර්ධනයය විය.මිනිසාගේ විප්ලවීය සොයා ගැනීම මත නූතන මාධ්‍ය හෙවත් ජනමාධ්‍ය ලොව බිහිවිය.පුවත්පත,ගුවන් විදුලිය,රූපවාහිනී මාධ්‍යයත් ඒ අතර ප්‍රබල මාධ්‍ය වේ.

ගෝලීය සීමා මායිම් අතික්‍රමණය කර සංදේශ හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාවය මත අන්තර්ජාලීය මාධ්‍ය ලොව බිහි විය.ඒ තුළ පරිගණක මාධ්‍ය නවජංගම දුරකථන මාධ්‍ය නූතනය තුළ මිනිසාගේ අදහස් තොරතුරු හුවමාරුව කාර්යක්ෂම හා ඵලදායි අයුරින් සිදුකළ මාධ්‍ය බවට පත්ව ඇත.

ග්‍රාහකයා:සන්නිවේදන ක්‍රියාවලිය තුළ සන්නිවේදක පාර්ශ්වය හැරුණු කොට සෙසු පාර්ශ්වය වන්නේ ග්‍රාහක පාර්ශවයයි.සන්නිවේදකයා විසින් ඉදිරිපත් කරන ලද සංදේශ ග්‍රාහකයා විසින් අර්ථකථනය කර ගැනීමකට ලක්කරයි.අර්ථකථනය කර ගැනීම යනු සංඥා සංකේත පණිවිඩයක් බවට ගොනුකර ගැනීමයි.සන්නිවේදක ක්‍රියාවලිය තුළ සෑම විටම ග්‍රාහකයා පණිවිඩ ලබන බැවින් මොහු ලබන්නා ලෙසදද හඳුන්වයි.සාර්ථක හා ඵලදායි සන්නිවේදන ක්‍රියාවලියක් උදෙසා ග්‍රාහක පාර්ශවයේ ඉතා වැදගත් වෙයි.සන්නිවේදන ක්‍රියාවලියේ ශක්තිමත් කිරීම පිණිස ග්‍රාහකයාගේ ධනාත්මක ප්‍රතිචාර ක්‍රියාවලිය ඉතා වැදගත් වේ.එපමණක් නොව ග්‍රාහකයා විචාරශීලී අයෙකු විය යුතුය.ආචාරශීලීත්වයේ සන්නිවේදකයා විසින් මෙන්ම ග්‍රාහකයා විසින්ද ප්‍රගුණ කළ යුතුය.ආචාරශීලීත්වය බිඳ වැටුණු කල්හි සන්නිවේදන ක්‍රියාවලියද ඒ හා සමානවව බිඳවැටේ.එබැවින් ග්‍රාහක පාර්ශ්වවේද සන්නිවේදන ක්‍රියාවලිය තුළ ආචාරශීලීත්වය අගය කරමින් පවත්වා ගත යුතුවේ.ග්‍රාහකයාට ශ්‍රවණ නිපුණතා ද සංවර්ධනයේ ඉතා වැදගත් වෙයි.

සංදේශ ලබන පාර්ශ්වයේ පොදුවේ ග්‍රාහකයා ලෙස හැඳින් වූවද ජනමාධ්‍ය පරිහරණයේදී ග්‍රාහකයා සුවිශේෂී නාමයන්ගෙන් හඳුන්වයි.

රූපවාහිනිය-ප්‍රේක්ෂකයා,ගුවන් විදුලිය- ශ්‍රාවකයා ,පුවත්පත- පාඨකයා,අන්තර්ජාල-යපරිශීලකයා සන්නිවේදන ක්‍රියාවලිය තුළ ග්‍රාහක පාර්ශ්වය ඉතා වැදගත් වෙයි. සන්නිවේදන ක්‍රියාවලියක් අඛණ්ඩව ගලායාම සඳහා ග්‍රාහක ක්ෂේත්‍රය බලපෑම ඉතා වැදගත් වන බැවිනි.

විකේතකරණය:අප වෙත ලැබෙන සංදේශයක් සමන්විතව ඇත්තේ සංකේත සංකේත වලිනි.කියවෙන දේ අවබෝධ කර ගැනීම සඳහා සංකේත අර්ථකථනය කරගත යුතුය.එසේම ඉදිරිපත් වන සංදේශයන්හි අන්තර්ගතයේ සංදේශ අර්ථකථනය කර එමගින් ඉදිරිපත් කරන අර්ථය අවබෝධ කර ගැනීමේ ක්‍රියාවලිය විකේතකරණය ලෙස හැඳින්වෙයි.ග්‍රහණය කර ගැනීම, තේරුම් ගැනීම,ප්‍රතිග්‍රහණය කර ගැනීම ලෙසද හඳුන්වයි.

උදාහරණ,ගුරුවරයා පාඩම පැහැදිලි කිරීමේ දී ශිෂ්‍යයා එය තේරුම් ගැනීම

රියදුරා මගින් මාර්ග සංඥා පුවරු තේරුම් ගැනීම.

බාධක:සන්නිවේදන ක්‍රියාවලියක් සාර්ථකව පවත්වාගෙන යාමට එහි සියලු මූලිකාංග සාර්ථක ලෙස මැදිහත් වුවද සන්නිවේදන බාධා සෑම විටම සන්නිවේදන ක්‍රියාවලියක් අසාර්ථක වීම උදෙසා හේතු වේ.සෑම සන්නිවේදන ක්‍රියාවලියකම බාධා ඇති විය හැකිය.නමුත් සන්නිවේදන ග්‍රාහක පාර්ශ්වයන් සෑම විටම උත්සුක විය යුතුය සන්නිවේදනය බාධා මගහරවා ගැනීම සඳහායි.සන්නිවේදනය තුළ බාධා විවිධ නම් වලින් හඳුන්වයි.ඝෝෂාව,ඝෝෂණ මූලය,ශබ්ද මූලය යනාදි නම් මේ සඳහා භාවිතා කරයි.සන්නිවේදන ක්‍රියාවලියක් තුළ ඇති විය හැකි බාධා නම්,අර්ථ බාධා මාධ්‍ය බාධා

අර්ථ බාධා යනුවෙන් හඳුන්වන්නේ සන්නිවේදකයාගේ හෝ ග්‍රාහකයාගේ කිසියම් දුර්වලතාවයක් මත සන්නිවේදන ක්‍රියාවලියට බාධා එල්ල වීමයි.

මාධ්‍ය බාධා යනුවෙන් හඳුන්වන්නේ සන්නිවේදන ක්‍රියාවලිය තුළ භාවිතා කරන උපකරණ හා මෙවලම් සන්නිවේදන ක්‍රියාවලියට බාධා කිරීමයි.

ප්‍රතිපෝෂණය:සන්නිවේදන ක්‍රියාවලිය තුළ ප්‍රතිචාර/ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය යනු ඉතා වැදගත් මූලිකාංගයකි.සන්නිවේදකයා කිසියම් පණිවිඩයක් ග්‍රාහකයාට ලබා දුන් පසු ඊට අනුව ග්‍රාහකයා නැවත සන්නිවේදකයා වෙත දක්වනු ලබන උත්තේජනයක් ප්‍රති පෝෂණය නමින් හැඳින් වේ.සාර්ථක හා බලදායි සන්නිවේදන ක්‍රියාවලිය තුළ ප්‍රතිචාර/ ප්‍රතිපෝෂණය ඉතා වැදගත් මූලිකාංගයක් ලෙස පෙන්වාදියය හැකිය.ප්‍රතිපෝෂණය හේතුවෙන් සන්නිවේදන ක්‍රියාවලියක් සෑම විටම ද්වි මාර්ගිකව සිදුවේ.

එක් එක් සන්නිවේදන අවස්ථාවන්හි ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන්නේ එකී සන්නිවේදන අවස්ථාවට සාපේක්ෂ අයුරිනි.පුද්ගල අන්තර සන්නිවේදනය තුළ ප්‍රතිචාර ක්‍රියාවලිය සක්‍රීයව සිදුවේ.සන්නිවේදකයා හා ග්‍රාහකයා බොහෝ විට සම්මුඛව සිටීම ඊට හේතුවයි.සමූහ සන්නිවේදනය තුළ ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය සීමිත හා ක්ෂණික අයුරින් ක්‍රියාත්මක වෙයි. නමුත් ජන සන්නිවේදනය තුළ ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය අතිශය සීමා සහිත වන අතර විටෙක නොවෙන තරම් වේ.

සාර්ථක සන්නිවේදන ක්‍රියාවලියක් තුළ මූලිකාංග සෑම විටම දැකගත හැක.ප්‍රතිපෝෂණය නොමැති සන්නිවේදන ක්‍රියාවලියක් තුළ සෑම විටම දැක ගත හැක්කේ ඒකාධිපති මුහුණුවරයෙකි.සන්නිවේදනය ක්‍රියාවලියේ ප්‍රතිපෝෂණය තුළින්

  • සන්නිවේදක ග්‍රාහක සම්බන්ධතා වර්ධනය කර ගත හැක.
  • සන්නිවේදන ක්‍රියාවලියක් තුළ ඇතිවිය හැකි බාධා මඟ හරවා ගත හැක.
  • සංදේශය පෝෂණය කර ගත හැකිය.
  • ඵලදායි සන්නිවේදන වටපිටාවක් ගොඩනගා ගත හැක.

සන්දර්භය:සන්නිවේදන ක්‍රියාවලියක් තුළ සන්දර්භය ලෙසින් හඳුන්වන්නේ අදාළ සන්නිවේදන අවස්ථාවයි.මිනිසා අනේකවිධ තොරතුරු අනේක විධ අයුරින් හුවමාරු කර ගනියි.නමුත් මිනිසා සන්නිවේදනය කිරීම සඳහා නිර්මාණය කරගන්නා සංදේශ ගොඩනඟා ගනු ලබන්නේ සන්දර්භයේ පදනම මතයි.පවුල ,ආගමික ස්ථාන,විශ්ව විද්‍යාලයේ හා අධිකරණය තුළ මිනිසා සන්නිවේදනය කරනු ලබන්නේ ඊට ගැලපෙන සංඥා සංකේත පද්ධතියක් යොදා ගනිමින්ය.එය සංදර්භයට අනුව සිදුකරන ලද සන්නිවේදනයක් ලෙස පෙන්වාදිය හැක.

අත්දැකීම් පසුතලය:සාර්ථක සන්නිවේදන ක්‍රියාවලියක් උදෙසා සන්නිවේදකයා හා ග්‍රාහකයා අතර ගොඩනැගෙන සමාන අත්දැකීම් පසුතලය ඉතා වැදගත් වෙයි.පුද්ගලයා තුළ පූර්ව අත්දැකීම් ප්‍රමාණය මෙමගින් අදහස් කෙරේ.සන්නිවේදන ක්‍රියාවලිය මනා ලෙස තේරුම් ගැනීමට අත්දැකීම් පසුතලය වැදගත් වෙයි.සන්නිවේදක ග්‍රහක පාර්ශවය අතර සමාන ආකාරයේ පූර්ව අත්දැකීම් වැඩි ප්‍රමාණයක් ඇති විට සන්නිවේදනය ක්‍රියාවලිය පහසුවෙන් කරගත හැකිය.මහාචාර්ය විල්බර් ශ්‍රාම් සන්නිවේදකයා හා ග්‍රහකයා අතර පැවතිය යුතු පොදු අත්දැකීම් පසුතලය පිළිබඳ අවධානයෙන් යුතුව සිය සන්නිවේදන ආකෘතිය ඉදිරිපත් කොට ඇත.

බලපෑම:සන්නිවේදන ක්‍රියාවලියක බලපෑම යනු සන්නිවේදකයා කිසියම් සංදේශයක් ග්‍රාහකයාට ලබා දුන් විට ග්‍රාහකයා තුළ ඇතිවන කායික හෝ මානසික වෙනස්කමයි.සාර්ථක සන්නිවේදන ක්‍රියාවලියක් තුළ බලපෑම සෑම විටම දැකගත හැක.ග්‍රාහකයා විසින් සංදේශයක් අර්ථකථනය කර ගැනීම තුළ ඇතිවන්නේ මානසික බලපෑමකි.අනතුරුව ග්‍රාහකයා ඊට අදාළව සිය චර්යා මෙහෙයවීම තුළ ඇතිවන්නේ චර්යාමය බලපෑමකි.සෑම සන්නිවේදන ක්‍රියාවලියක් තුළ අග්‍ර ඵලය නොහොත් අවසානය වන්නේ බලපෑමයි.එබැවින් එය අග්‍රස්ථානය නමින් ද හඳුන්වයි.

සටහන:හිමාෂා නෙත්මිණි 

සන්නිවේදන අධ්‍යයනය ශ්‍රී ලංකාවට හඳුන්වා දීම

Tuesday, September 2, 2025

සන්නිවේදන අකෘති

සන්නිවේදන ආකෘතියක් යනු, සන්නිවේදනය ක්‍රියාවලිය සරල ලෙස විග්‍රහ කරන රූප සටහනකි. සන්නිවේදනය බැලූ බැල්මට හඳුනාගත නොහැකි තරම් සංකීර්ණය.එහි ඇති සංකීර්ණත්වය සරල කොට සන්නිවේදනය ක්‍රියාකාරීත්වය පැහැදිලි කිරීමට විවිධ සන්නිවේදන විද්වතුන් විවිධාකාරයේ දෘෂ්ටිකෝණයන්ට අනුව සන්නිවේදන අකෘති ඉදිරිපත් කොට ඇත.
සන්නිවේදන ආකෘති ප්‍රධාන කොටස් දෙකක් යටතේ හඳුනා ගැනේ.  ඒකමාර්ගික සන්නිවේදනය 
ද්වීමාර්ගික සන්නිවේදනය
 සන්නිවේදනය ගලායනු ලබන ආකාරය පිළිබඳව සැලකිලිමත් වෙමින් සන්නිවේදන විද්වතුන් සන්නිවේදන ආකෘති ගණනාවක් ඉදිරිපත් කොට ඇත. එම ආකෘතින් එකිනෙකින් එකිනෙකට වෙනස් වේ. ඊට හේතුව ලෙස පෙන්වා දිය හැක්කේ ඔවුන් සන්නිවේදන ක්‍රියාවලිය විග්‍රහ කරගෙන ඇත්තේ විවිධ දෘෂ්ටිකෝණයන්ට අනුව වීමයි. සමාජ විද්‍යා දෘෂ්ටිකෝණය, දේශපාලන විද්‍යා දෘෂ්ටිකෝණය, තාක්ෂණික දෘෂ්ටිකෝණය, ඓතිහාසික දෘෂ්ටිකෝණය ඔස්සේ විද්වතුන් විග්‍රහකොට ඇත.
සන්නිවේදන අකෘති පිළිබඳව මහාචාර්ය විමල් දිසානායක පැහැදිලි කර ඇත්තේ මෙලෙසිනි.
"සන්නිවේදනය හා සම්බන්ධ මූලික අංග ලක්ෂණ කිහිපයක් සන්නිවේදන ආකෘතියක් මඟින් ඉදිරිපත් කරයි.සන්නිවේදනයේ සැබෑ ස්වරූපය වටහා ගැනීමට උපකාරී වන මුක්ඛ  කිහිපයක් තෝරා ඒවා අතර පවත්නා අන්‍යෝන්‍ය සම්බන්ධය මතුකොට දැක්වීම සන්නිවේදන ආකෘතියකින් ඉටුවන ප්‍රධාන කර්තව්‍යයකි."


01.ඇරිස්ටෝටල් ආකෘතිය

ග්‍රීක දාර්ශනිකයකු වූ ඇරිස්ටෝටල් පඬිවරයා ක්‍රි.පු 384-322 අතර කාල පරාසය තුළ මොහු විසින් කතන සන්නිවේදන අවස්ථාවක් අධ්‍යයනය කරමින් සන්නිවේදනය පිළිබඳව වූ මූලික සන්නිවේදන ආකෘතිය ඉදිරිපත් කොට ඇත.වාග් අලංකරණ ශාස්ත්‍රයට අයත් රිටෝරික් නම් ග්‍රන්ථය තුළ මොහු මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කොට ඇත.

ඇරිස්ටෝටල් සන්නිවේදනයට සම්බන්ධ මූලිකාංග 05 හඳුනාගත හැකිය.කථිකයා, කතාව ශ්‍රාවකයා, බලපෑම, අවස්ථාව

කථිකයා යනුවෙන් හඳුන්වන්නේ සන්නිවේදකයාය.පණිවිඩ ඉදිරිපත් කරනු ලබන්නමොහුය.ඉලක්කගත කණ්ඩායමට හා අවස්ථාවට ගැලපෙන ලෙස සිය කතාව සැලසුම් කරගත යුතුය.එමගින් ශ්‍රාවක පිරිස තුළ යම් බලපෑමක් හෝ පෙළඹවීමක් ඇති කිරීමට හැකිවේ.

කතාව යනු සංදේශයයි.කතාව ශ්‍රාවකයා පොළඹවන සුළු ආකාරයේ කතාවක් විය යුතුය.දියුණු තාක්ෂණික මෙවලම නොතිබූ මෙම යුගයේ ඇරිස්ටෝටල් කතාව ලෙසින් පෙන්වා දෙන්නේ සමකාලීන දේශනයයි.

ශ්‍රාවකයෝ යනු ග්‍රාහකයෝය.කතාවට සවන් දෙන පාර්ශවය වේ.ඇරිස්ටෝටල්ට අනුව මෙහිදී ග්‍රාහකයා අක්‍රියග්‍රාහකයෙකු වේ.

බලපෑම නම් මූලිකාංගය මෙම ආකෘතිය තුළ ඇරිස්ටෝටල් පෙන්වා දී ඇත.සෑම සන්නිවේදන ක්‍රියාවකම සුවිශේෂී මූලිකාංගය වන්නේ බලපෑමයි.සන්නිවේදකයා සෑම විටම සන්නිවේදනය කරනු ලබන්නේ බලපෑමක් උදෙසාය.

අවස්ථාව යනු සන්දර්භයයි.සන්නිවේදකයා සන්නිවේදනය කරනු ලබන පාරිසරික තත්ත්වයේ මෙයින් අර්ථවත් වෙයි.


ඇරිස්ටෝටල් ආකෘතියේ ලක්ෂණ/විශේෂතා

  • රේඛීය ආකෘතියක් වේ.
  • ප්‍රතිචාර ප්‍රතිපෝෂණය ගැන අවධානයක් යොමුකොට නැත.
  • අවධානය යොමු කර ඇත්තේ මූලිකාංග පහක් පිළිබඳ පමණි.
  • නූතන සංකීර්ණ සන්නිවේදනය ක්‍රියාවලිය විග්‍රහ කිරීමට ප්‍රමාණවත් නොමැත.
  • සමකාලීන සන්නිවේදන ගලායාම පිළිබඳ පමණක් අවධානය යොමු කොට ඇත.
  • සමාජ විද්‍යා දෘෂ්ටිකෝණයෙන් ඉදිරිපත් කර ඇත.


02.හැරල් ඩී ලැස්වෙල් ආකෘතිය

ඇමෙරිකානු ජාතික දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වූ හැරල් ඩී ලැස්වෙල් 1948 දී සිය සන්නිවේදනය පිළිබඳ ආකෘතිය ඉදිරිපත් කර ඇත.පළමු ලෝක යුධ කාලවකවානුව තුළ භාවිතා කළ ප්‍රචාරණ විධික්‍රම පිළිබඳ අවබෝධයෙන් ඔහු සිය ආකෘතිය ඉදිරිපත් කොට ඇත.බලපෑම කෙරෙහි දැඩි අවධානයකින් යුක්තව ඔහු සිය ආකෘතිය ඉදිරිපත් කර ඇති අතරේ ඒ සඳහා ඔහුගේ සන්නිවේදනය පිළිබඳ නිර්වචනයද උපයෝග කොට ඇත.


මෙම සන්නිවේදන ආකෘතියේ විශේෂතා.
රේඛීය ආකෘතියකි.

  • බලපෑම කෙරෙහි වැඩි අවධානයකින් ඉදිරිපත් කර ඇති ආකෘතියකි.
  • ප්‍රතිචාර/ප්‍රතිප්‍රති පෝෂණය කෙරෙහි අවධානය යොමු කොට නැත.
  • දේශපාලන විද්‍යා දෘෂ්ටිකෝණයකින් යුතුව ඉදිරිපත් කර ඇත.
  • බාධා කෙරෙහි අවධානය යොමු කොට නැත.

03.ශ්‍රාම් ඔස්ගුඩ් ආකෘතිය


විල්බර් ශ්‍රාම් සහ චාල්ස් ඔස්ගුඩ් විසින් 1954 දී සමාජ විද්‍යා දෘෂ්ටිකෝණයෙන් මෙම ආකෘතිය ඉදිරිපත් කොට ඇත.සන්නිවේදනය එක් ස්ථානයකින් ආරම්භ වී තවත් ස්ථානයකින් අවසන් විය යන කියමන සාවද්‍ය කරමින් මෙම ආකෘතිය ඉදිරිපත් කොට ඇත.මෙම ආකෘතිය ඔස්සේ පෙන්වා දෙන ලද සන්නිවේදනයේ සුවිශේෂී ලක්ෂණය වූයේ සන්නිවේදනය ඇති අඛණ්ඩ බවයි.


ශ්‍රාම් ඔස්ගුඩ් අකෘතියේ  විශේෂතා

  • රේඛීය නොවන ආකෘතියකි.
  • ප්‍රතිපෝෂණය පිළිබඳව සඳහන් කිරීමක් කර ඇත.
  • සන්නිවේදනය අඛණ්ඩ ක්‍රියාවලියක් බව පෙන්වා දී ඇත.
  • සන්නිවේදකයා මෙන්ම ග්‍රාහකයාදය සන්නිවේදන ක්‍රියාවලියේදී වැදගත් බව පෙන්වා දී ඇත.
  • ආකේතකරණය,විකේතකරණය,අර්ථකථනය පෙන්වා දීඇත.


04.ෂැනොන් වීවර් ආකෘතිය


ක්ලෝඩ් ඊ ෂැනොන් සහ වෝරන් වීවර් විසින් 1949 දී සන්නිවේදනය පිළිබඳ ආකෘතියක් ඉදිරිපත් කරයි.තාක්ෂණික ක්‍රියාවලියක් තුළ සන්නිවේදනය ක්‍රියාත්මක වන ආකාරය කෙරෙහි අවධානයෙන් මෙම ආකෘතිය ඉදිරිපත් කර ඇත.මෙය ගණිතමය ආකෘතියක් ලෙසද හැඳින්වෙයි.සන්නිවේදන ක්‍රියාවලියක් තුළ සිදුවන ඝෝෂා හෙවත් බාධා මුල්වරට පෙන්වා දුන් ආකෘතිය මෙය වේ.


මෙම ආකෘතියේ විශේෂතා

  • මුල් වරට සන්නිවේදන ආකෘතිය තුළ බාධා පෙන්වා දුන් ආකෘතිය වේ.
  • රේඛීය ආකෘතියකි.
  • තාක්ෂණික පදනමකින් ඉදිරිපත් කොට ඇති ආකෘතියකි.
  • ප්‍රතිචාර/ ප්‍රතිපෝෂණ ක්‍රියාවලිය ගැන අවධානය යොමු කර නොමැත.
  • සම්ප්‍රේෂණය හා ප්‍රතිග්‍රහණය කෙරෙහි අවධානය යොමු කර ඇති ආකෘතියකි.
  • සන්නිවේදන ආකෘතිවල ඇතිි වාසි/විශේෂතා
  • සන්නිවේදනය ක්‍රියාවලියක් තුළ තොරතුරු ගලායාම පැහැදිලි කිරීම.
  • සන්නිවේදන ක්‍රියාවලියේ විද්‍යමාන වන දේ සාරාංශ කොට දැක්වීම.
  • සන්නිවේදක හා ග්‍රාහක ස්වරූප,දක්ෂතා,ප්‍රබලත්වය පෙන්වීම.
  • මාධ්‍ය ක්‍රියාවලියේ සිදුවන ආකාරය පෙන්වීම.
  • සන්නිවේදනයේ ස්වභාවය,අවශ්‍යතාව,අවස්ථාව ආදිය හඳුනාගැනීමට හැකිවීම.
සටහන:හිමාෂා නෙත්මිණි 

Monday, September 1, 2025

සන්නිවේදනය ආරම්භය හා විකාශනය


සන්නිවේදනය යනුවෙන් හඳුන්වන්නේ මානවයා අන්‍යෝන්‍ය අදහස් තොරතුරු හුවමාරුව සඳහා යොදා ගන්නා ලද විශිෂ්ට මෙවලමයි.මිහිපිට වෙසෙන සෑම සත්වය කුමරු ඕන ඔවුන්ගේ අවශ්‍යතා අරමුණුවලට අනුව සන්නිවේදනයේ නියැලේ.සන්නිවේදනය යනු කුමක්ද යන්න තවදුරටත් අර්ථකථනය කරනු ලබන සන්නිවේදන විද්‍යාවේ පියා ලෙස විරුදාවලිය ලබන මහාචාර්ය විල්බර්ස් රාම් මෙලෙස සන්නිවේදනය නිර්වචනය කර ඇත.

"තොරතුරු ගැබ් වූ සංඥාවක් කරණ කොට දෙපාර්ශවයක් අතර එක හා සමාන මානසිකත්වයක් ඇතිවීම සන්නිවේදනයයි"(මහාචාර්ය විල්බ ශ්‍රාම්)

සන්නිවේදනය ක්‍රියාවලියක් තුළ එය ක්‍රියාත්මක වීම උදෙසා සම්බන්ධ වන ප්‍රධාන මූලික අංග ත්‍රිත්වයකි.එනම්

  1. සන්නිවේදකයා 
  2. පණිවිඩය 
  3. ග්‍රාහකයා 

මෙකී මූලිකාංග ත්‍රිත්වයේ ක්‍රියාකාරීත්වය හමුවේ සන්නිවේදනය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වේ.සෑම සන්නිවේදන අවස්ථාවක් තුළම මනසට දැනෙන දෙයක් ඇත.මහාචාර්ය විමල් දිසානායක "විඥාපනය"නමින් සන්නිවේදන විද්‍යාව තුළ අර්ථ දක්වා ඇත.සංජනනය නමින්ද හඳුන්වන්නේ සන්නිවේදනය තුළ දැකගත හැකි මෙකී ලක්ෂණයමය වේ.

සන්නිවේදනයේ කවදා කෙසේ ආරම්භ වී ඇත්ද එහි විකාශනය කෙසේ සිදුවී ඇත්ද යන්න පිළිබඳව සන්නිවේදන විද්වතුන් විවිධ පරීක්‍ෂණ සිදුකරමින් අනාවරණය කර ගැනීමට උත්සුක වී ඇත.සන්නිවේදනය කවදා කෙසේ ආරම්භ වී ඇත්ද යන්න පිළිබඳව නිශ්චිතව සාක්ෂි සොයාගැනීමට නොහැකිවූ සමාජ පරීක්ෂකයින් සන්නිවේදනයේ ආරම්භය පිළිබඳව විවිධ අර්ථකථන ඉදිරිපත් කොට ඇත.ඒ අතර මහාචාර්ය විල්බර් ශ්‍රාම් මෙවැනි අර්ථකථනයක් ඒ පිළිබඳව සිදුකර ඇත.

"පොළොව මත ගෙවුණු ඉතා දිගු අතීතය අප එක් දිනක් ලෙස කල්පනා කළහොත් සන්නිවේදනය ආරම්භය සිදු වූයේ ඊයේ මැදියම් රෑ කිසියම් නිමේෂයකට පෙරදීය"

සන්නිවේදනය ආරම්භයේ සම්බන්ධයෙන් නිශ්චිත සාක්ෂි නොමැත.නමුත් මානවයා තමා ජීවත් වූ භෞතික පරිසරය යම් යම් සංසිද්ධීන් හේතුඵලවාදීව අවබෝධ කර ගැනීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් මත පළ කර ඇත.මේ අනුව මූලික සන්නිවේදනයේ ස්වභාවය ලෙස ප්‍රකට වන්නේ තමා තමා සමඟ සිදු කරන සන්නිවේදනය හෙවත් අන්තර්වර්ති පුද්ගල සන්නිවේදනයයි.මානවයා තම මූලික අවශ්‍යතාවයන් හමුවේ තමා තමා සමඟ සන්නිවේදනයේ යෙදුණි.ආහාරපාන,වාසස්ථාන,ඇඳුම් පැළඳුම්,නින්ද,විවේකය හා ලිංගිකත්වය යනාදී වූ මානව ලෝකයේ මූලික අවශ්‍යතා අන්තර්වාදය පුද්ගල සන්නිවේදනය තුළින් පූර්ණ කර ගැනීමට මානවයා සමත් විය.ලිංගිකත්වය නම් මානව අවශ්‍යතාවය හමුවේ තවත් පාර්ශවයක් හා සමග අන්‍යෝන්‍ය සබඳතා ගොඩනඟා ගැනීමට මානවයාට සිදුවිය එබැවින් ඒ සඳහා යෝග්‍ය කක්‍රමවේදයක් සෙවීමට මානවයාට සිදුවිය.ඉගි, සංඥා සංකේත භාවිතා කරමින් තවත් පාර්ශවයක් හා සබඳතා ගොඩනංවා ගැනීමෙන් අනතුරුව දරුවන් බිහි කිරීමට මානවයා සමත් විය.ඒ අනුව සමාජයේ මූලික තැනුම් මේකකය වූ පවුල නම් සංකල්පය සමාජයට ප්‍රභවය විය.මීට පුපුද්ගලාන්තර සන්නිවේදනය හේතු විය

පවුලේ සාමාජිකයන් ක්‍රමයෙන් වැඩි විය.ඒ අනුව මානවයා සමූහයකට ආමන්ත්‍රණය කිරීමේ ක්‍රමවේදය සොයන්නට විය.මානවයා සිය දරුවන්ට දඩයම් ශිල්පය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීම උදෙසා තමා ජීවත් වූ ගල් ගුහා හා ගස්වල වෙනවල චිත්‍රාක්ෂර හා සංඥාක්ෂර භාවිතා කරමි සමූහයට තොරතුරු ඉදිරිපත් කරනරන ලදි.ප්‍රංශයේ ලැස්කෝ,ස්පාඤ්ඤයේ අල්ටමීරා ගල්ගුහාවල මානවයා සාමූහික වශයෙන් අදහස්,තොරතුරු හුවමාරු කර ගැනීම උදෙසා භාවිතා කරන ලද සන්නිවේදන ක්‍රමෝපායන් පිළිබඳව තවදුරටත් සාක්ෂි ශේෂව ඇත.ඒ අනුව මේ තුළ පුද්ගලයන් දෙදෙනෙකුට වඩා වැඩි පිරිසක් අතර සිදු කරන සන්නිවේදනය හඳුන්වනු ලබන්නේ සමූහ සන්නිවේදනය ලෙස නම්විය.

මේ ආකාරයෙන් මානවයා තමන් අභිමුඛයේ සිට කිසියම් පාර්ශවයකට අදහස් තොරතුරු රැගෙන යාමේ ක්‍රමෝපායන් වෙනුවට තමාගෙන් දුරස්ව සිටි කිසියම් පාර්ශවයකට අදහස් තොරතුරු රැගෙන යාමේ ක්‍රමෝපායන් පසුපස හඹා ගියහ.ඒ අනුව දුරස්ථ සන්නිවේදන විධික්‍රම වූ පූර්ව ගින්දර, දුම කොඩි, බෙර, සතුන් මාර්ගික භාවිතා කරමින් දුරස්ථව සන්නිවේදනය කිරීමට සමත් විය.සන්නිවේදන තාක්ෂණයන් නොතිබූ මෙම යුගයේ මානවයා සියමානවධාරිතාවක් උපයෝගී කරගනිමින් දුරස්ථව සන්නිවේදනය කිරීමට සමත් විය.මෙකී සන්නිවේදන ක්‍රම උපායන් සාම්ප්‍රදායික සන්නිවේදනය ක්‍රම ලෙස ප්‍රභවය විය.

මානව ඉතිහාසයේ සන්නිවේදන ගමන් මඟෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස ලෝක ජනමාධ්‍ය සම්භවය විය.සීමිත දුරකට පමණක් සංදේශ රැගෙන යාමට තිබූ සීමාමායෙන් බිඳ දමමින් අති විශාල ජනස්කන්ධයකට සංදේශ රැගෙන යාමේ තාක්ෂණය ලොවට බිහිවිය.ක්‍රිස්තු වර්ෂ 105 චීන ජාතික සායිලුන් කඩදාසිය නිර්මාණය කිරීමත් ක්‍රි.ව 1440 ජොහැන්නස් ගුටේන්බර්ග් විසින් මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීම තුළ ලෝක ජනමාධ්‍ය ආරම්භ විය.ගුටේන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීම තුළ ලෝක ජනමාධ්‍ය ආරම්භ විය.මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීම ලෝක ජනමාධ්‍ය ඉතිහාසය ප්‍රාරම්භය සිදුවූ අවස්ථාව ලෙස සන්නිවේදන විද්වතුන් මත පළ පළ කරයි. මෙම මුද්‍රණයන්ත්‍රය මගින් මුල් වරට ධර්ම ප්‍රචාරය උදෙසා බයිබලයේ මුද්‍රණය කර බෙදාහරින ලදී.

පුවත්පත් මාධ්‍ය තුළින් ආරම්භ වූ ජනමාධිය ඉතිහාසයේ තවත් එක් සන්ධිස්ථානයක් ලෙස ගුවන් විදුලි මාධ්‍ය බිහිවීම පෙන්වාදිය හැක.දෙවන ලෝක යුද්ධ සමයේ කඳවුරු අතර පණිවිඩ හුවමාරුව සඳහා සැමුවෙල් මෝස් විසින් සොයාගන්නා ලද මෝස් සංඥා ක්‍රමවේදය භාවිතා කරන ලදී.මිනිස් කටහඬ තරංගයක් බවට පරිවර්තනය කර දුරකට සම්ප්‍රේෂණය කර එය නැවත ශබ්දයක් බවට පරිවර්තනය කිරීම මෝස් සංඥා තාක්ෂණයට හැකි විය.මෙම තාක්ෂණය පදනම් කරගෙන ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් දුරකථනයේ සොයා ගන්නාලදී.අනතුරුව ශබ්ද තරංගයක් එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට සම්ප්‍රේෂණය කරවීම හැකි බව දැනුවත් වෙමින් ගොග්ලි එල්මෝ මාකෝනි විසින් ලොව මුල් වරට ගුවන් විදුලියන්ත්‍රය ජනමාධ්‍ය තුළට දායාද කරන ලදී.අතීතය තුළ හුදෙක් මෙය තොරතුරු සම්ප්‍රේෂණ මාධ්‍යයක් නොව ඒ වනාහි කදවුරු වල සොල්දාදුවන්ගේ රැය පහන් කරවීම සඳහා ලබා දෙන උත්තේජන උපකරණයක් ලෙසට සීමා විය.

ගුවන් විදුලි සම්භවය වීමෙන් අනතුරුව මිනිසාට ශ්‍රව්‍ය රසය අතික්‍රමණය කරමින් ශ්‍රව්‍ය දෘශ්‍ය රසය අත්විඳීමේ රුචිකත්වය ඇති විය.ගුවන් විදුලිය බිහිවී කෙටි කාලය තුළ සමාජයේ තැනින් තැන සෙවනැලි ඡායාරූප කලාව තුළින් කතන්දර කීමේ කලාවක් නිර්මාණය විය.මෙම කලාව කාලීනව සංවර්ධනය විය.මැජික් ලන්තෑරුම නිර්මාණය වීම රූපවාහිනිය නිර්වාණය වීමට ආසන්නතම හේතුව විය.මේ සාධක මට අරඹයා මෙකී තාක්ෂණය මත රූපයත්,ශබ්දයත් තාක්ෂණික වශයෙන් සම්මිශ්‍රණය කර රූපවාහිනියේ බිහි කිරීම ජෝන් ලොකී බේයාඩ් සමත්විය.රූපවාහිනිය බිහිවීම ලෝක ජන සන්නිවේදනීය සුවිශේෂී ජයග්‍රහණයක් විය.

ලෝක ජනමාධ්‍ය ඉතිහාසයට පුවත්පත ගුවන්විදුලිය,රූපවාහිනිය සම්භවය විය.නමුත් මෙම මාධ්‍ය ක්‍රියාත්මක වූයේ දේශීය සීමා මායිම් තුළය.මානවයාට මෙකී දේශීය සීමා මායිම් අතික්‍රමණය කරමින් තොරතුරු හුවමාරු කිරීමේ තාක්ෂණයක් අවශ්‍ය විය.ඊට පිළියමක් ලෙස අභ්‍යාවකාශයේ කක්ෂ කරන ලද එක් චන්ද්‍රිකාවක් මගින් මුළු ලෝකයේ පුරා තොරතුරු එහා මෙහා රැගෙන යාම  මිනිසා සොයා ගන්නා ලදී.ඒ අනුව විසිවන සියවසේ දී මිනිසා ඒකීය සීමා මායිම් පුළුල් කරමින් විශ්වය පුරා සන්නිවේදනය කළ හැකි අන්තර්ජාල මාධ්‍ය සොයා ගැනීමට සමත් විය.

මෙලෙස විකාශනය වන සන්නිවේදන ගමන් මාර්ගය අනාගතය තුළ කෙසේ තවදුරටත් සංකීර්ණ වන්නේ ද යන්න නිගමනය කළ නොහැකිය.මන්දයත් සන්නිවේදනය වනාහි හෙට දවසේ ලෝකයයි.තාක්ෂණය මත සන්නිවේදනය නිම් වළලු තවදුරටත් පුළුල් වෙයි.එබැවින් හෙට දවසේ සන්නිවේදනය ගෝලීය මිනිසා තවදුරටත් සසංවර්ධනය කිරීමට හේතුවේ.

සටහන:හිමාෂා නෙත්මිණි 



සන්නිවේදන නිර්වචන

සන්නිවේදනය පිළිබඳ නිර්වචන


සන්නිවේදනය පිළිබඳ ව මූලික අවබෝධයක් ලැබීමට ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති නිර්වචන ඉතා ප්‍රයෝජනවත් ය. විවිධ විදව්තනු  හා ආයතනකි සංවිධාන මගින් ඉදිරිපත් කර ඇති සන්නිවේදනය පිළිබඳ නිර්වචන අතර සාම්‍යයක් දක්නට නොලැබුණ ද ඒවා මඟින් ඉදිරිපත් කෙරෙන මූලික සාදක පිළිබඳ ව අවධානය යොමු කිරීමෙන් සන්නිවේදනය සම්බන්ධයෙන් වඩාත් අර්ථවත් විවරණයක් සපයා ගත හැකි වේ.

01. සන්නිවේදනය පිළිබඳ හැරල්ඩ් ඩී. ලැස්වෙල්ගේ නිර්වචනය

 1948 “යම් කිසිවෙකු, යම් කිසිවක්, කිසියම් නාලිකාවකින් යම් කිසිවෙකුට කිසියම් බලපෑමක් කිරීම සඳහා ප්‍රකාශ කරනු ලබන දෙය සන්නිවේදනය යි.”

"Who says what in which channel to whom with what effect"

02.සන්නිවේදනය පිළිබඳ ශැනොන් සහ වීවර්ගේ නිර්වචනය

1949 “සන්නිවේදනය යනු යම් තැනක දී නිර්මාණය කර ගත් හෝ තෝරාගත් පණිවිඩයක් ඒ ආකාරයෙන් ම හෝ ඊට සමාන ලෙස වෙනත් තැනක දී ප්‍රතිනිර්මාණය කිරීමයයි"

03.සන්නිවේදනය පිළිබඳ විල්බර් ශ්‍රාම්ගේ නිර්වචනය

1954 “තොරතුරු ගැබ් වූ සංඥාවක් කරණ කොට ගෙන දෙපාර්ශ්වයක් අතර එක හා සමාන චිත්ත ස්වභාවයක් ඇති වීම සන්නිවේදනය යි”

04.සන්නිවේදනය පිළිබඳ චාල්ස් එච්. කූලිගෙ නිර්වචනය

“මානව සම්බන්ධතා රඳවා සිටින්නා වූත්, වර්ධනය කරන්නා වූත්, සියලු සංකේත මෙන් ම, ඒවා දේශයෙන් දේශයට ප්‍රවාහනය කිරීමටත්, කාලයේ බැඳුම්වලින් ඔබ්බට ගොස් සුරක්ෂිත කර ගැනීමටත් උපකාරී වන උපක්‍රම සන්නිවේදනය යි.”

05.ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂයේ නිර්වචනය

“අදහස, දැනුම යනාදිය භාෂණය හෝ ලේඛනය හෝ සංඥා මඟින් ප්‍රදානය කිරීම, ප්‍රකාශ කිරීම හෝ හුවමාරු කර ගැනීම සන්නිවේදනය යි.

06.සන්නිවේදනය පිළිබඳව එඩ්වඩ් සැෆීයර් ඉදිරිපත් කරන ලද නිර්වචනය

"සමාජය යනු අනෙකක් නොව සන්නිවේදනය හේතු කොටගෙන සන්නිවේදනය තුළින් පවත්වාගෙන යනු ලබන සබඳතා ජාලයයි.චර්යාවට අදාළ සෑම ක්‍රියාවක්ම සමාජ චර්යාවට අදාළ සෑම සංස්කෘතියන්ට සෘජුව හෝ වක්‍රව සන්නිවේදනයට සම්බන්ධතාවක් ඇත."

සටහන:හිමාෂා නෙත්මිණි 





සන්නිවේදනයේ මූලික කාර්යයන්/අරමුණු


සන්නිවේදනය මගින් මූලික කාර්යයන් හතරක් ඉටු කරන බව පිළිගනු ලැබේ. එම කාර්යයන් හතර නම්, 

  1. තොරතුරු සම්පාදනය 
  2. අධ්‍යාපනය
  3. විනෝදාස්වාද සම්පාදනය
  4. පෙළඹවීම

01.තොරතුරු සම්පාදනය

සන්නිවේදනය මූලික අරමුණ වන්නේ තොරතුරු සම්පාදනයයි. මිහිවිට උපත ලැබූ සෑම සත්ත්වයකම තොරතුරු වලින් වියුක්තව ජීවත් විය නොහැකි මිනිසාගේ දියුණු බුද්ධිය හේතුව ඔහු සමාජය තුළ ජීවත්වීම සඳහා අනේක විධ  තොරතුරු පසුපස හඹා යන්නේය.ප්‍රසිද්ධ දාර්ශනිකයෙකු වූ ඇරිස්ටෝටල් සඳහන් කරන ලද්දේ "මිනිසා  වනහි තොරතුරු පිපාසයෙන් පෙළෙන සත්වයකු බවයි" මිනිසාගේ කුතුහලය සංසිඳුවාලීම සඳහා විවිධ මූලාශ්‍ර උපයෝගී කරගනිමින් ඔහු සිය තොරතුරු අවශ්‍යතාවය සපුරා ගනී. සමාජයත් තුළ මිනිසා ජීවත් වීමේදී අනේක විධ තොරතුරු මිනිසාට අවශ්‍ය වේ.ආර්ථිකයා සමාජයීය දේශපාලනික ආගමික යනාදි වශයෙන් වර්ගීකරණයන්ට ලක් වූ තොරතුරු මිනිසා විසින් ලබා ගනී.මිනිසාගේ සැකය කුතුහලය සංසිඳුවීම පිණිස ඔහු විසින් ලබනා තොරතුරු  ඉතා වැදගත් වන බව පැහැදිලි වේ.

නූතන ජනසන්නිවේදන මාධ්‍යයන්ගේ මූලික අරමුණු හා වගකීම වන්නේද එනම් තොරතුරු සම්පාදනයයි.තොරතුරු සම්පාදනයේ වගකීම් සහගත බව වරක් ඇමරිකානු ජනමාධ්‍යවේදියෙකු වූ බර්මන් ලයිලි මෙසේ විග්‍රහකොට ඇත. "ජනමාධ්‍යවේදීයාගේ ද ජනමාධ්‍ය ආයතනයේද මූලික වගකීම් අතරට නිවැරදි තොරතුරු සම්පාදනයේ තරම් වටිනා වෙනත් වගකීමක් නොමැති තරම්"මෙම කියමන තුළින් පැහැදිලි වන්නේ ජනමාධ්‍ය සිදු කරන තොරතුරු සම්පාදනය වගකීම් සහගත අයුරින් සිදු කළ යුතු බවයි.

නූතන ජන සන්නිවේදන මාධ්‍යය මිනිසාගේ තොරතුරු අවශ්‍යතාවය සපුරාලීම සඳහා නිර්මාණය කර ඇති වැඩසටහන් වන්නේ ප්‍රවෘත්ති විශේෂාංගයයි.ඉංග්‍රීසි භාෂාවෙන් NEWS යන පදයෙන් අර්ථ ගන්වනු ලබන මෙය නිර්මාණය වන්නේ North,South,West,East යන පදයන්ගේ මුල අකුරු එක්කෙනෙමිනි. සතර දිශා යා කරමින් තොරතුරු ආවරණය කොට මිනිසාගේ තොරතුරු හිරිස පිරවීම මේ තුළින් සිදුකෙරේ.Live @ 8,Live @55,Breaking News,අද දෙරණ යනාදියේ නාමයන්ගෙන් ප්‍රවෘත්ති විශේෂ අංගයන් රූපවාහිනී මාධ්‍ය විසින් ඉදිරිපත් කරයි.සත්‍ය ප්‍රථමයෙන් සත්‍යයේ සටහන බුද්ධිය විමසුමට පැත්ත ගියත් ඇත්ත්ත කියන යනාදී තත්ත්ව සහතිකයන් පවා නිර්මාණය කොට මිනිසාට තොරතුරු ලබා දීමට ජනමාධ්‍ය කටයුතු කරයි.එපමණක් නොව අනාවරණය කර ගැනීමට නොහැකි අභිරහස් තොරතුරු පවා නිර්භයව අපක්ෂපාතීව ඉදිරිපත් කිරීමට මාධ්‍ය ආයතන සැදී පැහැදී ඇති බව නොදැන ජනමාධ්‍ය තොරතුරු සම්පාදනය මගින් අනාවරණය වේ.උදාහරණ: හිරු CIA,දෙරණ උගුස්සා මෙම සෑම වැඩසටහනක්ම ඔස්සේ මාධ්‍ය සිදු කරන්නේ මිනිසා අද තොරතුරු සම්පාදනයයි.තොරතුරු වනාහී සන්නිවේදනයේ පදනමයි අනේක විධ තොරතුරු මිනිසාට අන්න ඕන වශයෙන් හුවමාරු කර ගන්නේ ද ගන්නේ ද ප්‍රායෝගිකව භාවිතයටද ගන්නේ සන්නිවේදනය නම් විශ්විත මෙවලම මගින් බව පැහැදිලිවේ.

02.අධ්‍යාපනය ලබාදීම 

මිනිසාගේ බුද්ධිමය ශක්‍යතාව කාලීනව සංවර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙස යම් යම් දෑ අත්හදා බලමින් එකී දෑ හේතුඵලවාදීව අනාවරණය කර ගැනීම පිණිස දැනුම හා බුද්ධිය අවශ්‍ය වී ඒ ප්‍රතිඵලයක් වශයෙන් මානවයා දැනුම බුද්ධිය හුවමාරු කර ගැනීම සඳහා සන්නිවේදනය භාවිතා කරන ලදී. ඒ අනුව සන්නිවේදනයේ ඉගෙනුම් මෙවලමක් ලෙස යොදාගෙන ඇත.

ප්‍රාග් ඓතිහාසික යුගය තුළ මානවයා ඉපැරණි දඩයම් ශිල්පය පාරම්පරිකව දායාද කිරීම උදෙසා සන්නිවේදනය භාවිතා කළහ. තමා ජීවත් වූ ගල් ගුහා තුළ ලිඛිත සන්නිවේදන ක්‍රම උපායන් භාවිතා කරමින් සිදු කරන අයුරු සිදු කරන අයුරු සටහන් කිරීම හා රූපණය භාවිතා කරමින් දඩයම සිදුකරන ආකාරය පිළිබඳව දැනුම තවත් පාර්ශවයක් වෙත දායාද කළහ.ඒ අනුව සන්නිවේදනය යනු මිනිසා මිනිසා හා සමග දැනුම හුවමාරු කරගන්නා ලද මෙවලමක් බව මනාව පැහැදිලිවේ.

සන්නිවේදනය භාවිතා කරමින් මිනිසා විවිධ ක්‍රමවේදයන්ට අනුව අධ්‍යාපනය ලබයි විධිමත්, අවිධිමත්, නොවිධිමත් ක්‍රමවේද ඔස්සේ මිනිසා සිය සමාජයේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා දැනුම ලබා ගන්නා ලදී.පාසල විශ්ව විද්‍යාලය පිරිවෙන, මිතුරු කණ්ඩායම්, දේශපාලන පක්‍ෂ පවුල හා විශේෂයෙන් ජනමාධ්‍ය වැනි මූලාශ්‍ර ඔස්සේ මිනිසා අධ්‍යාපනය ලබාගනී.

03.පෙළඹවීම 

සන්නිවේදනය මූලික අරමුණු අතරට පෙළඹවීම එක්වන්නේ තව සුවිශේෂි එක් අරමුණක් වශයෙන් ප්‍රාග් ඓතිහාසික මානව යුගයේ පටන් මානවයා යටිය මරණින් හේතු කොට ගනිමින් පුද්ගලයා යම් යම් දේ වෙත් පෙළඹවීම ආරම්භ කෙරේ.එහි මූලික අවස්ථාවල ලෙස පෙන්වා දිය හැක්කේ මානවයා සමාජයක් ලෙස ජීවත්වීමට ගත් උත්සාහයේ ප්‍රතිඵලයක් මතයි.තම කුලයට ගෝත්‍රයට අවැසි පරිදි සාමාජිකයන් හුරුකර ගැනීම උදෙසා යම් යම් දෙය වෙත කණ්ඩායමේ නායකයා විසින් පෙළඹවීම සිදු කරන ලදී."තහංචි යනු සාම්ප්‍රදායික සමාජයේ මිනිසා ස්වකීය ගෝත්‍රයට අනුව හැඩ ගැසීම උදෙසා සිදුකළ පෙළඹවීමකි"විවිධාකාරයේ සමාජයීය කෘතියන් සඳහා සිදුකළ පෙළඹවීමේ ඒ සඳහා වූ සුවිශේෂී උපකරණය වූයේ සන්නිවේදනයයි.ඒ අනුව සමස්ත මානව සමාජය තුළ ජීවත් වන සෑම පුද්ගලයෙකු පුද්ගලයකු ඔවුන්ගේ එම භූමිකාවන් ගැලපෙන අයුරින් පෙළඹවීම සිදුකරයි.

නීතිඥයා, රක්ෂණකරුවා, ආගමික යතිවරයා ,දේශපාලකයා වැනි පුද්ගල භූමිකාවන් සෑම විටම පෙළඹවීම සිදු සිදු කරමින් සිය අවශ්‍යතා හා අරමුණු සපුරාගනී.සන්නිවේදනය තුළින් පුද්ගලයකුගේ යහපත මෙන්ම අයහපත සඳහා ඔවුන්ව පෙළඹවීමට හැකිය.ශ්‍රී ලංකාවේ යුධ කාල වකවානුව තුළ LTTE සාමාජිකයන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් බිහිකරන ලද්දේ සන්නිවේදනය ඇති පෙළඹවීමේ හැකියාව තුළිනි.යමෙකුගේ කෝපය, ඊර්ෂ්‍යාව, රාගය  ආශාව වැනි භාවයන් බුද්ධීපනය කිරීමට මෙම කාලවකවානුව තුළ සන්නිවේදනය ප්‍රමුඛ මෙවලම ලෙස යොදා ගන්නා ලදී.එය නූතන සමාජයට ද පොදුවේ ක්‍රියාත්මක වෙමින් පවතී.

සන්නිවේදනය පෙළඹවීමේ වැදගත්කම අවබෝධ කර ගනිමින් නූතන ජනමාධ්‍ය ආයතන සිය ක්‍රියාකාරිත්වය හසුරුවයි.වැඩිම ප්‍රේක්ෂක සංඛ්‍යාවක්, වැඩිම ශ්‍රාවක සංඛ්‍යාවක්, වැඩිම පාඨක සංඛ්‍යාවක් තම මාධ්‍ය ආයතනය වටා ඒකරාශී කර ගැනීම උදෙසා විවිධාකාරයේ පෙළඹුම් උපාය මාර්ග එම මාධ්‍ය ආයතන භාවිතා කරයි.ජනප්‍රිය වැඩසටහන් ආකෘති යොදා ගැනීම ,දිනුම් අවස්ථා ලබාදීම, සුභසාධන සේවා පවත්වාගෙන යාම වැනි සන්නිවේදන ක්‍රම උපායන් යොදාගෙන ඇත.සන්නිවේදනයට මානවයාගේ සියලු දෑ නියාමනය කළ හැකිය මධ්‍යයත් මිනිසා මෙහෙයවන ප්‍රමුඛ සාධකය වන්නේ සන්නිවේදනය වන බැවිනි.ඔවුන්ව යහපතට හෝ අයහපතට යොමු කරවීමට ශක්‍යතාවන් ඇත්තේ ද සන්නිවේදනයටයි.එබැවින් මානවයා පෙළඹවීමටද ශක්‍යතාව ඇත්තේ සන්නිවේදනයටයි.

04.විනෝදාස්වාදය සම්පාදනය

සන්නිවේදනය ප්‍රමුඛ අරමුණු අතර විනෝදය සැපයීමට ලබා දී ඇති සුවිශේෂී ස්ථානයකි. ප්‍රාග් ඓතිහාසික මානව යුගයේදී මානවයා උනුන් හා අතර විවේකය ඵලදාය ලෙසින් ගත කිරීම උදෙසා විනෝදාත්මක ක්‍රියාකාරකම් අනුගමනය කළහ.දඩයම් සිදුකොට එයින් ප්‍රීතිමත් වූ මානවයා එහි සතුට භුක්ති විඳීම පිණිස ගිනි මැල දල්වමිය සිය පරිපාර පිරිස ඒ වටා හිඳුවමින් හෙතෙම දඩයමෙන් ලද ප්‍රීතිය සිය පරිවාර පිරිසට විනෝදාත්මක ලෙසින් කියාපෑමට වීමත් සමගම විනෝදාත්මක කතන්දර කලාව හා ඒ ඔස්සේ තාල වාද්‍ය භාණ්ඩ ඔවුන් නිර්මාණය කළේය.ඉන් ආරම්භ වූ සන්නිවේදනය විනෝදාස්වාද සම්පාදන කාර්යය නූතන සමාජයේ සෑම අයෙකුම අඩු වැඩි වශයෙන් භාවිතා කරයි.

සාම්ප්‍රදායික ජන ජීවිතය තුළ ජනයාගේ විවිධ සමාජ කාර්යයන් ඵලදායී අයුරින් සිදුකිරීමටත් ඒ ඔස්සේ ඔවුන් ලද විඩාව කාන්සිය තනිකම නැති කර ගැනීමටත් ජනශ්‍රැති යොදා ගත්හ පැල් කවි පාරු කවි පතල් කවි හා තේරවිලි නිර්මාණය කරමින් හා රිද්මයානුකූලව ඒවා ගායනා කරමින් ඔවුන් සිය සමාජ කාර්යයන් විනෝදයෙන් යුතුව සිදු කළහ.එපමණක් නොව ජනකතා කලාවද මිනිසාගේ විනෝදාස්වාද සම්පාදනය සඳහා භාවිතා කළ එක්තරා සන්නිවේදන ක්‍රමයක් විය.

නූතන ජනමාධ්‍ය ආයතන සිය වගකීම ඉටුකරනු ලබන්නේ තොරතුරු සම්පාදනය පමණක් කේන්ද්‍ර කර නොගනෙමින් ග්‍රාහක මනස නිරෝගිමත් හා සැහැල්ලු බවකින් යුක්තව පවත්වාගෙන යාම සඳහා ඒ සඳහා වූ සුවිශේෂී වැඩසටහන් ආකෘති යොදා ගනී.විශේෂයෙන් ගෘහස්ථ මාධ්‍යයක් වන ගුවන් විදුලිය වර්තමානය වන විට හුදෙක් විනෝදාස්වාද සම්පාදනයේ උදෙසාම ක්‍රියාත්මක වන මාධ්‍යයක් බවට පත්වී ඇත ඒ අනුව සන්නිවේදනය විනෝදාස්වාද සම්පාදන කාර්යය සඳහා සුවිශේෂී කාලයක් පිරිවැයක් යෙද වීමට වත්මන් ජනමාධ්‍ය ආයතන කටයුතු කරන බව දැකගත හැක.සතුට යනු මිනිසාගේ වටිනාම ධනයයි. එසේ ධනය ඒකරාශී කළ හැක්කේ අන්කවරකටවත්  නොව සන්නිවේදනය විනෝදාස්වාද සම්පාදන කාර්යටයි.

සටහන:හිමාෂා නෙත්මිණි 



ග්‍රාහකයා-Receiver

  ග්‍රාහකයා යනු, සංදේශයක් ලබන පුද්ගලයාය. සන්නිවේදන ක්‍රියාවලියේදී ග්‍රාහකයාට විශේෂ ස්ථානයක් හිමිවෙයි. ‍ග්‍රාහකයෙකු හුදෙක් ග්‍රාහක තත්ත්වයෙන්...