අධිපතිවාදී සංකල්පය ක්‍රි.පු 407-327 දක්වා ජීවත් වූ ප්ලේටෝ නම් දාර්ශනිකයා මෙන්ම 1587-1679 කාලය තුළ ජීවත් වූ චින්තකයන්ගේ අදහස් වලින් පෝෂණය වී ඇත.අතීතය මෙන්ම වර්තමානයේදීත් පාලකයන් තොරතුරු ආධිපත්‍යය ඔවුන් විසින් නතුකර ගැනීමට සෘජුවම හෝ වක්‍රවම කටයුතු කර ඇත අධිපතිවාදී සන්නිවේදන සංකල්පය වඩාත් පැරණි සංකල්පයකි.
මෙයින් අදහස් කරන්නේ සමාජවල සිටින නායකයින් පාලකයන් විසින් සන්නිවේදන කටයුතු හා ජනමාධ්‍ය පාලනය කර ඇති බවයි.ගූටෙන්බර්ග මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමත් සමඟ ලිඛිත සන්නිවේදනය ඉතා ප්‍රබල වෙනසකට භාජනය විය. සමාජය පුරා තොරතුරු ගලා යාම පුළුල් විය. එතෙක් ඉතා සුළු පිරිසක් අතර පැවැති ලේඛන පරිහරණය මුද්‍රණ යන්ත්‍රය නිසා ජනතාව අතරට පත්විය. ඒ සමාජයේ මෙහෙයවන පාලකයන්ට මහත් තර්ජනයක් කිරීමට සමත් විය එම නිසා රටේ පාලකයාට හිතකරවන සේ පක්ෂපාති වීම මගින් තොරතුරු ප්‍රචාරණය කිරීමට මෙහෙයවීමට සිදුවිය.
පැරණි ජන සමාජ වලින් මෙකී මූලික ලක්‍ෂණ
දක්නට ඇත.ඉහළ සිට පහළට ගලා එන ජන සන්නිවේදන හා මාධ්‍ය ක්‍රම ප්‍රජාතාන්ත්‍රික සමාජය තුළ පහසුවෙන් හඳුනා ගත හැකිය. සීමිත පිරිසක් විසින් පාලනය කරයි. විරෝධී ආකල්ප හා විරෝධී දේශපාලන අදහස් පැවතිය නොහැකිය. රජයේ මතවාද ප්‍රශ්න කරන විට දඬුවම් දීමට පියවර ගනියි. මාධ්‍ය වුවද පවතින ආධිපත්‍යයට නතුවිය යුතුය.
උදාහරණ: ජර්මනියේ හිට්ලර්ගේ පාලනය
අධිපතිවාදය සන්නිවේදන සංකල්පයේ ක්‍රියාත්මක වන රටවල දැකිය හැකි ලක්ෂණ කිහිපයකි.
- රජුගේ හෝ බලපෑම් කණ්ඩායම් යටතේ සන්නිවේදනය ක්‍රියාවලිය හෝ මාධ්‍ය ක්‍රියාවලිය පාලනය කිරීම.
- ජනමාධ්‍ය තුළ ඉහළ සිට පහළ ධූරාවලියක් ලෙස තොරතුරු ගලා යාම.
- කතෘ මණ්ඩලයේ පාලනය කිරීම.
- නීතිමය ක්‍රියාමාර්ග හා මාධ්‍ය පාලනය කිරීම.
අධිපතිවාදී සන්නිවේදන සංකල්පය ක්‍රියාත්මක කිරීමේදී යොදා ගන්නා ක්‍රම උපායන් පවතී. එනම්
- බලපත්‍ර ක්‍රමය
- වාරණය කිරීම
- මැදිහත්වීම
- දඬුවම් දීම
- බදු පැනවීම
- කර්තෘ මණ්ඩලය මගින්
බලපත්‍ර ක්‍රමය
අධිපතිවාදී සංකල්පයේ දී බලපත්‍ර ක්‍රමයක් භාවිතා කළ යුතුය. අධිපතිවාදී සංකල්පයේ දී අවසර ගැනීම සඳහා බලපත්‍ර ලබාගත යුතුය.
අධිපතිවාදී සංකල්පය සමග එම රටවල බලපත්‍ර ක්‍රමය ආරම්භ විය.මුල් කාලීනව පුවත්පත ප්‍රචලිත වූ අතර රජය මඟින් ලබා දෙන බලපත්‍රයේ සෑම පුවත්පත් හිමියෙකුගෙම ළඟ තබා ගත යුතුය. රජයට හානිකර හෝ පාලකයන්ට හානිකර පුවත් පල කිරීමෙන් බලපත්‍රය අහෝසි වේ. මෙමගින් රජය මගින් මාධ්‍ය පාලනය කරනු ලබයි.
ගුවන් විදුල සේවයක් පටන් ගැනීමට පුද්ගලයකු බලපත්‍රයක් ලබාගත යුතුයි. එම ලබාදෙනු ලබන්නේ සීමිත පිරිසකටය.එම සීමිත පිරිසට අයිති වන්නේ ජනාධිපතිතුමාගේ නෑදැයින් අසල්වාසීන් සහ නිලධාරීන්ය.
වාරණය
වාරණය මගින් යම් ක්‍රියාවලියක් නවතාලීමට හැකිය. නීතිමය වාරණය හෝ නීතිමය නොවන වාරණය පවතී. අධිපතිවාදී සංකල්පයේ ලක්ෂණයක් ලෙස වාරණය පෙන්වාදිය හැකිය.එංගලන්තය, ඇමරිකාව වැනි රටවල් මුල් කාලීනව පුවත්පත සම්බන්ධව මෙම වාරණය ක්‍රියාත්මක විය. මෙහිදී ග්‍රාහකයා කුමක් ලබාගත යුතු ද යන්න පාලකයා තීරණය කරනු ලබයි. මෙහිදී අහිතකර පාලකයන් විසින් නවතා දැමීම හෝ වෙනස් කිරීම සිදු කරනු ලබයි
දඬුවම් දීම
අධිපතිවාදී සංකල්පය ක්‍රියාත්මක වීමේදී යොදාගත් උපක්‍රමයක් ලෙස මෙය පෙන්වාදිය හැකිය.මෙහිදී අධික දඩ නියම කිරීම, සිර දඬුවම් හෝ මරණ දඬුවම් ලබාදීම දක්නට ලැබුණි.රජයට පක්ෂපාතීව කටයුතු නොකරන වූවන්ට දඬුවම් විඳීමට විය.
බදු පැනවීම
පාලකයන් තම රජයේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස විවිධ ක්‍රම වලින් උපයාගත් බදු මුදල් භාවිතා කළේය.අධිපතිවාදී සන්නිවේදන සංකල්පයේ දී ආදායම ලැබීමට අමතරව මාධ්‍ය කටයුතු පාලනයට බදු පැනවීම විය. මෙම බදු පැනවීම තුළින් මාධ්‍ය ආයතන බිහිවීම සීමා විය තෝරා ගත් වැඩසටහන් හා පුවත්පත් සඳහා වෙන වෙනම බදු පැනවීමෙන් මාධ්‍ය පාලනය විය.
සටහන:හිමාෂා නෙත්මිණි

No comments:
Post a Comment