Sunday, October 6, 2024

සන්නිවේදනය අර්ථ නිරූපණය.

ලෝකයේ ඕනෑම ප්‍රදේශයක කුමන කාලයක වුවද පැවැති ශිෂ්ටාචාරයක සංවර්ධනය සඳහා සන්නිවේදන ක්‍රම ප්‍රබල දායකත්වයක් සපයා ඇත.ශිෂ්ඨාචාරයක හෝ සමාජයක සංවර්ධනය කෙරෙහි ප්‍රධාන වන්නේ දැනුම රැස් කිරීම හා බෙදා හැරීමයි. මිනිසා විසින් කාලයෙන් කාලයට රැස් කර ගන්නා දැනුම ඊළඟ පරම්පරාවට දායාද කර දීම ය. මිනිසා මෙම දැනුම උපයෝගී කරගෙන.නව නිපැයුම් කිරීමටත් සොබාදහම පාලනය කිරීමටත් භෞතික සම්පත් මිනිසාගේ ප්‍රයෝජනය සඳහා පරිවර්තනය කිරීමටත් පෙළඹවීමේ ප්‍රතිඵලය වූයේ ප්‍රාථමික සමාජ ජීවිතයක් ගත කළ මිනිසා විසිඑක්වන සියවසේ සමාජය දක්වා පිය නැගීමය.එසේ පිය නැගීම සඳහා ප්‍රධානතම සාධකය වී ඇත්තේ සන්නිවේදනයයි.

සන්නිවේදනය යනු යම් කිසි තැනැත්තෙකු විසින් කිසියම් මාධ්‍යයක් උපය‌ෝගී කොටගෙන තවත් කෙනෙකුට කිසියම් තොරතුරක්, පණිවිඩයක් දැන්වීම සේ සරල වශයෙන් අර්ථ නිරූපණය කළ හැකිය.එවැනි ඕනෑම ආකාරයක සන්නිවේදනයක් සඳහා පණිවිඩයක් ලබා දෙන්නෙකු නැතහොත් සන්නිවේදනය කරන්නෙකු ද පණිවිඩයක් ද එසේම පණිවිඩය ලබන්නෙකු ද අවශ්‍යය.මෙම ක්‍රියාවලිය එක් පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට හෝ සමූහයකට කරන දැනුම් දීමක් හෝ සමූහයක් විසින් තවත් කණ්ඩායමකට කරනු ලබන දැනුවත් කිරීමක් විය හැකිය.මෙහිදී කිසියම් කෙනෙකු විසින් පණිවිඩයක් ලබා දෙන  අවස්ථාවේදීම එම පණිවිඩය ලබා ගැනීම සඳහා පණිවුඩය ලබන්නෙකු ද සිටීම අවශ්‍යය. සන්නිවේදන ක්‍රම වල ඉතිහාසය පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ ඒ සඳහා විවිධ මාධ්‍ය යොදාගනිමින් සන්නිවේදනයේ සංවර්ධනය වෙමින් ඇවිත් වත්මන් අවධිය වන විට විද්යුත් මාධ්‍ය දක්වා දියුණු වී ඇති ආකාරය පැහැදිලි කරගත හැකිය. මෙහිදී පුරාණයේ සිටම වචන භාවිතයෙන් කරනු ලබන වාචික සන්නිවේදන විධික්‍රම මෙන්ම වාචික සන්නිවේදන නොවන විධික්‍රම  ද උපයෝගී කරගෙන තිබේ.කථාකිරීම, ගායනා කිරීම, හඬ,සර්ව ආදි වාචික සන්නිවේදනය ප්‍රධාන අංගයන් වන අතර වාචික නොවන සන්නිවේදනයට උදාහරණ වශයෙන් අභිනය, මුද්‍රා, සංකේත, ශාරීරික සංඥා, ලේඛනය,රූප සටහන්, සිතුවම් හා මූර්ති ආදිය පුරාණයේ සිටම ලෝකයේ සියලු දියුණු ශිෂ්ටාචාර වල යොදා ගෙන ඇති බව සාක්ෂි හමු වී තිබේ. මෙකී වාචික නොවන සන්නිවේදන ක්‍රම පිළිබඳ විග්‍රහයක්.ජී. ඩබ්ලිව්. පොටර් ප්‍රධාන වශයෙන් ඒය අංග සතරකට බෙදා දක්වා තිබේ. 
1ශාරීරික
2සෞන්දර්යාත්මක
3සංඥා
4සංකේත

ශාරීරික 
මෙය පෞද්ගලික සන්නිවේදන ක්‍රමයකි.එහිදී මුහුණින් සිය හැඟීම් දැක්වීම,හඬ ස්වරය,ශරීරයේ ස්පර්ශ කිරීමෙන්  කරනු ලබන  දැනුම් දීම් ආදී ශාරීරික ඉරියව් අයත්වේ.
සෞන්දර්යාත්මක
මේ යටතට නිර්මාණාත්මක.සන්නිවේදනයන් අයත්වේ. සංගීත භාණ්ඩ වාදනය, නර්තනය, සිතුවම්.හා මූර්ති මේ සඳහා උදාහරණයන්ය.
සංඥා.
මේ තාක්ෂණික සන්නිවේදන ක්‍රමයන් ය. උදාහරණ කොඩියක් වැනීම, වෙඩිමුර පණිවුඩ හඟවන නලා හා බෙර වැනි ශබ්ද උපදවන භාණ්ඩ දැක්විය හැකිය
සංකේත
ආගමික සංකේත තත්ත්වය හඟවන සංකේත යනාදිය උදාහරණය.

පසුකාලීනව සන්නිවේදනය යනු කුමක්දැයි සමාජ විද්‍යාඥයින්  හා වෙනත් විද්වතුන් විමසන්නට පටන් ගත් අතර ඒ පිළිබඳ විවිධ සංකල්ප හා නිර්වචන ගොඩනංවන්නට ඔවුන් සමත්වූහ.ඒ අනුව හුදෙක් සන්නිවේදනය යනු කෙබදු වූ දෙයක් දැයි තේරුම් ගන්නට හැකි විය.වර්තමානයේ සන්නිවේදනය යනු හුදෙක් තොරතුරු හුවමාරු කර ගැනීම යන්නෙන් ඉදිරියට ගොස් ඇත. සමාජයක් හසුරුවාලීමට අද සන්නිවේදනයේ යොදාගන්නේ උපකරණයක් ලෙසිනි.

ජනයාගේ සිතුම් පැතුම් අදහස් සහ ආකල්ප ජන මතයන් හා සංස්කෘතීන් වෙනස් කරන්නට සංවර්ධනය කරන්නට හා බිඳ දමන්නට අද සන්නිවේදනයය යොදා ගනු ලබයි.මානවයා පමණක් නොව සත්වයාද සන්නිවේදනයේ යෙදෙයි, සන්නිිිිිිිව‌ෙිදනය සඳහා පුද්ගලයාගේම පංචේන්ද්‍රයද යොදාගන්නා බව පෙනේ.මේ මිහිපිට මිනිසා තරම් පංචේන්ද්‍රය දියුණු කර ගත් අන් ජීවියෙකු මිහිපිට නැත.

සිංහලයේ සන්නිවේදනය පදය සං+නි+වේදනය යනුවෙන් සකස් වී ඇත.ඉංග්‍රීසියනේ communication ද විවිධ භාෂා වලින් ද පෝෂණය විය.ලතින් භාෂාවේ තියෙන මියුනිස් යන්නෙහි අර්ථය වන්නේ,කිසියම් කාර්ය භාරයක් කරන්නා යන්නයි. තවද එම වචනය ජනතාව යන්නට යොදාගෙන ඇත. එකී පද දකේ එකතුවෙන් බිහි වූ කොමිනිකේෂන් යන පදයෙන් ජනසන්නිවේදන යන අදහස යෙදේ. ඒ අනුව ජනතාව දැනුවත් කිරීම ප්‍රකාශනය, ග්‍රාහක ශක්තිය නිරූපණය කිරීම මෙම තේරුම් ගෙන දේ.දෙමළ භාෂාවෙන්තෝඩර්පාඩල්  සබඳතා පැවැත්වීමේ ක්‍රියාවලිය  යන්නයි. 

මිනිසා සාමූහිකත්වයට ලැදි සත්වයෙකි.සාමූහික පැවැත්ම සඳහා එකඟතාවන් තේරුම් ගැනීම ආදී බොහෝ සාධක වේ. එක් අයෙකුගේ සිතේ පවතින සිතුවිල්ලක් තවත් අයෙකුට ප්‍රකාශ කල විට දෙදෙනාගේම එම සිතුවිල්ල දරන්නට වේ. නැතහොත් අනෙකාගේ අදහස් ඉදිරිපත් වීම මත විසදන වීම නැතහොත් වැඩි වර්ධනය වේ. ඉන්පසුව පොදු සිතුවිල්ලක් නිර්මාණය වේ. මෙසේ සමාජය තුළ පවතින එකඟතා බැඳීම්, සම්මුතීන් හා තේරුම් ගැනීම් ඉහත  ක්‍රියාවලියක ප්‍රතිඵලයන් ය.අපි සන්නිවේදනය ලෙස හඳුන්වන්නේ ඉහත අදහස් හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලියයි.එක් අයෙකුගෙන් අදහසක් තවත් අයෙකුට හෝ තවත් පිරිසකට පොදු අදහසක් බවට පත්වීමයි.

සටහන:හිමාෂා නෙත්මිණි 


ග්‍රාහකයා-Receiver

  ග්‍රාහකයා යනු, සංදේශයක් ලබන පුද්ගලයාය. සන්නිවේදන ක්‍රියාවලියේදී ග්‍රාහකයාට විශේෂ ස්ථානයක් හිමිවෙයි. ‍ග්‍රාහකයෙකු හුදෙක් ග්‍රාහක තත්ත්වයෙන්...