සෑම සමාජයකම පවතින නීති රීති හා අවශ්‍යතාවයන්ට අනුව ජනමාධ්‍ය පාලනයක් දක්නට ලැබේ. ඒ රටක පවතින සමාජ ආර්ථික දේශපාලන ව්‍යුහය මත තීරණ වේ. සමාජය ක්‍රියාකාරීත්වය දෙස බලන විට එහි ජනයාගේ ස්වභාවය හා ජනතාව හා රාජ්‍ය අතර පවතින සම්බන්ධතාව ජනමාධ්‍ය ව්‍යුහය සකස් වීමෙහිලා බලපාන බව පෙනේ.ජනමාධ්‍ය හා සමාජය අතර දැඩි සම්බන්ධතාවයක් ගොඩනැගීමත් එයින් ඇති වූ විවිධ අදහස් මතිමතාන්දර නිසාත් මෙම සංකල්ප ගොඩනැගී ඇති බව දක්නට ලැබේ. සන්නිවේදන සංකල්ප අපි විග්‍රහ කර බැලිය යුත්තේ ජනමාධ්‍යයන්ගේ ස්වභාවය වටහාගැනීම සඳහාය. එබැවින් ඒ සඳහා බලපාන ලද ඓතිහාසික හා දේශපාලන ලක්ෂණයන් ද අවධානයට යොමු විය යුතුය.ඒ ඔස්සේ ජන මාධ්‍ය ව්‍යුහය පාලනය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් සන්නිවේදන සංකල්ප පිළිබඳව සන්නිවේදන විද්‍යාඥයින් හඳුන්වා දී තිබේ.
සංකල්පයක් යනු, න්‍යාය යන්නයි. සන්නිවේදන සංකල්පයක් ලෙස හඳුන්වන්නේ කිසියම් ක්ෂේත්‍රයක් පිළිබඳව හෝ කිසියම් කරුණක් සියලුම කරුණු හෝ කිසියම් කරුණක් සලකා බැලීමෙන් ඇති කරනු ලබන නිශ්චිත අදහසකි. සන්නිවේදන ක්‍රියාවලිය එක් අතකින් තාක්ෂණික ක්‍රියාවලියක ප්‍රවණතා මෙන්ම විවිධ මතවාදී බලපෑම්වලට ලක් වෙමින් වර්ධනය වූවකි.සන්නිවේදන ක්‍රියාවලිය හසුරවන්නා විසින් බෙදා හරින සංදේශ මගින් සමාජයට කෙබඳු බලපෑමක් සිදුවන්නේ ද යන්න විමසිලිමත් වේ. එය ඔවුන් විශ්වාස කරන අනුගත වන මතවාද තුල සිදුවන්නකි.
සන්නිවේදන සංකල්ප හයක් ගොඩනැගී ඇත.
- අධිපතිවාදී සන්නිවේදනය සංකල්පය
- නිදහස් මතවාදී සන්නිවේදන සංකල්පය
- සෝවියට් සමාජවාදී සන්නිවේදන සංකල්පය
- සමාජ වගකීම් පිළිබඳ සන්නිවේදන සංකල්පය
- ප්‍රජාතාන්ත්‍රීකරණ සන්නිවේදනය සංකල්පය
- සංවර්ධන සන්නිවේදන සංකල්පය
1956 දී Four Theories of the press යන ග්‍රන්ථයෙහි රචකයන් වන විල්බර් ශ්‍රාම්,Theodore Peterson,පීබර්ට් යන අයයි.ඔවුන් තිදෙනාම ඇමරිකානු ජාතිකයන් වන අතර ඇමරිකානු දෘෂ්ටිකෝණයෙන් රචනා කර ඇත. එම කෘතියේ සඳහන් වන්නා වූ සන්නිවේදන සංකල්ප හතර වන්නේ.
අධිපතිවාදී සන්නිවේදන සංකල්පය, ස්වාධීනතා සන්නිවේදන සංකල්පය, සමාජ වගකීම් සන්නිවේදන සංකල්පය, සෝවියට් කොමියුනිස්වාදී සන්නිවේදන සංකල්පය
මේ සංකල්ප අතුරින් අධිපතිවාදී සංකල්පය ඉතාමත් පැරැණි වූත් ලෝකයේ දැනට බහුලව පැතිර පවත්නා වූත් සංකල්පයක් ලෙස සැලකිය හැකිය. කොමියුනිස්, සංසංවර්ධනාත්මක සංකල්පය විසි වැනි සියවසේ දෙවැනි දශකයේදී පමණ බිහි වූවකි. බටහිරවාදී සංකල්පය මෑතකදී හඳුන්වාදුන් ලැබුවාත් එහි අන්තර්ගත ලක්ෂණ මහාචාර්ය විල්බර් ශ්‍රාම් හඳුන්වා දුන් සන්නිවේදන සංකල්පය හතරෙහි අඩංගු වී ඇත.මේ සංකල්පවල අන්තර්ගත ලක්ෂණ බටහිර මතවාදයක් හා සමාජවාදී මතයන් පදනම් කරගෙන රාජ්‍යතන්ත්‍රී පාලනය කිරීමේ අරමුණු ඇතුව බිහි වූවකි. සංවර්ධනාත්මක සංකල්පය තුන්වැනි ලෝකයේ පවතින හීන වූ මාධ්‍ය සම්පත් නිසා ඒවායේ උද්ගතවන ගැටලු හා දුෂ්කරතාවයන් පදනම් කරගෙන ප්‍රභවය වූවකි. මේ සියලු සංකල්ප වල අන්තර්ගත ලක්ෂණ විශ්ලේෂණය කරන විට පැහැදිලි වන ප්‍රධාන කරුණ නම් රටක පවතින දේශපාලන බලපෑම් හා විවිධ වූ සංවිධානයන්හි ඇති අනුග්‍රහය හා පරිපාලනයට ජනමාධ්‍ය යට වී ඇති බවය.
සන්නිවේදන සංකල්ප තුළින් පැහැදිලි වන්නේ ද රටක දේශපාලනයේ ජනතාකරණය කරන ලදයි කියනු ලබන ජනමාධ්‍ය ආයතන රාජ්‍ය පාලනයට හසු වී ඇති බව පැහැදිලිව දක්නටට ලැබේ. එම නිසා රාජ්‍ය පාලනයට යටත්ව පවතින සමාජය අනුව ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති පාලනයද සිදු වේ.ජන මාධ්‍ය සම්බන්ධව විවිධ සංකල්ප බිහි වී ඇත්තේ එහි ප්‍රතිඵලයක් වශයෙනි.
සටහන: හිමාෂා නෙත්මිණි

No comments:
Post a Comment