විල්බර් ශ්රාම්
ජර්මනියේ උපත ලද විල්බර් ශ්රාම්. නූතන සන්නිවේදනයේ පියා ලෙස ඉමහත් ආඩම්බරයෙන් සලකනු ලැබේ. ඔහු විසින් සන්නිවේදනය පිළිබඳ පළකරන ලද නිර්වචනය සන්නිවේදනයේ සමස්ත හරය ගොනු වූ විශිෂ්ට නිර්වචනයක් ලෙස හැඳින්විය හැක. එනම් "තොරතුරු ගැබ් සංඥාවක් කරන කොටගෙන දෙපාර්ශවයක් අතර එක හා සමාන මානසික තත්වයක් ඇති කරලීම සන්නිවේදනය යනු එම නිර්වචනයයි.
මෙම නිර්වචනය පිළිබදව පැහැදිළි කිරීමක් කිරීමේදී ශ්රාම් මෙහි දෙපාර්ශවයක් යනුවෙන් හඳුන්වන්නේ සන්නිවේදකයා හා ග්‍රාහකය යි. එක් පාර්ශ්වයක සන්නිවේදකයා සිටින අතර තොරතුරු ගැබ්සංඥාව යනු සංදේශයයි.මෙම තොරතුරු ගැබ්ව ඇති ඒ සංඥාව තුළ එම සංඥාව දෙපාර්ශවය අතර හුවමාරු වන බව ශ්රාම් විස්තර කරයි. එසේම විල්බර් ශ්රාම් තම නිර්වචනයේ ඵලය හෙවත් බලපෑම පිළිබඳවද අවධානය යොමු කරයි. එනම් සමාන මානසිකත්වයක් ඇති කරලීමයි.
සන්නිවේදනය දෙස සියලුම අංශ නියෝජනය වන අයුරින් විමර්ශනයට ලක් කොට ඇති මොහු සන්නිවේදය විධිමත් අඩිතාලමක් කරා ගෙන ඒමට පුරෝගාමී වූ දාර්ශනිකයෙක් ලෙස පෙන්වා දිය හැක.තවද සන්නිවේදන අධ්‍යනයේ විධිමත් ලෙස ආයතනගත කිරීමට මෙන්ම සන්නිවේදන විෂය ප්රමුඛ දායකත්වයක් සපයන ලද පුද්ගලයා වන්නේ මහාචාර්ය විල්බර් ශ්‍රාම්ය. එය ඔහු විසින් සන්නිවේදන අධ්‍යනය විධිමත් ආකාරයට අධ්‍යනය කිරීමට අවශ්‍ය පදනම සකස් කරනු ලැබීය.සන්නිවේදන අධ්‍යන ක්ෂේත්රයේ විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කළ ශ්රාම් පරීක්ෂකයෙකු ලෙස ද විෂය පෝෂණය කරන ලදී.සන්නිවේදන විෂය දෙස නව දෘෂ්ටිකෝණයකින් බැලීමට අවශ්‍ය පරිසරය ඔහු විසින් ගොඩ නගන ලද්දේ යැයි සඳහන් කළ හැකිය.
විල්බර් ශ්රාම් විසින් 1948දී.ඉලිනෝයි විශ්ව විද්‍යාලයහි සන්නිවේදන පර්යේෂණ ආයතනය නම් ආයතනය පිහිටුවනු ලැබීය ඔහු එම ආයතනයේ අධ්යක්ෂවරයා ද විය.1947 සිට 1955දක්වා ඉලිනෝයි විශ්ව විද්‍යාලයහි සන්නිවේදන අධ්‍යනය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස ද ඔහු කටයුතු කළ අතර ඉන් පසුව 1955 දී ස්ටැන්ෆර්ඩ් පර්යේෂණ ආයතනයේ අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ අතරම ජාත්‍යන්තර සන්නිවේදනය පිළිබඳ මහාචාර්යවරයා ලෙස ද කටයුතු කරන ලදී . තුන්වන ලෝකයේ රටවල සංවර්ධනයට සන්නිවේදනයේ දායක කර ගත හැකි බව තේරුම් ගත් මුල්ම පුද්ගලයාද වන්නේ විල්බර් ශ්රාම් ය.1964 දී විල්බර් ශ්රාම් හා ඩැනියල් හවායි නුවර දී විශාල සම්මන්ත්‍රණයක් සංවිධානය කළ අතර ඒ නමින් පොතක් ද නිකුත් කරන ලදී. එහිදී ශ්රාම් පහත කරුණු අවධානයට ලක් කොට තිබේ.
තුන්වන ලෝකයේ රටවල පාසල්වල ජනසන්නිවේදනය පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම තුළින් ජන ජීවිතය පරිපූර්ණත්වයට පත් කළ හැකිය යන්න.
අධ්‍යාපන ක්ෂේත්රයට හා අනෙකුත් සංවර්ධනය සඳහා උරදෙන ආයතන වලට ජනසන්නිවේදනය පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම තුළින් වඩා හොඳ ඵලදායිතාවක් ලබාගත හැකි බව.
ජාතික සංවර්ධනය උදෙසා ජනශක්ති සන්නිවේදනයේ විශාල පිටුවහලක් වන බව.
වසර දහයක පමණ කාලයක් තිස්සේ මෙම ග්‍රන්ථයේ සංවර්ධනය වන රටවල සන්නිවේදන පසුබිම හැදෑරීමට උසස්ම ගනයේ කෘතියක් ලෙස ලොව පුරාම භාවිත වන්නට විය.වසර 10 දහයකට පසු මුල් සමසම්මන්ත්රණයේ අදහසක් ගොනුකොට සන්නිවේදනය හා විපරිනාමය පසුගිය දස වසර සහ ඉදිරිය දස වසර නම් ග්‍රන්ථය පළ කෙරිණි. ලොව පුරා සන්නිවේදන අධ්‍යනය විධිමත් ලෙස ආයතන ගත වීමට අවශ්‍ය පදනම මෙමගින් සකස් කරනු ලැබූ බව සඳහන් කළ හැකිය.
1900 අවසාන දශකය වන විට විධිමත් ලෙස පාඨමාලා ගතව සන්නිවේදන අධ්‍යයනයේ විශ්වවිද්‍යාලය තුළ අධ්‍යයනය කිරීමට ලොව පුරා විසිරී යන ලදි.1970 දශකයෙන් පසුව සන්නිවේදන අධ්‍යයන විෂය කෙරෙහි ප්රමුඛත්වයක් යුරෝපීය විශ්වවිද්‍යාලය ලබාදෙන ලදී. යුරෝපය තුළ පමණක් 1970 දී ජන සන්නිවේදනය ප්‍රථම උපාධිය විශාල පිරිසක් හදාරන ලදී.1990දශකයේ මුල් කාර්තුවේදී ජනසන්නිවේදන අධ්‍යනය හැදෑරූ පිරිස50000 ක් ලෙස ලෝකයෙන් වාර්ථා වේ.
1970 දී වසරකට මෙම විෂයෙන් ප්රදානය කරන ලද උපාධි සංඛ්‍යාව 1700 ක් වු අතර අද වන විට එය 4000ක් දක්වා ඉහළ ගොස් ඇත. ඇමෙරිකාව තුළ පමණක් ඇති විශ්වවිද්‍යාල මගින් එනම් කොලොම්බියා, හාවඩ් ආදී ලොව ප්රමුඛ පෙළේ විශ්වවිද්‍යාලය මගින් වසරකට ආචාර්ය උපාධි දෙසිය පනහක් පමණ අද වනවිට පිරිනමනු ලබයි. එසේම ඇමරිකාව තුළ ප්රමුඛ විෂයක් ලෙස ජනසන්නිවේදනය හැදෑරීමට අවකාශ ඇති විද්‍යාතන හා දෙපාර්තමේන්තු ගණන අද වෙනවිට 2000 කට අධිකය.
තවද අද වනවිට වෙස්ටර්සිටී, වේල්ස්,වේස්මිනිස්ටර් ආදී බ්‍රිතාන්‍ය ප්රමුඛ විවිශ්වවිද්යාල රාශියකම මෙම විෂය සඳහා ප්‍රථම උපාධි හා පශ්චාත් උපාධි පිරිනමනු ලබයි.සුප්‍රකට වෙස්ටර් විවිශ්වවිද්යාලය සතුව යුරෝපයේ ජනප්‍රියම සන්නිවේදන පාඨමාලාව පවතින අතර එම සරසවියේම මගින් යුරෝපය තුල එම විෂය සඳහා පවතින ගෞරවනීයම උපාධිය ද පිරිනමනු ලබයි.
යුරෝපය තුළ සන්නිවේදන අධ්‍යනය මුලින්ම ආරම්භ වී ආයතන ගත වීම සිදු වූ අතර අද වන විට ආසියානු ,අප්‍රිකානු, ලතින් ඇමරිකානු හා කැරිබියානු ආදී රටවල ද විශ්ව විද්‍යාල පාඨමාලා ගතව අධ්‍යයන කටයුතු සිදුකරන හා උපාධි ප්රදානය කරනු ලබයි. විශේෂයෙන්ම ඉහතින් ද සඳහන් කරන ලද අන්දමට විල්බර් ශ්‍රාම්ගේ මැදිහත්වීම තුළින් ජන සන්නිවේදනය විෂයෙහි ඇති වූ ප්රබෝධය මේ සඳහා සෘජුවම බලපාන්නට ඇත.
මේ අනුව පැහැදිලි වන්නේ විල්බර් ශ්රාම් සන්නිවේදන විෂය වෙනුවෙන් සිදු කරන ලද මෙහයයි.
සටහන:හිමාෂා නෙත්මිණි